• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මහින්ද වගේ UN යාම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News‍

September 23, 2023
in Exclusive, Gurudawa
Reading Time: 9 mins read
A A
මහින්ද වගේ UN යාම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී සහභාගි වූ පළමු එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ සමුළුව වූයේ 2015 සැප්තැම්බර් සමුළුවය. මෛත්‍රීගේ එම සංචාරය රනිල්ගේ මාමාගේ පත්තරය වන ‘සන්ඩේ ටයිම්ස්’ විවේචනය කළේ මෙලෙසය.
‘සිරිසේන ඔබත් රාජපක්ෂ වගේද නිව්යෝර්ක් යන්නේ?’ Sri Lanka Latest News‍
සන්ඩේ ටයිම්ස්
06.09.2015

සන්ඩේ ටයිම්ස් පුවත්පත මෛත්‍රීපාලගේ නිව්යෝර්ක් සවාරිය සම කළේ මහින්ද රාජපක්ෂගේ නිව්යෝර්ක් සවාරියටය. මහින්ද 2015 ජනාධිපතිවරණයේදී මහජන අප්‍රසාදයට පත්වෙන්න එක් ප්‍රධාන හේතුවක් වූයේ මහජන මුදලින් ඔහුගේ මැති ඇමැතිවරු, බිරින්දෑවරු, උපදේශකයන් නිව්යෝර්ක් ගෙන යන නිව්යෝර්ක් සංචාරයටය. මේ සංචාරවලින් මහජන මුදල් කාබාසිනියා වන හැටි එවක විපක්ෂ නායක රනිල් සහ විපක්ෂයේ සිටි යූ.ඇන්.පී.ය රස කර කර කීහ. 2015 මහින්ද පරාජය වී මෛත්‍රීපාල ජනාධිපති වූ පසු හැමෝම ඇහැගහගෙන හිටියේ ඔහුගේ නිව්යෝර්ක් සංචාරය දෙසය. ඔහුත්, බිරිය වෙනුවට පුතාත් මැති ඇමැතිවරුත් රැගෙන පළමු නිව්යෝර්ක් සංචාරයට ගියේය.

‘මෛත්‍රී නුඹත් මහින්ද වගේද…?’ කියා රනිල්ගේ මාමාගේ පත්තරය වන ‘සන්ඩේ ටයිම්ස්’ ඇසුවේය.

‘දහම් සිරිසේන යූ.එන්. එකේ මොකක්ද කරන්නේ…?’
මේ, රනිල්ගේ මාමාගේ ‘ඩේලි මිරර්’ පුවත්පත ප්‍රශ්න කළ ආකාරයය.

මෛත්‍රීපාල ජනාධිපතිවරයා සාමාන්‍ය ගුවන් යානාවක නිව්යෝර්ක් ගියත් ඔහු සමග ඔහුගේ පුතා නිව්යෝර්ක් ගිය ගමන ගැන කිසිදු ප්‍රකාශයක් කර නැත. මේ ගමන දහම්ට පුද්ගලිකව වාසිසහගත වෙතත් මෙරට මහජනතාව මෙය අනුමත නොකරනු ඇත.
ඩේලි මිරර්
29.09.2015

මෙයට පිළිතුරු දෙමින් දහම් සිරිසේන මුහුණු පොතේ සටහනක් තැබුවේ ඔහුගේ මව වෙනුවෙන් ඔහු මෙම සංචාරයට පියා සමග එක්වූ බවය.

දැන් රනිල් ජනාධිපති වී ඇත. ජනාධිපති වී රනිල් ගිය පළමු එක්සත් ජාතීන්ගේ සංවිධාන සමුළුව මෙවර සමුළුවය. රනිල් සමග මේ සමුළුවට රනිල්ගේ මස්සිනා වූ ‘ඩේලි මිරර්’, ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත් හිමි රුවන් විජයවර්ධනද, ඔහුගේ තවත් සමීපතම උපදේශකයන්ද, පොහොට්ටුවේ හිටපු මැති ඇමැතිවරුන්ද, සමගි ජන බලවේගයෙන් කඩාගත් සුරේෂ් වඩිවේල් මන්ත්‍රීවරයාද සහභාගි වී ඇත. සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රීද සංචාරයට සහභාගි කරගැනීමට සැලසුම් කළත් අවසන් මොහොතේ ඔහු රනිල් සමග සමුළුවට යෑම ප්‍රතික්ෂේප කළේය.

නිව්යෝර්ක් යන්න බිස්නස් ක්ලාස් ටිකට් සහ හෝටල් ඇතුළු සුර සැප දී මන්ත්‍රීවරු බිලීබා ගන්නා වැඩේ පටන්ගත්තේ මහින්ද රාජපක්ෂය. ඔහු 2010 දෙවැනි වරට ජනාධිපති වී ගිය පළමු යූ.එන්. සංචාරයට විපක්ෂයේ මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංගව රැගෙන ගියේය. යූ.ඇන්.පී.ය තුළින් එයට දැඩි විරෝධයක් ආවත් රනිල් ජෝන්ගේ එම සංචාරයට එතරම් විරෝධයක් පළ නොකළේ පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් මර්දනය කිරීමට මහින්දගේ සහාය ලබාගන්න ජෝන් උදව් කළ නිසාය.

2015 මෛත්‍රී ජනාධිපති වී යූ.ඇන්.පී. මන්ත්‍රීවරු රනිල්ට එරෙහිව දිනාගන්න ඔවුන්ව නිව්යෝර්ක් රැගෙන ගියේය. ඔහු එලෙස තෝරාගත් යූ.ඇන්.පී. මන්ත්‍රීවරු රැගෙන ගියේ රනිල්ගේ අනුදැනුමකින් තොරවය. අවසානයේ ජනාධිපති මෛත්‍රී සමග විදේශ සංචාර යන යූ.ඇන්.පී. මන්ත්‍රීවරු පක්ෂයෙන් අවසර ගත යුතුව ඇතැයි නිවේදනයක් නිකුත් කළත් යූ.ඇන්.පී. මන්ත්‍රීවරු එය මායිම් නොකොට මෛත්‍රී සමග යූ.එන්. ගියේය.

දැන් රනිල්ද පොහොට්ටුවේ මන්ත්‍රීවරු දිනාගන්නත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දිනාගන්නත් පාවිච්චි කරන්නේ යූ.එන්. කැරට් අලයය.

මේ මන්ත්‍රීවරු වේවා, උපදේශකයන් වේවා, ඥාතීන් වේවා යූ.එන්. යන්නේ තමන්ගේ පොකැට්ටුවේ සල්ලිවලින් නොව මහජන මුදලින්ය. රට බංකොලොත් වී ඇති නිසා ඇමැතිවරුන්ගේ නිලධාරීන්ගේ විදේශ සංචාර සීමා කරන්න යැයි ජනාධිපති ලේකම් චක්‍රලේඛ ගහපු බව හැමදාම මාධ්‍ය නිවුස් පළ කරයි.

‘එතකොට පොහොට්ටුවේ මන්ත්‍රීවරුයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුයි ගෙන යන්න සල්ලි කොහෙන්ද…?’

රනිල් 2003 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට අගමැති ලෙස සහභාගි වූ විට එවක ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් ඔහුට ධවල මන්දිරයට විශේෂ සංචාරයක් සඳහා එන්න ආරාධනා කළේය. රනිල් යූ.එන්. ගියේ සැප්තැම්බරයේය. නොවැම්බරයේ රනිල් බුෂ් හමුවීමට ධවල මන්දිරයට ගියේය. බුෂ් රනිල්ට අපූරු කතාවක් කීවේය.

‘මම දැකලා තියෙනවා අප්‍රිකානු රටවල ජනාධිපතිවරු පිටින් යාළු මිත්‍රයෝ අරගෙන යූ.එන්. එනවා. මට ඔවුන්ට අතට අත දෙන්නත් හිරිකිතයි. මොකද මම දන්නවා ඔවුන් වියදම් කරන්නේ අප්‍රිකාවෙ කන්න නැතිව දුක් විඳින මහජනතාවගේ සල්ලි කියලා…’ මේ, බුෂ් රනිල්ට කිව්ව කතාවය.

‘රනිල්ට මේ කතාව මතක නැද්ද..,?’

අගමැති වෙලා යූ.එන්. ගිය රනිල්ව හමුවූ ඇමෙරිකානු ජනාධිපති රනිල්ට ධවල මන්දිරයට එන්න යැයි නිල ආරාධනයක් කළේය. රනිල් එහි ගියේය. රනිල්ට ඉහළ පිළිගැනීමක් ලැබිණි.

‘ඇයි දැන් රනිල්ට ඒ ඉහළ පිළිගැනීම ලැබුණේ නැත්තේ…?’

ඒකට ප්‍රධාන හේතුව රනිල් මහජන ඡන්දයෙන් පරාජය වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් ජනාධිපති ධුරයට පත් ජනාධිපතිවරයෙක් නිසාය. 2002 රනිල් බුෂ් හමුවෙන්න ගියේ රටේ මහජන වරමකින් බලයට පත් ජනාධිපති ලෙස නොවේ. මහජන වරමකින් බලයට පත් අගමැති ලෙසය. ඒත් රනිල් ධවල මන්දිරයට බුෂ් හමුවීමට යද්දී මහජන ඡන්දයෙන් බලයට ආ ජනාධිපතිනි චන්ද්‍රිකා ලංකාවේ සිට රනිල්ගේ අමාත්‍යාංශ තුනක් පවරා ගත්තාය. ඇමෙරිකාව හෝ බුෂ් එය අනුමත කළේ නැත. චන්ද්‍රිකා එම තීරණය ගෙන පැය 24කින් රනිල්, බුෂ් හමුවූ විට බුෂ්, රනිල්ට කිව්වේ ඇමෙරිකාව ඔබ සමගයි කියාය. බුෂ් එහෙම කීවේ චන්ද්‍රිකා මහජන වරමකින් ජනාධිපති වූවාට රනිල්ට රට පාලනය කරන්න මහජන වරමක් දී තියෙන නිසාය. රනිල්ගේ ජන වරම අලුත් ජන වරමක් බව ඇමෙරිකාවට උගන්වන්න අවශ්‍ය නොවීය. ඒ වගේම අද රනිල්ට ජනාධිපති වෙන්න මහජන වරමක් නැති බව ඇමෙරිකාවට උගන්වන්න අවශ්‍ය නැත.

‘සී.අයි.ඒ. ලොක්කා පාර වහගෙන හොර රහසේ ලංකාවට ආවා…’
‘සී.අයි.ඒ. ලොක්කා රනිල්ව හමුවුණා…’
‘රනිල් – ඇමෙරිකා ඩීල් එකක්…’
‘රනිල්ව වට්ටවන්න ඇමෙරිකාවට ඉඩ දෙන්නේ නැහැ…’
‘ඇමෙරිකාව ලංකාවට ඩොලර් වස්සවයි…’

මේ පසුගිය කාලයේ රනිල්ගේ මාධ්‍ය ඔස්තාර්ලා පැළ කළ කැම්පේන්ය. ඒත් රනිල්ගේ පළමු සංචාරයේදී රනිල්ට ඇමෙරිකාවෙන් බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබී නැත. රනිල් යූ.එන්. සමුළුවට සමගාමීව පැවැති රැස්වීමකදී ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, ඔස්ට්‍රේලියාව එකට එක්ව ආසියානු සාගරයේ ක්‍රියාත්මක කරන අවුකුස් මෙහෙයුම් දැඩි සේ විවේචනය කිරීමෙන්ම ඔහු ඇමෙරිකාව සමග ඇති තම අමනාපය එළියට දමා ගත්තේය. ඔහුගේ ඒ අමනාපයට හේතුව ඔහුට ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ඇමෙරිකාවෙන් නොලැබීමය.

2015 මෛත්‍රිපාල යූ.එන්. ගිය වෙලාවේත් ඇමෙරිකානු ජනාධිපති ඔබාමා වටමේස සාකච්ඡාවකදීත්, භෝජන සංග්‍රහයකදීත් මෛත්‍රී හමුවී ඔහු සමග විනාඩි 5ක් 10ක් කතාකොට ඔහුට සුබ පැතුවේය.

‘රනිල්ට ඒ වගේ අවස්ථාවක්වත් නොලැබුණේ ඇයි…?’

රනිල්ට ලැබුණේ මහින්දට ලැබුණු අවස්ථාවමය. එනම් ඇමෙරිකානු ජනාධිපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට පසු දෙන භෝජන සංග්‍රහයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට එන ලොව රාජ්‍ය නායකයන් පෝලිමේ තියලා ඡායාරූප ගනියි. රනිල්ට ලැබුණේත් ඒ අවස්ථාවමය. මහින්දත් මෙහෙම පෝලිමේ සිට ඇමෙරිකානු ජනාධිපති ඔබාමා සමග ඡායාරූපයකට පෙනීසිට ඔබාමා හමුවී සාකච්ඡා කළා යැයි මාධ්‍යවල නිවුස් ප්ලාන්ට් කළේය. මෙය අභියෝගයට ලක්කරමින් ‘ගුරුදා විග්‍රහය’ 2010 සැප්තැම්බර් 30 පළකළ ලිපියේ කොටසක් පහත දැක්වේ.

බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය කාලයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හැඳින්වූයේ සූරාකන අධිරාජ්‍යවාදීන් යැයි කියාය. ඇය මෙරට ක්‍රියාත්මක වූ ඇමෙරිකානු ආධාර මත පවත්වාගෙන ගිය ෆෝඩ් පදනම සී.අයි.ඒ. ගුහාවකැයි නම්කර එය රටින් පිටමං කළාය.

ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිය හැම වෙලාවකම ඇය ඇමෙරිකානු ජනාධිපති හමුවී දෙරටේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළාය. ඇය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට කොයි තරම් ගැහුවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී හෝ වෙනත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී ඇය හමුවීම ප්‍රතික්ෂේප කළේ නැත.

බණ්ඩාරනායක මැතිනිය වගේම මහින්දත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් දිහා විවේචනාත්මකව බලන රාජ්‍ය නායකයෙකි.

‘ඒත් යූ.එන්. එකේදී මහින්දට ඔබාමාව හමුවීමට අවස්ථාවක් ගන්න බැරිවුණේ ඇයි…?’

මහින්ද ජනාධිපති වී ගිය පළමු එක්සත් ජාතීන්ගේ සංචාරය 2006 එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමය. එහිදී එක්සත් ජාතීන්ගේ සාදයකදී සුළු මොහොතකට එවකට ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් හමුවීමට මහින්දට හැකි විය. ජෝර්ජ් බුෂ් මහින්දගේ කනට කර මොකක්දෝ කියන ඒ ඡායාරූපය ලංකාවේ හතර කොනෙහිම කටවුට් ගසා පෙන්වීය. ඉන් පසු මහින්ද 2007 සහ 2008 දී එහි මහ මණ්ඩල රැස්වීම්වලට ගියත් ඇමෙරිකානු ජනාධිපති ඔබාමා හමුවීමට නොහැකි විය. ඔබාමා ජනාධිපති වූයේ 2008 දීය. සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුගේ නිල කාලය තුළදී ලොව රටවල රාජ්‍ය නායකයන් හමුවෙයි. ඇමෙරිකාවේ ජනාධිපතිවරුන් එලෙස සිය නිල කාලය තුළදී එක් වරක් හෝ ලංකාවේ රාජ්‍ය නායකයන් හමුවී ඇත. ඔබාමා ජනාධිපති වී දැන් අවුරුදු දෙකකි. ඒත් තවමත් ලංකාවේ රාජ්‍ය නායකයා හමුවී නැත.

‘ඇයි ඒ….?’

ඒකට හේතුව මහින්දගේ ආණ්ඩුව ලංකාව ඇතුළේ ඡන්ද දිනන්න ඇමෙරිකාව බයිට් එකට ගන්න ගිහින් ඇමෙරිකාව තරහ කරගැනීමය.

ඇමෙරිකාවේ රාජ්‍ය නායකයා ඔබාමා එක්ක ඡායාරූපයකට පෙනී හිටලා ඇමෙරිකාවත් මහින්දගේ සාක්කුවේ කියලා පෙන්නන්න මහින්දට සිදුවුණේ ඇමෙරිකාව තරහා කරගත් නිසාය.
ගුරුදා විග්‍රහය
30.09.2016

මහින්ද, ඔබාමාව ෆොටෝ එකට හමුවූ ඒ හමුවයි, රනිල්, බයිඩන්ව ෆොටෝ එකකට හමුවූ ඒ හමුවයි දෙකම එකය. ප්‍රශ්නය මහින්දගේ මාධ්‍ය වගේම රනිල්ගේ මාධ්‍යයත් බොරු කීමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගන්න! රනිල් අමෙරිකාවේ ඉඳිද්දීම කොංග්‍රස් මන්ත්‍රීවරු 12 දෙනෙක් බයිඩන්ට ලියුමක් බාරදෙයි! I Sri Lanka Latest News‍

Next Post

අවු. 9ක දුවට අතවර කර හැංගිලා ඉන්න මේ සැකකරු දැක්කොත් වහාම පොලිසියට කියන්න! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.