මහනුවර කටුගස්තොට මහයියාව ප්‍රදේශයේ දේපොළ වෙළෙඳාම් පුද්ගලික සමාගමක හිමිකරු සහ ඔහුගේ බිරිය විසින් ඉඩම් කට්ටි කර ලබා දෙන බව පවසා රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධව මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. (Sri Lanka Latest News)
මෙම වංචාවට සම්බන්ධ සැකකරු මුතුතන්ත්‍රීගේ ජූඩ් ප්‍රනාන්දුය. සැකකාරිය එගොඩහ හාලිඇල ගෙදර ශ්‍රීමතී තිස්සකුමාරිය.
කටුගස්තොට ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිවී සිටි මේ යුවල ඔවුන්ගේ ව්‍යාපාර ස්ථානය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මාසිකව රුපියල් ලක්ෂ 03ක කුලියක් ගෙවා ඇති බවද හෙළිවී තිබේ.
පසුව ගනුදෙනුකරුවන්ගෙන් ලබාගත් කෝටි ගණනක මුදලත් සමග හිටිවනම පදිංචිය අත්හැර අතුරුදහන් වී ඇත.
මෙම සැඟවී පලා ගිය යුවල කළ වංචාව සම්බන්ධව මේ වනවිට පැමිණිලි නවයක් මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබේ.
පැමිණිලිකරුවන් පවසා ඇත්තේ ඉතාම අලංකාර භූමින්හි ඉදි කිරීමට යෝජිත බව සඳහන් නිවාස සැලසුම් පෙන්වා නිවාස ඉදිකිර පවරාදීමේ පදනම මත රුපියල් මිලියන ගණන් අත්තිකාරම් ලෙස ලබාගෙන මෙම යුවල පලා ගොස් ඇති බවය. මේ අතර රුපියල් කෝටියක අත්තිකාරම් මුදලක් ලබා දුන් පුද්ගලයේ ද සිටින බව විමර්ශන අංශ කියයි.
වාර්තාවන පරිදි මෙම යුවල ගනුදෙනුකරුවන්ට පෙන්වා ඇත්තේ වෙනත් පුද්ගලයින් සතු ඉඩම් බවත් පසුව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකාර යුවළ දේපොළ වෙළෙඳාම් ආයතනයට සමගාමීව අධ්‍යාපන ආයතනයක් ද පවත්වාගෙන ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
lankasara










