රත්ගම ආදාහනාගාරය පිටුපස කලපුවේ අතපය ගැටගසා පාවෙමින් තිබියදි හමුවු විවාහක පුද්ගලයකුගේ මළ සිරුර පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඩි.සි ප්‍රියනාත් විසින් සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා රජයේ රසපරික්ෂකවරයා වෙත යොමුකොට මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ලබාදුන් බව රත්ගම පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මෙසේ මියගොස් ඇත්තේ රත්ගම ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගොණපිනුවලගේ ෂෙහාන් නිලංග (28) නැමති විවාහකයෙකි. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබිය.
මියගොස් ඇති පුද්ගලයා මිතුරන් 10 දෙනෙකු සමග එකට මත්පැන් පානය කොට ඇති බවද පොලිසිය පවසයි. මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටියදි මොහුට දුරකථන ඇමතුමක් ලැබි ඇත. ඔහු ඉන් පැයකට පමණ පසු එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. මිතුරන්ද මොහු ගැන සොයා නැති අතර, පසුදින පස්වරුවේ මෙකි පුද්ගලයාගේ මළ සිරුර රත්ගම කලපුවේ පාවෙමින් තිබියදි පොලිසිය මගින් සොයාගෙන ඇත.
ඥාතින් විසින් මියගිය පුද්ගලයාගේ මළ සිරුර හඳුනාගෙන තිබේ. ඔහු විදේශගතව සිට මෙරටට පැමිණි අයෙකි. මොහු දෙවැනි වරට විවාහ වි ඇති අතර බිරිද ගැබිණියක් බවද පොලිසිය පවසයි.
lankasara










