ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය නඩු විභාගය සඳහා මුහුණ දීමට තවත් සුදු ජාතික කාන්තාවක් සමඟ ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයට පැමිණි බවත් එම කාන්තාව පැමිණිලිකාරිය නොවන බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.Sri Lanka Latest News
එම කාන්තාව ධනුෂ්ක ගුණතිලකගේ වත්මන් පෙම්වතිය යැයි විශ්වාස කළ හැකි බව නිව්ස්.කොම් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසුව අද (18) එම නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව ආරම්භ විය.
නඩු විභාගය දින 4 ක පමණ කාලයක් පැවැත්වෙනු ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් නැමැති මිතුරන් හඳුනාගන්නා මෘදුකාංගය ඔස්සේ පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා හඳුනාගත් බවත් සිද්ධිය සිදු වූ දා රාත්‍රියේ තම ජීවිතය පිළිබඳ බියක් දැනුනු අවස්ථා කිහිපයක් තිබුණු බවත් නඩු විභාගයේදී පැමිණිලිකාර කාන්තව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.එසේම තමාගේ කැමැත්තකින් තොරව සිදුවීම් කිහිපයක් එම රාත්‍රියේදී සිදු වූ එම කාන්තාව පවසා තිබේ.










