මත්තල ගුවන්තොටුපොළට සාප නොකර එය කේන්ද්‍ර කර ගෙන සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කල යුතු බවත් මත්තලට සංචාරකයන් පැමිණියත් ඔවුන්ට සංචාරය කරන්න නවතින්න පහසුකම් නොමැති වීම නිසා මෙය සංවර්ධනය කළ යුතු බවත් සංචාරක කර්මාන්තය දියුන වන්නේ නාගරික සංවර්ධන ව්‍යාපෘති ඵලදායී ලෙස සිදු කිරීම මත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
පොතුවිල් ආරුගම්බේ හා පානම වැනි සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව විශාල ඉල්ලුමක් සංචාරකයන්ගෙන් පැවතියත් එම ප්‍රදේශ දුෂ්කර ප්‍රදේශ බවට පත්වී ඇති බවත් දිවයින පුරා ඇති බොහෝ සංචාරක ප්‍රදේශවල තත්ත්වය එක හා සමාන බවත් මේ තත්ත්වය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සියලු කටයුතු සිදු කිරිමට පෙර හොඳ අධ්‍යානයක් සිදුවිය යුතු බවත් ඒ තුළින් අදාළ සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ කුමන රජයක් පැමිණියත් වෙනස් නොවන සැලසුමක් ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිලිබඳ ආංශික කාරක සභාව අමතමිනි.
රට තුළ නාගරික හා ග්‍රාමීය බෙදීම සම්බන්ධයෙන් නිවැරදි නිර්වචනයක් තිබුනත් එහි ප්‍රායෝගික භාවිතය සම්බන්ධයෙන් සිතිය යුතු බවත් රටටම එකම නාගරික සංවර්ධන සැලසුමක් සකස් කළ යුතු බවත් එහි දී එන විවිධ යෝජනා තුල වෙනස් කම් සිදු කළ හැකි බවත් ජාතික වශයෙන් නාගරික සංවර්ධන ක්‍රියාවලිය තුල ඒකාග්‍රතාවක් හා ඒකාබද්ධතාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

















