• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව චීනය එක්කවත් ඉන්දියාව එක්කවත් සන්ධානගත වෙන්නේ නෑ! රනිල් අමෙරිකාවේදී කියයි! PHOTOS I Sri Lanka Latest News

September 19, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
ලංකාව චීනය එක්කවත් ඉන්දියාව එක්කවත් සන්ධානගත වෙන්නේ නෑ! රනිල් අමෙරිකාවේදී කියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දු-පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූවද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඒවායේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අනන්‍ය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ඊයේ (18) නිව්යෝර්ක් නුවර පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට එක්වෙමිනි.

කාර්නෙගී එන්ඩොව්මන්ට් (Carnegie Endowment) සහ සසකවා පදනම විසින් සංවිධානය කර තිබු මෙම සංවාදයේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ අතර, ජාත්‍යන්තර සාමය සඳහා වන කාර්නෙගී එන්ඩොව්මන්ට් හි ප්‍රතිපත්ති පර්යේෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩෑන් බෙයර් (Dan Baer) විසින් මෙහෙයවන ලදී.

ප්‍රධාන ලෝක බලවතුන් අතර එදිරිවාදිකම්වලට මැදිහත්වීමට ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් රාජ්‍යයන් කැමැත්තක් නොදක්වන අතර මෙම රටවල් සිය සමාජ, ආර්ථික සහ පාරිසරික සංවර්ධනය ඇතුළු ඔවුන්ගේ ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් තම රටවල ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය පවත්වා ගැනීමට උත්සාහ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තවද ශ්‍රී ලංකා රජය ඉන්දියාව හෝ චීනය සමඟ සන්ධානගත නොවන බවත් අන් සියල්ලටම වඩා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් දැඩිව පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එසේම කලාපයේ අනෙක් රටවල් ද සිය රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සඳහා කැපවී සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාවෙන් සමන්විත ක්වොඩ් (Quad) රටවල් හා චීනයේ අරමුණුවලට සම්බන්ධ නොවන ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් ජාතීන්ට තමන්ටම ආවේණික වූ ප්‍රමුඛතා පවතින බවත් ඊට ගරු කිරීමට කැමති ඕනෑම හවුල්කරුවෙකු සමඟ සහයෝගීතාවය ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

චීනයේ නැඟී සිටීම APEC සහ ASEAN වැනි පවත්නා කලාපීය රාමු තුළ සිදු වූ බවත්, බොහෝ රාජ්‍යයන් එය පිළිගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
මෑත කාලීනව මෙම රාමුවලින් ඔබ්බට මහා බල එදිරිවාදිකම් ව්‍යාප්ත වීම නිසා සාමාජික රටවල් අතර කනස්සල්ලක් මතුව තිබෙන බව ද පෙන්වා දුන්නේය.

දකුණු පැසිෆික් සාගරයට සහ ඉන්දියන් සාගරයට විශාල උපායමාර්ගික වටිනාකමක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දකුණු පැසිෆික් කලාපය එක්සත් ජනපද නාවික හමුදාවට අත්‍යවශ්‍ය කේන්ද්‍රස්ථානයක් වූ අතර දෙවන ලෝක යුද්ධ සමයේදී ඉන්දියානු සාගරය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව ද පැවසීය.

“කොරල් මුහුදේ සහ මිඩ්වේ සටනේදී මෙන්ම දෙවන ලෝක යුද්ධයේදී ද එක්සත් ජනපදය සිය ආධිපත්‍යය ස්ථාපිත කළේ සහ අද්මිරාල් යමමොටෝගේ ගුවන් යානයට වෙඩි තබා බිම හෙළුවේ හවායි ඇතුළු මෙම දකුණු පැසිෆික් කලාපය තුළ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ වැදගත්කම පැහැදිලි කිරීම සඳහා මෙහිදී ‘වින්ස්ටන් චර්චිල්ගේ‘ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ‘ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීම යනු ඉන්දියන් සාගරයේ බලය අහිමිවීමක් වන බවයි‘ .

ඉන්දු පැසිෆික් කලාපයේ වැදගත්කම ඉස්මතු වන්නේ විශේෂයෙන්ම චීනයෙන් එල්ලවන අභියෝග හමුවේ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙය කලාපීය ගතිකත්වයන් සහ සහයෝගීතාව නැවත ඇගයීමකට ලක් කිරීමට පොළඹවා ඇති බවද සඳහන් කළේය.

යුරෝපීය බලවතුන් සහ නේටෝව සම්බන්ධ කර ගැනීමට G7 කණ්ඩායම විසින් දරන උත්සාහයට විරෝධතාවයක් මතු වූ අතර ඊට සහාය දක්වා සිටියේ ප්‍රංශය පමණක් බවත්, එකී සිදුවීම ඉන්දියානු සාගර රිම් සංගමය (IORA) හි නීති උල්ලංඝණය කිරීමක් ලෙස සලකන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියන් සාගරයේ මතුපිට යුද තර්ජන අවම වන අයුරින් සබ්මැරීන් යුද තර්ජන පිළිබඳ ගැටලු ඉන්දියානු සාගර රිම් සංගමය (IORA) තුළ විසඳිය යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දූපත් රාජ්‍යයන්ට ආරක්‍ෂක සංවාද පිළිගත හැකි නමුත් ඒ හරහා එම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සුදුසු නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දූපත් රාජ්‍යයන් ඉන්දු පැසිෆික් කලාපය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවල නිරත වී නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා එක්සත් ජනපදය මාලදිවයිනේ තානාපති කාර්යාලයක් විවෘත කිරීම වැනි මෑතකාලීන වර්ධනයන් පවතින බව ද සඳහන් කළේ ය.

ආසියාන් සංවිධානයේ බලපෑම, රුසියානු-යුක්‍රේන යුද්ධය සහ BRICS+ බිහිවීම වැනි බලපෑම් මත ඉන්දියන් සාගරයේ බල තුලනයක් ඇති වෙමින් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම වෙනස් වන භූ දර්ශනය දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය පවත්වාගැනීමට සහය වන අතර ඉන්දියානු සාගර රිම් සංගමය (IORA), ආසියාන් (ASEAN) සහ BRICS+ යන සංවිධාන අතර ශක්තිමත් සහයෝගීතාවක් පවත්වාගත යුතු බව ද අවධාරණය කළේය.

මෙහිදී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ හම්බන්තොට වාණිජ වරාය, චීන හමුදා කඳවුරක් ලෙස හංවඩු ගැසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරන බවයි. ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කරමින් සිටින අතර ජාත්‍යන්තර සංසදවලදී මෙම කාරණය මතු කිරීමට අදහස් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඉන්දියානු සහ පැසිෆික් සාගරවල අන්තර් සම්බන්ධතාව හඳුනා ගනිමින් කලාප දෙකෙහිම කුඩා දූපත් රාජ්‍යයන් අතර සක්‍රීය සහයෝගීතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ‘ඉන්දු-පැසිෆික්‘ සංකල්පයට ඉන්දියානු සාගර රිම් සංගමය (IORA) හි අවශ්‍යතාවය දැඩිව පවතින බව ද පෙන්වා දුන්නේය.

ඉන්දු-පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූව ද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අද්විතීය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-09-19

SendShareShare
Previous Post

රට බංකොලොත් වෙලා මිනිස්සුන්ට කන්න නැතිව ඉද්දීත් අරගල වෙලාවේ ගෙවල් ගිනි ගත්ත මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවන්න මිලියන 1414ක් වෙන් කරයි! දැනටමත් මන්ත්‍රීවරු 31 දෙනෙක්ට මිලියන 714ක් ගෙවලා! I Sri Lanka Latest News

Next Post

රනිල් එක්ක පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද-රෝහිත සහ දොළවත්තත් අමෙරිකා ගිහින්! විපක්ෂයෙන් පැන්න වඩිවේල්ටත් අමෙරිකා වරම්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.