• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව මල්ශාලාකාරයෝ 113ක් එකතු වෙලා දිනෙව්වා! දැන් ඉතිං මිනිස්සු සාප ඉල්ලනවා! ඒ සාප ආණ්ඩුවට වැදෙයි! VIDEO I Sri Lanka Latest News

September 15, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ නැති බවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපති වුණ රනිල් වික්‍රමසිංහට ජනමතයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරයාගේ අගමැතිකම නැතිවුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා බවත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව අහිමි වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා බවත් එජාප මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වෙලා සමගි ජන බලවේගය සමඟ එකතු වෙන්න ප්‍රධාන හේතුව පාස්කු බෝම්බ ප්‍රහාරය බවත් ඒ නිසා පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස මරික්කාර් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

අද (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මේ බව කීය.

මරික්කාර් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, පාස්තු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තාවේ වෙළුම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ විපක්ෂ නායකවරයාට ලබාදෙන ලෙසයි.

බදු , තෙල් , විදුලි බිල වැඩි කරමින් ජනතාවගෙන් පලි නොගන්නා ලෙසත් මරික්කාර් මහතා ආණ්ඩුවෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.

‘‘පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් අත් නොවීම නිසාත් එහි සැලසුම්කරුවන් කවුරුද්ද යන්න සොයා නොගැනීම නිසාත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය මේ තත්ත්වයට පත් වුණේ කොහොමද කියලා සොයා නොගැනීම නිසාත් පාස්තු ප්‍රහාරය නැවත මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා.

පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාව කියන්නත් කලින් ජනතාව ගැන විවිධ සැක සංකා තිබුණා. ජනාධිපතිවරයා කියනවා චැනල් 4 සිද්ධිය ගැන හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා කියලා. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවත් වැඩක් නැ. ජාත්‍යන්තර පරීක්ෂණයක් තමයි අවශ්‍ය වෙන්නේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්.

අපට ආරංචියි ලංකාව මූල්‍ය අර්බුදයක පටලපු දේ ගැන හොයන්න කොමිසමක් පත් කරලා නෑ. ඒ කොමිසමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේනවලු. ඒ කොමිසමේ සභාපති පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්. ඒ කොමිසමෙන් වැඩක් තියෙයිද ඉතිං.

මහ බැංකු මූල්‍ය වංචාව පිළිබඳ වර්තමාන ජනාධිපති එවක අගමැතිවරයා විදිහට කමිටුවක් දැම්මා. පස්සේ ඒ කමිටුව යටපත් කරන්න හැදුවා. පස්සේ ජනතාවගේ පාර්ලිමේන්තුවේ විරෝධතාවය නිසා විවිධ කොමිසන් දාලා වහන්න හැදුවා. නමුත් ඒ වැඩේ හරි ගියේ නෑ.

පාස්තු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තාවේ සමහර වෙළුම් රහසිගතයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විපක්ෂ නායකවරයාට පරීශීලනය කරන්න අවස්ථාවක් නෑ. මොකක්ද තියෙන රහසිගතභාවය. ඇත්ත දැන ගැනීමේ අයිතියක් පුරවැසියන්ට තියෙනවානම් පාස්තු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තාමේ සමහර වෙළුම් පරීශිලනය කරන්න දෙන්න පුලුවන් වෙන්න ඕන.

බොරු කොමිසන් සභා දාලා , බොරු තේරීම් කාරක සභා දාලා මේ ගැන හොයන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ ගැන විශේෂඥ දැනුමත් තියෙන පිරිසක් නෙවෙයි. පාස්තු ප්‍රහාරය ගැන හොයන්න ඕන විශේෂඥ දැනුමක් තියෙන පරීශිලිකයෝ දාලා මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ඕන.

පාර්ලිමේන්තුවේ ඉන්න ඇමැතිවරුන්ගේ ආරක්ෂකයින්ට මේ ප්‍රහාරය ගැන දැනුම් දීලා තියෙද්දී , ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂ මණ්ඩලයට දැනුම් දීලා තියෙද්දී තමයි මේ ප්‍රහාරය සිදු වුණේ. එහෙම දැනුම් දීලත් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණ අයට පුළුවන්ද පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිස් ගැන හොයන්න.

බොරු තේරීම් කාරක සභා දාලා ජනතාව රවට්ටන්න එපා. ජනාධිපතිවරයාට ජනවරමක් නැත්තේ ඒ හින්දා. ජනාධිපතිවරයාට ජනතාව හිතන විදිහ ගැන ජනතාව දකින දේවල් ගැන ජනතාව ජීවත් වන විදිහ ගැන කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා ජනාධිපතිවරයා කියන දේවල් ජනතාව හිස් මුදුනින් පිළිගන්නේ නෑ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙපාරක් ජනපතිවරණයට ඉල්ලුවා පැරදුනා. දෙපාරක් වෙන අයව බිල්ලට දුන්නා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපති වුණ රනිල් වික්‍රමසිංහට ජනමතයක් නෑ. ජනමතයක් හදාගන්නත් බෑ. බදු වලින් , තෙල් ටිකෙන් , විදුලි බිලෙන් මිනිසුන්ගේ රීරි මාන්ස උරා බිලා තියෙන්නේ. ඒ නිසා ජනතාව රනිල් වික්‍රමසිංහ කියන දේවල් පිලිගන්න සූදානම් නෑ.

ජනාධිපතිවරයාගේ අගමැතිකම නැතිවුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව නැති වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා. අපි එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වෙලා එන්න ප්‍රධාන හේතුවක් තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය. රනිල් වික්‍රමසිංහ මහත්යාගෙන් ඉල්ලන්නේ එතුමාට පාර්ලිමේන්තු එන්න පාර කපපු එක්සත් ජාතික පක්ෂයට සාධාරණයක් ඉටු කරන්න. ජනාධිපතිවරයාට අගමැතිකම නැති කරපු පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන හොයන්න. රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටින කාලයේ ආරක්ෂ මණ්ඩලයට කැදෙව්වේ නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේ ගැන දන්නැ කියලා කිව්වා. ඒ ඇත්ත රටට උප්පු කරන්න පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න.

සැබැ වුනමනාවක් තියෙනවානම් පාස්තු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තාවේ වෙළුම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ විපක්ෂ නායකවරයාට ලබාදෙන්න. ජනාධිපතිවරයාට කියන්න තියෙන්නේ තමන්ට ජනාධිපතිවරණයට ඉල්ලන්න වෙන් නෑ කියලා ජනතාවගෙන් පලි ගන්න එපා. ලබන අවුරුද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය පුරවැසියෙක්. ජනාධිපතිකමත් නැ පාර්ලිමේන්තුවත් නෑ. ඒ නිසා ජනතාව සමඟ ජීවත්වෙන්න.‘‘

ප්‍රශ්නය – අයි එම් එෆ් කණ්ඩායමේ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ සාකච්ඡාවල ප්‍රගතිය මොන වගේද ? ඔබතුමා මේ ගැන දැනුවත්ද?

පිළිතුර – අපි කිසිම දෙයක් දන්නේ නෑ. අපිට ජනාධිපතිවරයා කිසිම දෙයක් කියලා නෑ. ඉස්සර විදෙස් රට වල පිරිස් ලංකාවට ඇවිත් තමයි රාජ්‍ය දේපළ ඉල්ලුවේ. ජනාධිපතිවරයා දැන් ලගට ගිහින් විකුණලා එනවා. ඉන්දියාවට ගිහින් විකුණුවේ මොනාද කියලා අපි දන්නේ නෑ. පාර්මේන්තුවට මූල්‍ය බලය තියෙනවා කිව්වාට එහෙම එකක් නෑ. මොනාද වික්කේ කියලා අහගන්න අපි අඩන්න ඕන. ටිකක් අඩනකොට ජනාධිපති ඇවිත් ප්‍රකාශ කරනවා. වංගු දාලා ලිස්සලා යනවා.
රටේ විකිණෙන්නේ මොනාද කියලා අපි දන්නේ නෑ. කිව්බාවේ , ඇමෙරිකාවේ ගිහින් නැදැයෝ ටික බලලා එද්දි මොනා විකුණලා තියෙයිද දන් නැ.

අයි එම් එෆ් එක බලන්නේ ණය වාරියකට ගෙවන්න පුලුවන්ද කියලා බලන එක. එතන රොකට් සයන්ස් එකක් නැ. බදු වැඩි කරලා , බිල් වැඩි කරලා , රාජ්‍ය ආයතන විකුණලා අයි එම් ණය වාරියකය ගෙවන්න තමයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ.

අලුත් ආදායම් එකක්වත් නෑ. තොරතුරු තාක්ෂණ වෙළද පොලට , සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට , මුල්‍ය ආයෝජන කලාප වලට දීර්ඝ කාලින ආයෝජන වැඩපිළිවෙලවල් වලට ඇතුලත් වෙලා නෑ. ප්‍රේමදාස ජනාධිපතිවරයා හදපු ඇඟලුම් කර්මාන්තශාලාවලින් තමයි තාම ඩොලර් මිලියන 13 ක ආදායම එන්නේ. ඒක නැත්නම් රටට බෙහෙතුත් නෑ. කෑමත් නෑ. හීන දැක්කට වැඩක් නෑ. ඒ හීන ක්‍රියාත්මක කරන්න දැක්මක් සහිත කණ්ඩායමක් ඉන්න ඕන. එහෙම කණ්ඩායමක් නැ ජනාධිපති එක්ක.

ප්‍රශ්නය – නාමල් රාජපක්ෂ කියලා තියෙනවා ටීවි රේඩියෝ වලින් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න බැ කියලා. එංගලන්තයෙන් ඇමෙරිකාවෙන් සහය ගන්න ඕන කියලා.

පිළිතුර – එයා කියනකන් තමයි ඔක්කොමලා හිටියේ. නාමල්ට තේරෙන් නැ. නාමල් හිතන් ඉන්නවා සිංහයෙක් කියලා. පිස්සු කුට්ටි ලවා ඒක කියවගන්නවා. තාත්තා මයිනා වෙලා බාප්පා කපුටා වෙලා නාමල්ට සිංහයෙක් වෙන්න බෑ. නාමල් නරියෙක්.
නැත්නම් ගිරවෙක්. පොහොට්ටුවේ අය එකතුවෙලා නාමල්ට ටොකු අනිනවා ඊලග ජනාධිපතිවරණයේදී ඒ ටොකු ටිකෙන් බේරෙන්න ක්‍රමයක් බලන්න.

ප්‍රශ්නය – ගෝඨාභය නැවත දේශපාලනයට එනවා කියලා කතාවක් යනවා. සජබෙ අදහස කොහොමද ඒ ගැන.

පිළිතුර – ජංගියත් එක්ක පැනලා ගිය මනුස්සයෙක්ට ආයේ ඡන්දයක් ඉල්ලන්න පුලුවන්ද? මාධ්‍ය මුදලාලිලා ප්ලාන්ට් කරන නිවුස් අහන්න එපා. කාලය නාස්ති කරන්න එපා.

ප්‍රශ්නය – පළාත් සභා මැතිවරණයක්වත් නැති වෙලාවක නේද සජබේ ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වෙන්නේ ?

පිළිතුර – මහ මැතිවරණයකට , පළාත් පාලන මැතිවරණයකට , ජනාධිපතිවරණයකට සජබෙ ඕනෑම වෙලාවක සූදානම්. ඉස්සල්ලා තියෙන්නේ මහ මැතිවරණය. ලබන අවුරුද්දේ සිංහල අවුරුද්දට පෙර සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් පිහිටුවන මැතිවරණයට තමයි ලැස්ති වෙන්නේ.

ප්‍රශ්නය – ජිනිවා මානව හිමිකම් කොමිසම නිසා ඉදිරියේදී රටට මොන වගේ තත්ත්වයක් ඇතිවෙයිද?

පිළිතුර – රටේ සිදුවෙලා තියෙන අපරාධ වලට , මාධ්‍ය ආයතන විනාශ කිරීම් . මාධවේදීන් ඝාතනය කිරීම් මාධවේදීන්ට හිරිහැර කිරිම් නිසා ඇතිවල කලු පැල්ලම නැතිවෙන්නේ නෑ.
වින්දිතයන්ට සාධාරණයක් නොකරන හුදකලා රාජ්‍යයක් බවට පත්වෙන එක තමා වෙන්නේ. ඉදිරයේදී පිහිටුවන අලුත් රජයකට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවෙනවා. අපි ජාත්‍යන්තර අත පෙවීම් විස්වාස කරන්නේ නැති කණ්ඩායමක්. අපි දේශීය නිසි පරීක්ෂණ කලොත් විදෙස් රටවලට අත දාන්න බැ. අපිට ඒක අභියෝගයක් නමුත් අපි ඒක කරනවා.

ප්‍රශ්නය – සෞඛය අර්බුදය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ.

පිළිතුර – අපි සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාව මල් ශාලාකාරයෝ 113 ක් එකතු වෙලා දිනෙව්වා. දැන් ඉතිං මිනිස්සු සාප ඉල්ලනවා. ඒ සාප වැදෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට තේරෙන් නැ කවදා හරි මන්ත්‍රීධූර නැති වෙලා සාමාන්‍ය මිනිස්සු එක්ක ජීවත් වෙන්න සිදුවෙනවා කියලා. ඔවුන් වයසට යනවා ලෙඩ හැදෙනවා. එතකොට මේ කරපු පාපයන් පල දෙයි.

ප්‍රශ්නය – සජබෙ ආණ්ඩුවකට ඩොලර් බිලියන 91 ණයක් ගෙවන්න පුලුවන් වෙයිද?

පිළිතුර – ඩොලර් බිලියන 91 ක් නෙවෙයි දැන් ණය බර ඩොලර් බිලියන 96.5 කට වැඩි කරලා තියෙනවා. ණය ගෙවන්න අලුත් ආදායම් මාර්ග හදන්න ඕන. අලුත් වෙළඳපොල රාමුවකට ඇතුලු වෙන්න ඕන. රජය ව්‍යාපාර වලින් අයින් වෙන්න ඕන. පෞද්ගිලක රාජ්‍ය ආයතන එකතු කරලා ලාභ ලබන තත්ත්වයට ගේන්න ඕන. අපේ ආණ්ඩුවක් ගත්තාම විනය ගරුක සාමාජයක් ඇතිකරන්න ඕන. මිනිස්සුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වලට ගරු කරන්න ඕන. වෘත්තිය සමිති වලට විරෝධය දැක්වීමට අයිතිය තියෙන්න ඕන. නමුත් ඒවා රටේ ආර්ථිකයට හෝ පුද්ගල නිදහස බාදා වෙන අන්දමට ඒවා කරන්න දෙන්න බෑ. හරි ඉලක්කයට යන්න තදින් ක්‍රියා කරන්න වෙනවා. මේ අභියෝග සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන රජයක අපි මොන විදිහකින් හරි කරනවා.

SendShareShare
Previous Post

රනිල් කියුබානු ජනාධිපති හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

කෝටි 81ක් ආණ්ඩුවට ඉතුරු කරලා දීපු රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවෙන් යළි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අරන්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.