• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු ලෝකයම බලා සිටි පිටසක්වළ ජීවීන් දෙදෙනකු මෙක්සිකෝව අල්ලාගනී I Sri Lanka Latest News

September 23, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හංගගෙන හිටියෙ නෑ ලෝකෙටම ප්‍රදර්ශනය කරයි මෙන්න කතාව…

පිටසක්වළ ජීවීන් යනු පෘථිවිය හැර විශ්වයේ වෙනත් ස්ථානවල ජීවත් වෙතැයි සැලකෙන උපකල්පිත ජීව විශේෂයන්ය. සරල ප්‍රාග් න්‍යෂ්ටික ජීවීන්ගේ (බැක්ටීරියා වැනි) සිට මිනිසා තරම් හෝ ඊට වඩා බුද්ධිමත් ජීවීන් විශ්වය තුළ සිටීමට ඉඩ ඇත. ක්ෂීර පථය තුළ ජීවත් වන බුද්ධිමත් ජීව විශේෂයන් ගණන තක්සේරු කිරීම සඳහා ‘ඩ්‍රේක් සමීකරණය’ (Drake Equation) යොදාගැනෙයි.(Sri Lanka Latest News)

පිටසක්වළ ජීවය ගැන සොයන විද්‍යාව ‘තාරකා ජීව විද්‍යාව’ ලෙස හැඳින්වෙයි. 20 වැනි සියවසේ මැදභාගයේ සිටම පිටසක්වළ ජීවය ඇතිදැයි සෙවීම සඳහා සක්‍රීයව පර්යේෂණ සිදුකෙරිණි. පිටසක්වළ ජීවීන් හෝ පිටසක්වළ බුද්ධිය ගැන සංකල්පය මිනිසාගේ ජන රටාවට සහ සංස්කෘතියට විශාල බලපෑමක් එල්ල කර ඇත. වසර ගණනාවක් පුරා විද්‍යා ප්‍රබන්ධ මගින් පිටසක්වළ ජීවීන් විවිධාකාරයෙන් දක්වා ඇත. එසේම නොයෙකුත් ආකාරයේ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් හරහාද මෙම කාර්යය සිදුකර ඇත. එම නිර්මාණයන් දුටු විට පිටසක්වළ ජීවීන් ගැන තිබෙන මතය තව තවත් අපගේ මනස තුළට ගිලාබසියි. එම දසුන් තව තවත් අපව විශාල උද්දීපනයකට පත්කරයි.

මෙවැනි වටපිටාවකදී පිටසක්වළ ජීවය සමග මිනිසා සන්නිවේදනය කිරීම උත්සාහ කිරීම ප්‍රඥාවන්ත ක්‍රියාවක්ද යන්න දැඩි ලෙස විවාදයට ලක්වන කරුණකි. එක් පාර්ශ්වයක් පිටසක්වළ ජීවීන් සමග කෙසේ හෝ සම්බන්ධකම් ඇතිකර ගත යුතු යැයි පවසන අතර, අනෙක් පාර්ශ්වය කියා සිටින්නේ එය කාලය නාස්ති කර දමන නිෂ්ඵල ක්‍රියාවක් බවය. පසුගිය දශක ගණනාවක් පුරා පිටසක්වළ ජීවයක් තිබේදැයි සොයාබැලීම සඳහා සිදුකරන ලද ජාත්‍යන්තර ගවේෂණ ව්‍යාපෘතීන් බොහෝය. එසේම ඒවාට විවිධ ධනවත් රටවල් වියදම් කරන ධනස්කන්ධයද විශාලය.

ඇමෙරිකාව ප්‍රධාන කරගත් රටවල් කිහිපයක්ම මෙවැනි පර්යේෂණ සහ ගවේෂණයන්හි නිරත විය. මෙලෙස පිටසක්වළ ජීවීන්ට අමතරව පිටසක්වළ යානා ගැනද මෙම පර්යේෂණයන් තුළින් අධ්‍යයනය කළේය. මෙහිදී විවිධ විද්‍යාඥයන් සහ අනෙකුත් විද්වත් පිරිස් විසින් ‘අභ්‍යවකාශ ජීවවිද්‍යාව’ යන විෂය ආශ්‍රයෙන් කටයුතු කරති. මෙය ඉංග්‍රීසි බසින් Astrobiology ලෙසින් හැඳින්වෙයි. එනම් Astro යන්න නක්ෂත්‍ර මණ්ඩලයටත්, Bio යන්න ජීවයටත්, Logy යන්න දැනුමටත් අදාළව අර්ථකථනය වෙමින් එම වචනය සෑදෙයි. වෙනත් ග්‍රහලෝකවල ජීවය පවතී නම් අප එය දැනගන්නේ කෙසේද යන්න මෙම විද්‍යාව හරහා සිදුකෙරෙයි.

බොහෝ විට අභ්‍යවකාශ ජීව විද්‍යාවේ ගොඩනැගෙන්නා වූත් විමසීමට භාජනය වන්නාවූත් ගැටලු වන්නේ පෘථිවියට පරිබාහිර ජීවයක් විශ්වයේ අන් තැනක තිබේද යන්නය. අභ්‍යවකාශ ජීවවිද්‍යාව ඉතා සංකීර්ණ විෂයක් වන අතර, එය ඉතා වේගයෙන් පරිණාමය වන විෂය ක්ෂේත්‍රයක්ද වෙයි. එසේ වන්නේ එය ජීවයේ මූලාරම්භය සහ පරිණාමය ගැනද සොයා බලන්නා වූ ක්ෂේත්‍රයක් හෙයිනි. මෙය විශ්වයේ පරිබාහිර ලෝකවල ජීවයේ ස්වභාවය ප්‍රතිබිම්භනය කිරීමට සමත් බහු විනයානුකුල ක්ෂේත්‍රයක්ද වෙයි.

පිටසක්වළ ජීවීන්ගේ වගතුගකින් අද ඔබට මෙම ලිපිය ලියා තැබුවේ ඇයි? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට ඉහතදී ලෝකයේ දුර බැහැර රටකින් ආරංචි වූ එක්තරා සුවිශේෂ වගතුගකි. එනම් මෙය ලෝකයේ නවතම පිටසක්වළ ජීවීන්ගේ කතාව විය. පසුගියදා අපට මේ වගතුග ඇසුණේ මෙක්සිකෝ රාජ්‍යයෙනි. මේ වන විට ලොව මහත් ආන්දෝලනයකට පත්කළ මෙම වගතුගෙන් කියැවෙන්නේ පිටසක්වළ ජීවීන්ගේ සිරුරු දෙකක් සොයාගැනීමත්, ඒවා ප්‍රථම වතාවට ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කළේයැයි පැවැසෙන සිදුවීමකි.

මේ ආකාරයේ සිදුවීමක් ලොව සිදුව ඇත්තේ ප්‍රථම වතාවට යැයි පැවැසෙයි. මෙක්සිකෝවේ අග නගරය වූ මෙක්සිකෝ සිටි පිහිටා තිබෙන කොංග්‍රස් මණ්ඩල මූලස්ථානයේදී මෙම සුවිශේෂ සිදුවීම සිදුවිය. පිටසක්වළ ජීවීන් පිළිබඳ කොංග්‍රස් මණ්ඩල සභා විශේෂ සැසිවාරයකදී මෙම පිටසක්වළ ජීවීන්ගේ සිරුරු ප්‍රදර්ශනය සඳහා නිරාවරණය විය. මෙක්සිකෝවේදී මෙවැනි සිදුවීමක් ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ මෙයට පෙර මෙක්සිකෝ රාජ්‍යය තුළ පිටසක්වළ ජීවීන්ට අදාළ වූ විවිධ සිදුවීම් කිහිපයක් ඇතිවූ හෙයිනි.

පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි පිළිබඳ විශේෂඥයකු වන ජේම් මොසාන් (Jaime Maussan) විසින් මෙම කාර්යයේ ප්‍රධානත්වය දැරීය. මොහු විසින් ප්‍රථම වතාවට සිදුකරන ලද හෙළිදරව් කිරීමේදී පෘථිවි ජීවියකුට අයත් නොවන බව පැවැසෙන ප්‍රමාණයෙන් ඉතා කුඩා (උසින් අඩි 02ක පමණ) යම් මිනිස් රූපයකට සමාන සිරුරු දෙකක් නිරාවරණ කෙරිණි. ඝනකම් ෆොසිල බවට පත්ව තිබුණු මෙම සිරුරු පැරැණි මමී වැනි ස්වරූපයක් ගත්තේය. මේ පිළිබඳ එම අවස්ථාවේදී විශේෂඥ ජේම් මොසාන් පැහැදිලි කිරීමක් කළේය.

‘මෙම සිරුරු දෙක 2017 වසරේදී පේරු රාජ්‍යයෙන් සොයාගත්තේ. එහි සිදුකළ කැණීමකදී ෆොසිල බවට පත්වූ මෙම සිරුරු සොයාගත්තා. පසුගිය කාලය තුළ අපි මේ ගැන දීර්ඝ, සංකීර්ණ පර්යේෂණ සිදුකළා. මෙහිදී පෙනීගියේ මෙම සිරුරු පෘථිවියේ කිසිදු ජීවියකුට සම්බන්ධ නැති බවයි. අපි මේ ගැන කාබන් නීර්ණ පරීක්ෂාවක්ද සිදුකළා. එහිදී නිගමනය වුණේ සිරුරු වසර 2000ක් පමණ පැරැණි ඒවා බවයි.

පොළොව යට තැන්පත්වී තිබුණු නිසා ඒවා ෆොසිල බවට සහ මමී බවට පත්ව තිබෙනවා. යම් පියාඹන පීරිසියක් වැනි පිටසක්වළ යානාවක් මේ සිරුරු සොයාගත් ප්‍රදේශයෙන් සොයාගැනීමට නොහැකි වුණා. එනම් එවැනි යානාවක් යම් අනතුරකට පත්වීමෙන් මෙවැනි සිරුරු එතැන වැටී තිබුණා කියන සාක්ෂියක්ද නැහැ. පසුගිය කාලයේ අප මේ පිළිබඳ පර්යේෂණ සිදුකළේ මෙක්සිකෝ ජාතික විශ්වවිද්‍යාලය තුළදීයි. මෙහිදී බොහෝ විටම අපට නිර්ණය කළ හැක්කේ මෙම සිරුරු ස්ථිර වශයෙන්ම පිටසක්වළ ජීවීන් දෙදෙනකුගේ බවයි. මෙම සිරුරවල ඩී.එන්.ඒ. සාක්ෂි පවා අපි අධ්‍යයනය කළා.

එහිදී පෙනීගියේ පෘථිවි ජීවීන්ගේ ඩී.එන්.ඒ.වලට මෙම සිරුරුවල ඩී.එන්.ඒ. සමාන නොවන බවයි. මෙම මමීකෘත සිරුරුවල එක්ස්රේ සහ ස්කෑන් පරීක්ෂණද අපි සිදුකළා. එහිදී පෙනීගියේ එක් ජීවී සිරුරකට බිත්තර හෝ ඩිම්බ කෝෂවලට සමාන දෙයක් දක්නට ලැබුණා. එයින් කියැවෙන්නේ එය ස්ත්‍රී සිරුරක් වන බවයි. මෙම සිරුරුවල ඉතා දුර්ලභ ලෝහයක් වන ඔස්මියම් තිබෙන බවද පෙනීගියා. පේරු රාජ්‍යයේ කැස්කෝ නමැති මිනිස් වාසයක් නැති ප්‍රදේශයකිනුයි මෙම සිරුරු සොයාගත්තේ. මේ සිරුරු සත්‍ය වශයෙන්ම පිටසක්වළ ජීවීන්ගේ බවයි මගේ මතය වන්නේ….’

මෙම විශේෂඥයා මෙම කතාව නිල වශයෙන් ඉදිරිපත් කර තිබුණේ මෙක්සිකෝ රාජ්‍යයේ බලධාරීන් වෙතය. එම වගතුග ඇසූ බලධාරීන් බහුතරයක්ම මෙම සිදුවීම ගැන බොහෝ නිරුත්තර තත්ත්වයකට පත්විය. එහෙත් සමහර නිලධාරීන් මේ ගැන විවිධ මතිමතාන්තර පළකරන්නට විය. එවැනි වටපිටාවකදී පිටසක්වළ ජීවීන් ගැන තවත් ජාත්‍යන්තර පාර්ශ්ව කිහිපයක්ම කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවය. ඔවුන් කියා සිටියේ පේරු රාජ්‍යයේදී සොයාගත් වෙනත් පෘථිවි මිනිස් සිරුරු (ෆොසිල බවට පත්වූ මමීකෘතවූ) භාවිතයට ගෙන මෙම කුඩා සිරුරු නිර්මාණය කර ඇති බවයි.

මෙම සිදුවීම සත්‍ය ලෙසම මුළුමහත් ලෝකයම නොමග යවන සිදුවීමක් බව එම පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේය. මෙය ජේම් මොසාන් සිදුකළ මායාවක් සහ රැවැටීමක් යැයිද ප්‍රකාශ කර සිටියේය. මින් පෙරද ඔහු මේ ආකාරයේම පිටසක්වළ ජීවීන් ගැන අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයකු යැයි චෝදනා කළේය. එනම් මෙයට පෙර මෙක්සිකෝ රාජ්‍යයෙන් හමුවූ කුඩා සිරුරක් ගැන තොරතුරු ප්‍රකාශ කළේ එය පිටසක්වළ ජීවියකුගේ සිරුරක් බවට හඟවමිනි. එහෙත් පසුව හෙළිවූයේ එය මමීකෘතවූ ෆොසිල බවට පත්වූ පෘථිවියේ කුඩා දරුවකුගේ සිරුරක් බවය.

අතිශය ඈත අතීතයේදී මෙක්සිකෝවේ කුඩා දරුවන් මියගිය විට හිස රෙදිවලින් සහ ලී පටිවලින් එතීමේ චාරිත්‍රයක් තිබී ඇති බවත්, එහෙයින් මමීකෘතව සිරුරේ හිසෙහි විකෘති ස්වරූපයක් ගෙන තිබිණි. මේ නිසා එය පිටසක්වළ ජීවියකුගේ සිරුරක් බවට විශ්වාස කරන්නට විය. මේ ආකාරයට මේ වන විට පසුගියදා ඇතිවූ මෙමම සිදුවීමද දෙකෙළවර බලා විසඳිය යුතු පැනයක් බවට පත්ව ඇත.

ලෝකයේ රටවල් අතරින් පිටසක්වළ ජීවීන් ගැන කියැවෙන කතා බොහොමයක් කියැවෙන්නේ මෙක්සිකෝවෙනි. මෙයට වසර කිහිපයකට ඉහතදී මෙක්සිකෝවේ ඉපැරැණි ගල්ගුහාවක තිබී පිටසක්වළ ජීවීන් පිළිබිඹු කෙරෙන පිළිම කිහිපයක්ම සොයාගෙන තිබිණි. වසර 7,000ක් පමණ පැරැණි යැයි පැවැසෙන මෙම කැටයම්වල පිටසක්වළ යානා යැයි සැලකිය හැකි චිත්‍රද අඩංගුව තිබී ඇතැයි පැවැසෙයි.

මෙම වස්තූන් අතිශය වටිනාකමකින් යුත් පුරාවස්තු බව මෙක්සිකෝ රජය ප්‍රකාශයට පත්කර තිබිණි. මෙවැනි වටපිටාවක් තිබියදී මෙම අපූරු විෂයට මෙක්සිකෝව සම්බන්ධ වී තිබීම නිකම්ම අල්ලා දැමිය හැකි කතාවක්ද නොවේ. හඳුනා නොගත් පියාඹන ද්‍රව්‍ය පිළිබඳ ඇමෙරිකානු විශේෂඥයකු වන නාවික ලුතිනන් රයන් ග්‍රේව්ස් ප්‍රකාශ කර සිටියේ පසුගියදා මෙක්සිකෝ කොංග්‍රසයට ඉදිරිපත් කළ ජීවී සිරුරු දෙක පිටසක්වළ ජීවීන්ගේ නොවන බවයි. එහෙත් එහිදී මෙක්සිකානු විශේෂඥයන් පවසා අත්තේ එසේ ප්‍රතික්ෂේප කරන්නේ නම් මෙම සිරුරු දෙක ඇමෙරිකාවට රැගෙන ගොස් පර්යේෂණයක් සිදුකරන ලෙසය. පසුගිය දශක කිහිපයක් පුරා ඇමෙරිකාවේ නාසා ආයතනය පිටසක්වළ ජීවීන් සහ හඳුනා නොගත් පියාසර වස්තූන් ගැන බොහෝ පුළුල් පරීක්ෂණ සිදුකරමින් සිටියි.

එහෙත් මෙතෙක් පිටසක්වළ ජීවයක් ගැන නිසි නිගමනයකට පැමිණීමට නොහැකිවී ඇත. විශ්වයේ ග්‍රහලෝක ලක්ෂ ගණනක් ඇති අතර, මේවායෙහි සමහර ග්‍රහලෝකවල ජීවයක් ඇතැයි යන්න කිසි විටෙකවත් ප්‍රතික්ෂේප වී නොමැත. ඇමෙරිකානු නාසා ආයතනයේ වත්මන් ප්‍රධානියා වන බිල් නෙල්සන්ද පසුගියදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පිටසක්වළ කොතැනක හෝ ජීවයක් තිබෙන බව තමන්ද විශ්වාස කරන බවය. එය කිසි විටෙකවත් බැහැර කළ නොහැකි මතයක් යැයිද ඔහු ප්‍රකාශ කර ඇත. මෙම පර්යේෂණ තවත් පුළුල් ලෙස සිදුකිරීම සඳහා තමන් විසින් නව අධ්‍යක්ෂවරයකු පත්කළ බවද නාසා ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

මෙම ලිපිය ලියා තැබීමෙන් පසු ආරංචි වූ අලුත්ම පුවත ආශ්‍රයෙන් මෙය ලියා තබමි. එනම් මෙම පිටසක්වළ ජීවී කතාව සමහර පාර්ශ්ව විසින් හඳුන්වා දී තිබුණේ එය සම්පූර්ණ මිථ්‍යාවක් බවත්, එය නිර්මාණය කරන ලද සිදුවීමක් බවත්ය. මෙම චෝදනාවන් නිසා පසුව මෙක්සිකානු රජය තීරණය කළේ මෙම පිටසක්වළ ජීවීන් යැයි පැවැසෙන සිරුරු දෙක වහාම වෛද්‍ය පර්යේෂණයකට ලක්කිරීමටය. ඒ අනුව මෙක්සිකෝවේ සිටින විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත්කර එම පර්යේෂණ සිදුකෙරිණි. එහිදී ප්‍රධාන වශයෙන් සිදුකර ඇත්තේ මෙම සිරුරු MRI ස්කෑන් පර්යේෂණයකට ලක්කිරීමය.

මෙම සංකීර්ණ පරීක්ෂාවේදී දෙනෙත් අදහාගත නොහැකි දසුනක් දැකගන්නට හැකිව ඇත. එනම් මෙම ජීවී සිරුරු තනි ඇටසැකිල්ලක් ආකාරයට තිබෙන බව නිරීක්ෂණය වීමය. මුලදී සමහර පාර්ශ්ව චෝදනා කළේ මෙම සිරුරු විවිධ මමී සහ ෆොසිල කොටස් එකතු කර නිර්මාණය කර ඇති බවය. එහෙත් එය දැන් සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් බවට පත්ව ඇත. මෙක්සිකෝ වෛද්‍ය පර්යේෂකයන් මෙම සිරුරු දෙක MRI ස්කෑන් පරීක්ෂණයකට ලක්කරන ආකාරයත්, එහි දක්නට හැකි ප්‍රතිඵලත් මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. එම වීඩියෝ දසුන් පවා ප්‍රකාශයට පත්කර ඇත. එසේම සිරුරුවල DNA පෘථිවි මිනිස් ජීවීන්ගේ DNA සමග සැසඳෙන්නේ නොමැති බවත් සොයාගෙන ඇත. එහෙයින් මෙම සිදුවීම සත්‍ය ලෙසම මුළුමහත් ලෝකයම කණපිට පෙරළන සිදුවීමක් බවට පත්ව ඇත.

SendShareShare
Previous Post

චෝදනා එල්ල වෙන ඔක්කොම ආණ්ඩුවේ! සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ! පාස්කු ප්‍රහාර විවාදයේදී අනුර කරපු සම්පූර්ණ කතාව! VIDEO I Sri Lanka Latest News‍

Next Post

අසුබ ලකුණක්ද? අමාත්‍ය නිමල් සිරිපාල උස්සපු කොඩිය කොඩි කණුවත් එක්කම බිමට පතබෑවෙයි! චාමර සම්පත් මගින්ම මාරවෙයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.