කියුබාවේ පැවැති ජී 77 සමුළුවට සහ අමෙරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී සති අන්තයේ ශ්රී ලංකාවට පැමිණෙන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබන සතියේ ජර්මනියේ සංචාරය කිරීමට නියමිතය.Sri Lanka Latest News
ඒ ජර්මනියේ පැවැත්වෙන ‘බර්ලින් ග්ලෝබල්’ සමුළුවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ ආරම්භක අදහස් දැක්වීම සඳහාය.
එහිදී ජනාධිපතිවරයා ජර්මනි චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ අනෙකුත් දේශපාලන සහ ව්යාපාරික නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව පැවසේ.










