ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වන ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුවී තිබේ.Sri Lanka Latest News
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එම හමුවේදී දෙපාර්ශ්වය අතර ඵලදායී සාකච්ඡාවක් සිදුවූ බවය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී (USAID) සමන්තා පවර් අතර ද හමුවක් සිදුවී තිබේ.
එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මේ වනවිට ආරම්භ වී තිබේ.










