සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හට මහතා එම තනතුරින් ඉවත් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දීමක් කොට ඇත.Sri Lanka Latest News
ජනාධිපතිවරයා කියුබා සහ අමෙරිකානු සංචාරයන් සදහා නික්ම යාමට ප්‍රථම කෙහෙළිය රඹුක්වැල්ල මහතා හට මෙම දැනුම් දීම කර ඇති බව පැවසේ.
ඒ අනුව ලබන 30 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට ථිරණය කොට ඇති බවත්, එය ලිඛිතව ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට සූදානමින් සිටින බවත් දැනගන්නට අත.
ඒ අනුව නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස බොහෝ දුරට වෛද්‍යවරයකු වන රමේෂ් පතිරණ මහතා පත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.










