• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා-බැසිල් ‌කොටවන්න නලින්ට පුළුවන්ද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 14, 2020
in Exclusive, Gurudawa
Reading Time: 1 min read
A A
ගෝඨා-බැසිල් ‌කොටවන්න නලින්ට පුළුවන්ද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍යවල වෙබ් අඩවිවල නැඟී එන තරුව බවට පත්ව ඇත්තේ මහාචාර්ය නලින් ද සිල්වාය. ඔහු තමාගේ පොදු සතුරා ලෙස සලකන රාජ්‍ය නොවන සංවිධාන නඩත්තු කරන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටුවලද දීප්තිමත් තරුවකි.
‘මහාචාර්ය නලින් රාජපක්‍ෂ පවුල පුපුරුවන බෝම්බයට වෙඩි නූල තියාවි’
ඔවුන් එලෙස කියන්නේ බොහොම ආඩම්බරයෙනි. ඔවුන්ට දැන් නලින්ව පෙනෙන්නේ ඔවුන්ගේ ගැලවුම්කාරයා ලෙසය. හේතුව නලින් ගෝඨාභය සහ බැසිල්වත්, ගෝඨාභය සහ මහින්දවත් කොටවන්න ලොකු ගේමක් ගහන නිසාය. ඔහු පසුගියදා සිය ‘කාලය’ ලිපි පෙළේ අලුත්ම ලිපියෙන් කීවේ ගෝඨාභයව ජනාධිපති ධුරයෙන් ඉවත් කොට ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න රාජපක්ෂ කෙනෙක් ගැනය. ඔහු නොකියා කීවේ බැසිල් ගැනය. ගෝඨාභය නලින්ව තෝරා පත්කර මියන්මාරයේ තානාපති ධුරය දීම නිසා යූ.ඇන්.පී.කාරයන් හිතන්නේ ගෝඨාභයයි නලින් අතර, ගෝඨාභයයි බැසිල් අතර තියෙන සහෝදරකමට වඩා ලොකු දේශපාලන සම්බන්ධයක් ඇතැයි කියාය.
‘කවුද මේ මහාචාර්ය නලින්..”
නලින් ද සිල්වාව රටම දැන ගන්නේ 87-88 ජ.වි.පෙ. භීෂණ සමයේ කොළඹ විශ්වවිiාලය තුළ ජ.වි.පෙ. චින්තනය වෙනුවෙන් පෙනී සිටිමින්ය. එකල නලින් ද සිල්වා සහ ප්‍රකට ලේඛක ගුණදාස අමරසේකර, ජ.වි.පෙ. හඳුන්වන්නේ 56 දරුවන් ලෙසය. ඔවුන්ගේ චින්තනය නම් ජ.වි.පෙ. සහ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් ශ්‍රීල.නි.ප.ය සන්ධානගත විය යුතු බවය. ජ.වි.පෙ. 1980 ජනාධිපතිවරණයේදී ශ්‍රීල.නි.ප. අපේක්‍ෂිකා බණ්ඩාරනායක මැතිනිය පරාජය කිරීමට තීරණය කිරීමෙන් පසු නලින්ලා ජ.වි.පෙ. චින්තනයෙන් හැලෙයි. එසේම මැතිනියගේ 1988 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදීමේදී කුමාර් පොන්නම්බලම් ඉටු කළ කාර්යභාරය නිසා නලින්ලා මැතිනිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.
ප්‍රේමදාස ජය ගැනීමෙන් පසු නිහඬ වන නලින් ද සිල්වලා යළි හිස ඔසවන්නේ ප්‍රේමදාස ජ.වි.පෙ. මර්දනය කළාට පසු පණ බේරා ගත් ජ.වි.පෙ. සාමාජිකයන්ගේ බලය සියතට ගන්නටය. මේ කාලයේ නලින් ද සිල්වලා සහ ශ්‍රීල.නි.ප.යේ හෙළ උරුම කල්ලියට නායකත්වය දුන් තිලක් කරුණාරත්නලා වැඩ කරන්නේ එකටය. ඔවුහු පණ බේරා ගත් ජ.වි.පෙ. සාමාජිකයන් සහ ශ්‍රීල.නි.ප. හෙළ උරුම කල්ලිය පූට්ටු කොට රෝද පුටුවෙන් ගිය පක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනියව සිය පාලනයට ගැනීමට උත්සාහ දරමින් සිටියහ. මේ සඳහා ඔවුහු අනුර සහ මහින්දවද පාවිච්චි කරමින් සිටියහ. නලින්ලා සහ තිලක්ලාගේ උත්සාහය අසාර්ථක වන්නේ ලන්ඩනයේ සිට චන්ද්‍රිකා පැමිණීමත් සමඟය. ඇය ශ්‍රීල.නි.ප.ය තුළ හෙළ උරුම මතවාදයට එරෙහිව සුළු ජන හිතවාදී මතයක් හදන්නේ ඊළඟ ජනාධිපතිවරණය දිනන්න නම් සුළු ජාතික ඡන්ද අවශ්‍ය බව ශ්‍රීල.නි.ප. පාක්‍ෂිකයන්ට තේරුම් කර දෙමිනි. 1991දී ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට විපක්‍ෂයට එන ලලිත් සහ ගාමිණී දිහාත් නලින්ලාගේ, තිලක්ලාගේ හෙළ උරුම කල්ලිය බලන්නේ වපර ඇසකිනි. ඒත් ඒ වෙනකොට වසර 14ක් විපක්‍ෂයේ සිටි ශ්‍රීල.නි.ප.ය යළි බලයට ගෙන එන්න ශ්‍රීල.නි.ප.යේ චන්ද්‍රිකා කල්ලිය ලලිත්ලා, ගාමිණීලා දොහොත් මුදුන් දී පිළිගනු ලැබීය. ඔවුන් කෙසේ හෝ බණ්ඩාරනායක මැතිනියවද තම මතයට නම්මවා ගන්න සමත් විය. නලින් ද සිල්වලා, ගුණදාස අමරසේකරලා, ශ්‍රීල.නි.ප.ය දැන් හිස නැති කවන්ධයක් කියා මැතිනියට පහර ගහන්නේ මැතිනිය චන්ද්‍රිකාගේ කල්ලියට සමීප වීම ඉවසා ගත නොහැකිවය. මැතිනිය ඔවුන්ට පෙරළා පහර දෙන්නේ නලින්ලාගේ, තිලක්ලාගේ හෙළ උරුමය සහ ජාතික චින්තනය යූ.ඇන්.පී. කොන්ත්‍රාත්තුවක් කරන බව පවසමිනි. ඇය තිලක්ගේ පක්‍ෂ සාමාජිකත්වය පවා අහෝසි කරන්නේ තිලක්ලා, නලින්ලා ශ්‍රීල.නි.ප.ය භේද භින්න කොට ප්‍රශ්න හදන නිසාය.
නලින් චන්ද්‍රිකා, ලලිත් සහ ගාමිණීලා සමඟ වෛර බැඳගන්න ප්‍රධාන හේතුවක් වන්නේ එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජී. එල්. පීරිස් නලින් කොළඹ විශ්වවිද්‍යාලය තුළ නීති විරෝධී දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වෙමින් විශ්වවිද්‍යාල භූමිය තුළම ළමයින්ට දේශපාලන පන්ති පවත්වනවා කියා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නලින්ව ඉවත් කිරීම නිසාය. මේ වෙන කොටත් ජී. එල්., ලලිත්, ගාමිණීලාට සහ ශ්‍රීල.නි.ප.යේ චන්ද්‍රිකා කල්ලියට සමීපව වැඩ කරන බව තේරුම් ගන්නා නලින් චන්ද්‍රිකාට සහ ලලිත් – ගාමිණීලාට ශ්‍රීල.නි.ප. බලය අල්ලාගත නොහැකි වන සේ තිලක්ලාගේ හෙළ උරුමය හරහා පක්‍ෂය තුළ ගැටුම් නිර්මාණය කරමින් සිටී. ප්‍රේමදාස ඝාතනයෙන් පසු පැවැති පළාත් සභා ඡන්දය දිනා චන්ද්‍රිකා ශ්‍රීල.නි.ප.යේ බලය සියතට ගනිද්දී නලින්ලා වැඩ කරන්නේ සිංහල බෞද්ධයන්ගේ වීරයා බවට පත් වෙන්න උත්සාහ දරමින් සිටි ජනාධිපති ඩී. බී. විජේතුංගටය. තිලක් ඇතුළු හෙළ උරුම කල්ලිය යූ.ඇන්.පී. ආණ්ඩුවට සම්බන්ධ වී විජේතුංගගේ නායකත්වය පිළිගන්නේ විජේතුංගගේ දෑත් ශක්තිමත් කරන ලෙස නලින්ලා දුන්න තියරියට අනුවය. අනුරත් විනාශ වන්නේ ඒ මඟම ගිහින්ය. ඒ වෙලාවේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ්ද නලින්ලාගේ උපදෙස් මත චන්ද්‍රිකා සහ ශ්‍රීල.නි.ප.ය පරාජයට පත් කරන්න වෙනම ඉල්ලන්නේ චන්ද්‍රිකා යූ.ඇන්.පී. යටතේ වඩා භයානක යැයි කියමිනි. 1999 මහ මැතිවරණයේදී නලින්ලාගේ ජාතික චින්තන තියරියට අනුව වැඩ කළ විජේතුංග ළඟට ගිය ශ්‍රීල.නි.ප. හෙළ උරුම කල්ලිය සහ ශ්‍රීල.නි.ප. ඡන්ද කඩන්න වෙනම තරග කළ දිනේෂ්ලා අන්ත පරාජයකට පත් වූහ. දිනේෂ්ට මන්ත්‍රී ධුරයත් අහිමි විය.
එතැන් සිට නලින්ලා බලන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනියත්, ජනාධිපතිනි චන්ද්‍රිකාත් අතර ප්‍රශ්න හදන්නටය. ජී. එල්.ගේ පැකේජයට එරෙහිව පෙරට එන ලෙස ඔවුන් දිනේෂ් සහ අනුර යොදවා මැතිනියව උසිගන්වන්න හැදුවත් ඇය සටනට එන්නේ නැත. ඔවුන් මහින්ද රාජපක්‍ෂව කරේ තියාගත්තේ ඉන් පසුවය.
2005 මහින්ද ජනාධිපති වන අතර නලින් ද සිල්වාට කොළඹ විශ්වවිද්‍යාලයේ රස්සාව යළි ලැබෙයි. මහින්ද 2009 යුද්ධය දිනා උතුරේ දමිළ ජනතාවට බලය බෙදන්න යද්දී ඊට එරෙහිව නලින් ද සිල්වලා උසිගන්වන්නේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ විමල් වීරවංශවය. තිලක් කරුණාරත්නලා ඇතුළු ශ්‍රීල.නි.ප.යේ හෙළ උරුම කල්ලිය දේශපාලන වශයෙන් විනාශ වූවාට පසු නලින්ලා සෙට් වෙන්නේ විමල්ගේ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සමඟය. 2008දී ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජ.වි.පෙ. ගතයුතු මඟ ගැන සංවාදයක් යද්දී විමල්ලා ජ.වි.පෙ.න් එළියට ඇවිත් එකතු වන්නේ නලින්ලාගේ, ගුණදාස අමරසේකරලාගේ දේශ හිතෛෂිය සමඟය. බලය බෙදීමට එරෙහිව නලින්ලා මහින්දගේ ආණ්ඩුව තුළ කල්ලි කණ්ඩායම් හදද්දී 2015 මහින්ද පරාජය වෙයි.
මහින්දගේ පරාජයට පසු ශ්‍රීල.නි.ප. නායකත්වයට මෛත්‍රිපාල පත්වෙයි. මෛත්‍රිපාල ශ්‍රීල.නි.ප. නායකත්වයට පත්වූ පසු නලින් ද සිල්වලා කීවේ ශ්‍රීල.නි.ප.ය මියගිය බවය. ‘ශ්‍රීල.නි.ප.ය මැරුවේ මෛත්‍රිපාලයි‘ යන සිරස්තලය යටතේ 2016 අප්‍රේල් 30දා නලින් ද සිල්වා ලියන ලිපියක මෙසේ සටහන් වෙයි.
‘එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව ශ්‍රීල.නි.ප. පක්‍ෂය මරා දැමීමට තවත් සැලැස්මක් මත ක්‍රියා කළේය. බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඊනියා ආධිපත්‍යයට විරුද්ධව යෑමට කියමින් ශ්‍රීල.නි.ප.යේ ආත්මාර්ථකාමී නිල ලෝභීන් එකතු කිරීමට ඔවුහු සමත් වූහ. ඒ අතර ඊනියා රාජපක්‍ෂ රෙජිමයට එරෙහිව භීෂණ, දූෂණ චෝදනා ප්‍රචාරය කළහ. 2014 අගභාගය වන විට සැලැස්ම (එය කුමන්ත්‍රණයක් නොවේ) මල්පල ගැන්විණි. මව් මරා උපන් කෙහෙල් මල මෙන් මෛත්‍රිපාල ශ්‍රීල.නි.ප.ය මරා දමා රනිල්ට එකතු වී රනිල්ගේ ආධිපත්‍යය පිළිගත්තේය. එනම් ඇංග්ලිකන් සංස්කෘතියේ ආධිපත්‍යය පිළිගත්තේය. අද ඔහු යටතේ ඇති ශ්‍රීල.නි.ප. මළකුණට ජාතිකත්වයක් නැත. දෙමළ ජාතිවාදය රිසි ලෙස රාජ්‍යයට හා සිංහල බෞද්ධ සංස්කෘතියට අභියෝග කරයි. මෛත්‍රිපාල ශ්‍රීල.නි.ප.ය මරා දැමීමට පෙර එය මියගියේ යැයි කීම නිවැරැදි නොවේ.
මේ මළකුණට නැවැත පණ දීමට නොහැකිය. එය කරගහගන්නා ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මහින්ද රාජපක්‍ෂට උපදෙස් දෙන බව පැහැදිලිය. මහින්ද කළ යුත්තේ වෙනත් නව සංවිධානයක නායකයා වීමය. අද සිංහල ජාතියට නව දේශපාලන සංවිධානයක් අවශ්‍ය වෙයි. එවැනි සංවිධානයකට විරුද්ධ වන්නන් උත්සාහ ගන්නේ සිංහල ජාතියද මරාදැමීමටය.’
නලින් පමණක් නොව එකල ඒකාබද්ධ විපක්ෂයේ සිටි සමහරුන්ද මහින්දට කීවේ මෛත්‍රි සමඟම ශ්‍රීලනිපයට මියයන්න ඉඩදී අලුත් පක්ෂයක් හදමු කියාය. ඒත් බැසිල් මහින්දගේ උපදෙස් මත 2015 මහ මැතිවරණයට ශ්‍රීලනිපයෙන් තරග කරන්න ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළේය. 2015 මහ මැතිවරණය ආසන්නයේ මෛත්‍රි ශ්‍රීලනිප ලේකම්ව වෙනස් කරමින් මෛත්‍රිගේ ගෝලයන් ජාතික ලැයිස්තුවට පත්කරමින් නටපු නාඩගමට පසු අලුත් පක්ෂයක් හැදිය යුතු බව බැසිල් මහින්දට ඒත්තු ගැන්වූයේය. අලුත් පක්ෂයක් ඕනෑ කී නලින්ලා බැසිල්ගේ පොදුජන පෙරමුණට ගහන්න පටන් ගත්තේ බැසිල් පොදුජන පෙරමුණේ සභාපති ලෙස නලින්ද සිල්වාගේ උපන් ගෙයි වෛරක්කාරයකු වූ මහාචාර්ය ජී.එල්. පීරිස්ව පත්කිරීමෙන් පසුවය. නලින්ට, ජී. එල්. සමඟ වෛරය පටන් ගත්තේ ජී. එල්. නලින්ව කොළඹ විශ්වවිiාලයෙන් ඉවත් කළ දින පටන්ය.
මෙතැන් සිට නලින්ට මෛත්‍රිව පේන්නේ 1993 විජේතුංගව පෙනුණා වගේය. ඔහු මහින්දට මෛත්‍රි සමඟ එකතු වෙන්න බල කරයි. පොහොට්ටුව විජාතික පක්‍ෂයක් බවත්, බැසිල් ජාතික පක්‍ෂය වූ ශ්‍රීල.නි.ප.ය මරන්න යන බවක් කියමින් මහින්ද සහ මෛත්‍රි එක් වී ශ්‍රීල.නි.ප.ය බේරා ගතයුතු බව ඔහු කියන්නේ මෛත්‍රිපාල ශ්‍රීල.නි.ප.ය මරා දැම්මා යැයි කියා වසරක් දෙකක් ගතවීමටත් පෙරය.
1993 විජේතුංගට සමීප වූවා සේ මෛත්‍රිට සමීප වන නලින්ලා හදන්නේ මහින්දව අගමැතිකමට අන්දවා මෛත්‍රිව 2019 ජනාධිපති කරන්නටය. 2018 මහින්ද අගමැති කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය එහි ප්‍රතිඵලයක්ය. 2019 ජනවාරි 31 තමාගේම වෙබ් අඩවියට ලිපියක් ලියන නලින් ද සිල්වා කියන්නේ රාජපක්‍ෂ යුගය අවසන් වෙමින් පවතිනවා කියාය. එම ලිපියේ සිරස්තලයත් ‘රාජපක්‍ෂ යුගයේ අවසානය’ය. නල ින් ද සිල්වලා හිතුවේ රාජපක්‍ෂ යුගය ඉවර කරල මෛත්‍රි යුගයක් හදන්නටය. මහින්දව බොරුවට අගමැති කරලා මෛත්‍රිව 2019 ජනාධිපති කරලා මහින්දව අයින් කරලා දිනේෂ්ව අගමැති කරන්නටය. මේ කාලයේ නලින් ද සිල්වලාට ගෝඨාභය කෙනෙක් ඉන්නවාද කියලවත් වගක් තිබුණේ නැත. නලින්ලා උස්සගෙන ගියේ මෛත්‍රිවය. නලින්ලාට යළිත් ගෝඨාභයව මතක් වුණේ පාස්කු බෝම්බයෙන් මෛත්‍රිපාල හතර ගාතේ වැටුණු විටදීය. දැන්නම් ගෝඨාභයගේ හොඳ කාලය එනවා කියා නලින්ලා ගෝඨාභයට සමීප වූහ.
ඒත් ගෝඨාභය ජනාධිපති වුණේ බැසිල් හදපු පොදුජන පෙරමුණ සහ මහින්දගේ ජනප්‍රියත්වය නිසා බව නලින්ලා දනී. පාස්කු බෝම්බය පුපුරවන තෙක් මෛත්‍රි ජනාධිපති කොට ගෝඨාභයලා මෛත්‍රි යටතේ ආරක්‍ෂක ලේකම් කරවන්න හදපු නලින්ලා දැන් උත්සාහ කරන්නේ ජනාධිපති ගෝඨාභය යටතේ මෛත්‍රිට තැනක් හදල දෙන්නටය. ඒකට බාධා කරන බැසිල්ව සහ පොදුජන පෙරමුණේ නායකයන්ව නලින්ලාට පේන්නෙ මාර සේනාව වගේය. මෛත්‍රිව එළවන්න හදන්නේ ගෝඨාභය විරෝධියෙක් කියා නලින් සිය නවතම ලිපියෙන් ගහන්නේ බැසිල්ටය. ඔහු කියන්නේ බැසිල් ගෝඨාභය ඉවත් කොට ජනාධිපති වෙන්න හදනවා කියාය.
‘ගෝඨාභය මේ කතාව පිළිගනියිද..?’
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි අද මෛත්‍රිට එළිපිට ගහන ප්‍රසන්න රණතුංගලා, රොෂාන් රණසිංහලා එදා මෛත්‍රි ජනාධිපතිකම් කරන වෙලාවේත් බය නැතුව මෛත්‍රිට ගහපු අයය. ඒ කාලයේ මෛත්‍රිට ගහන්න කොන්ද තිබුණේ ඔවුන්ට පමණි. අනෙක් හැමෝම හිටියේ මෛත්‍රි එක්ක ඩීල් දමාගෙනය. ඔවුන් මෛත්‍රිට ගහල පොහොට්ටුව හදන්න බැසිල්ට හයිය නොදුන්නා නම් අද ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති පුටුවේ නැත. හේතුව මේ හැමෝම නලින් කියන විදියට ජාතික පක්‍ෂය කියා ශ්‍රීල.නි.ප.ය ආරක්‍ෂා කළා නම් ජනාධිපති අපේක්‍ෂක කවුද කියල තීරණය කරන්නේ ශ්‍රීල.නි.ප.යය. එහෙනම් අපේක්‍ෂකයා මෛත්‍රිය. නැත්නම් මෛත්‍රි නම් කරන රාජපක්‍ෂ නොවන කෙනෙකි. ගෝඨාභයට මේ ඇත්ත නොතේරෙනවා නම් පුදුමය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අතීත හෙළයාගේ සිතුවම් කලාවේ සැඟවුණු කතාව

Next Post

සංදේශ කවියාගේ සොඳුරු නවාතැන

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.