සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඔවුන් පවසන්නේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවය.
අදාළ සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්රතිචාරයක් ලැබීම හේතුවෙන් තම වර්ජනය අවසන් කළ බව ඔවුන් පවසයි.
මේ මොහොතේ සිට වර්ජනය අවසන් කිරීමත් සමඟ දුම්රිය ධාවනය අද දහවල් වනවිට යථාවත් වනු ඇති බවද ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය වැඩිදුරටත් පවසයි.










