• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළමු ශිෂ්ටාචාරය බිහිවූ අනුරාධපුරයට ධම්මික පෙරේරා 21 වන සියවසට ගැලපෙන අලුත් ශිෂ්ටාචාරයක් අරන් එයි! ‘බ්‍රික්’ එකෙන් ‘ක්ලික්’ එකට! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 20, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
පළමු ශිෂ්ටාචාරය බිහිවූ අනුරාධපුරයට ධම්මික පෙරේරා 21 වන සියවසට ගැලපෙන අලුත් ශිෂ්ටාචාරයක් අරන් එයි! ‘බ්‍රික්’ එකෙන් ‘ක්ලික්’ එකට! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර පහක් තුළ ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් 1,000,000කට පරිගණක භාෂා අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් යුතුව දියත් කර ඇති “ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය යටතේ 67 වැනි ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීම ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අනුරාධපුර ශ්‍රී භාරතින්ද්‍ර මහා පිරිවෙන් විද්‍යායතනයේදී සිදුකෙරිණි.Sri Lanka Latest News

මෙම මධ්‍යස්ථානයේ පරිගණක භාෂා පාඨමාලාව හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 1650 දෙනෙකි. ඔවුන් අතරින් මෙම පාඨමාලාවේ ව්‍යාපෘති 100 සම්පූර්ණ කළ සිසු සිසුවියන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද ධම්මික පෙරේරා මහතා අතින් එදින සිදුකරන ලදී.

එම උත්සව අවස්ථාව ඇමතූ ධම්මික පෙරේරා මහතා,

“අනුරාධපුරයේ ඉපදුණු මේ දුවලා පුතාලාගේ මුතුන්මිත්තෝ තමයි ලංකාවේ පළවෙනි දියුණු ශිෂ්ටාචාරය මීට ශතවර්ෂ ගණනාවකට කලින් හැදුවේ.

ඉතින් මම අද මේ අනුරාධපුරයට ඇවිල්ලා ඉන්නේ මේ දුවලා පුතාලාට 21 වෙනි ශතවර්ෂයට ගැළපෙන ඩිජිටල් ශිෂ්ටාචාරයක් හදන්න උදව් කරන්න.

එදා ඒ අනුරාධපුර ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ ගඩොලෙන් ගඩොල. නැත්නම් බ්‍රික් එකෙන් බ්‍රික් එක.

මේ දුවලා පුතාලා විසින් මේ අනුරාධපුරයේම අනාගත ඩිජිටල් ශිෂ්ටාචාරය ගොඩනඟන්නේ ක්ලික් එකෙන් ක්ලික් එක.

බ්‍රික් වෙනුවට ක්ලික් පාවිච්චි කරලා දියුණු වෙන හැටි ඔය දරුවන්ට උගන්වන්න තමයි මම ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් එකක් ඔයගොල්ලන්ට දායාද කළේ” යැයි පැවසීය.

මෙම අවස්ථාවට ගෞරවණීය මහා සංඝරත්නය සහ 2500කට අධික ජනතාවක් ද සහභාගී වී සිටියහ.

රැකියා ඉලක්ක කරගත් නවීනතම පරිගණක භාෂා දැනුම ශ්‍රී ලාංකික දරු දැරියන් වෙත ලබාදෙමින් ඔවුන්ට අනාගතයේ ඉහළ වැටුප් ලබන රැකියා කරා යොමුවීමට මග විවර කරන ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් වැඩසටහනේ පාඨමාලාව ප්‍රොජෙක්ට් 324ක් සහිතව නිර්මාණය කර ඇත. ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ තිළිණයක් වශයෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෙම පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් වේ.

ප්‍රාථමික පංතිවල සිට ඕනෑම වයස් සීමාවකට අයෙකුට මෙම පාඨමාලාව හැදෑරීමට හැකි අතර මීට ඉංග්‍රීසි භාෂා දැනුමක් ද අවශ්‍ය නොවේ. පාඨමාලාව හැදෑරීමේදී අවශ්‍ය කෙරෙන ඉංග්‍රීසි දැනුම පාඨමාලාව තුළදීම ප්‍රායෝගිකව ලබාදෙන ආකාරෙයෙන් මෙහි ප්‍රොජෙක්ට් නිර්මාණය කර තිබේ.

ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් වැඩසටහන ආරම්භ කර මාස හත හමාරක කාලයක් තුළ මේ වනවිට දිවයින පුරා විවිධ ප්‍රදේශවල අයි.ටී. කැම්පස් මධ්‍යස්ථාන 67ක් පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථාන තුළින් පාඨමාලාව හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 50,000 කි. ඊට අමතරව මේ වනවිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මෙම පාඨමාලාව හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 120,000ක් වේ. ඒ අනුව මෙම කෙටි කාලසීමාව තුළ සිසු සිසුවියන් 170,000ක් ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් වැඩසටහන සමග සම්බන්ධ වී සිටිති.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථාන 331ක් පිහිටුවීමට ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් සැලසුම් කර තිබේ.

SendShareShare
Previous Post

ජල නල කාන්දුවක් නිසා පාරේ තිබූ විශාල වළකට වැටුණු තාත්තෙක් සහ දියණියක් 99න් බේරෙයි! අනතුරේ CCTV දර්ශන මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට කිව්වා කිව්වා කළේ නෑ! බැරිම තැන වෘත්තීයවේදීන් බදු අඩු කරන්න කියලා IMF එකේ ලොක්කන්ටම අද ලියුමක් බාර දෙයි! ‌මේකත් හරි ‌නොගියොත් ප්‍රතිපල බරපතළයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.