මේ වසරේ දී රට පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15763ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත. (Sri Lanka Latest News)
මෙම සමීක්ෂණයට අනුව මන්දපෝෂණයෙන් පෙළෙන වැඩිම දරුවන් පිරිස හඳුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභා සීමාව තුළිනි.
පසුගිය වසරට සාපේක්ෂව අඩු බර දරුවන් ගේ වැඩිවීමක් ද පෙන්නුම් කරන අතර එය 2%කට ආසන්නය.
මෙම අගය පසුගිය වසරේ දී 15.3%ක් වූ බව පවුල් පෙන්වා දෙන පවුල් සෞඛ්‍ය කාර්යාංශය මේ වසරේදී එම අගය 17% බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දෙයි.
එසේම බර අඩු දරුවන්ගේ සහ රක්ත හීනතාවයෙන් පෙළෙන මවුවරුන්ගේ වැඩිවීම පසුගිය වසරේ පැවැති 14.5% ක ප්‍රතිශතය මේ වසරේදී සියයට 15 දක්වා වැඩි වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය සිදුකළ සමීක්ෂණයෙන් තහවුරු වී ඇත.
lankasara










