මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ නැමැත්තා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
නේපාලයේ සිට ලංකාවට පැමිණෙමින් සිටියදී ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි ගුවන්තොටුපළ වාර්තා සඳහන් කරයි.
මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් ගනේමුල්ල සංජීව නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.










