ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන විට ඇතිවන තත්වයන්වලට මුහුණ දෙන්න සූදානම් විය යුතු බවත් අපි තමයි හෙඳටම කරමින් ඉන්නේ කියන අයට ඇත්තට මුහුණ දෙන වෙලාව වැඩි ඈතක නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‘කෝප්’ කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුව, පොදුජන පෙරමුණේ පරමාර්ථවලින් බැහැර වන්නේ නම් ගැටුමක් ඇතිවීමට ඉඩ ඇතැයි ද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කීය.
කිසියම් කෙනෙක් කියනවා නම් රටට ඉතාමත් හොඳ තත්වයක තියෙනවා කියලා එසේ කිවහැක්කේ ආණ්ඩුව තවම ණය ගෙවීම ආරම්භ කර නොමැතිවීම නිසා බවත් ණය ගෙවීම ආරම්භ කළ පසු ඇතිවන තත්වයට රට මුහුණ දිය යුතු බවත් ඒ මහතා කීය.
මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රජය සමඟ ඇති බැදීම රාජ්‍යය ආරක්‍ෂා කරගැනීමේ කොන්දේසි විරහිත බැදීමක් පමණක් බවත් රජය පොදුජන පෙරමුණේ පරමාර්ථවලින් එළියට යන්නේ නම් සමහර විට රජයත් සමඟ ගැටෙන්න සිදුවන බවත් ඒ මහතා කීය.
පොදුජන පෙරමුණ පක්‍ෂයේ පරමාර්ථ සමඟ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැටෙන්නේ නම් ගැටීමට සිදුවිය හැකි බව කී රංජිත් බණ්ඩාර මහතා ආණ්ඩුව රාජ්‍යය ආරක්‍ෂා කරනවා මෙන්ම මේ රටේ අතිමහත් බහුතරයක් ජනතාවගේ ඕනෑ එපාකම් වෙනුවෙනුත් කටයුතු කිරීමට සිදුවන බව ද සඳහන් කළේය.











