2015 වසරේදී අත්දකින්නට ලැබුණු පරාජය කිසිවකු හෝ අමතක කළ යුතු නැති බවත්, අප එය කිසිසේත්ම අමතක කරන්නේද නැති බවත් පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ගම්පහ පැවැති උත්සව අවස්ථාවකදීය.
එහිදී වැඩිදුරටත් රාජපක්ෂ මහතා කියා සිටියේ 2015 දී අපට සිදුවූ වැරැද්ද අමතක කළහොත් අප හරි මාර්ගයේ නොයනු ඇති බවත්ය.
මෙවර අප මැතිවරණයට තරග වදින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ බවත්, ඊට නාමයෝජනා අස්සන් කරන අවස්ථාවට අප අකමැති පිරිස් පවා පැමිණ සිටි බවද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය.
එමෙන්ම අලුත් පක්ෂ පිහිටුවහොත් අපිව පාරේ ඇවිද්දනවා යැයි කී පිරිස් පවා සිටි බව සිහිපත් කළ ඒ මහතා එසේ පාරේ ඇවිද්දීම ශරීර සෞඛ්‍යයට හොඳ බවද සඳහන් කර සිටියේය.










