• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුද්ධදාස රජතුමා මේ කාලෙට ආව නම් I Sri Lanka Latest News

September 8, 2023
in Exclusive, News
Reading Time: 23 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළ වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘බුද්ධදාස රජතුමා මේ කාලෙට ආවා නම්’ ලෙස නම්කර ඇති එම වීඩියෝව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස අප ගෙන එන්නෙමු.(Sri Lanka Latest News)

ඔන්න දැන් බුද්ධදාස රජතුමා කාල තරණය හරහා නැවත වතාවක් මේ රටේ පහළවෙලා. මේක මනඃකල්පිත කතාවක්. රජ ඇඳුමක් ඇඳගත්තු එතුමා දැන් පාරේ ඇවිදගෙන යනවා. මිනිස්සුත් අමුතු විදියට බල බලා යනවා. එතකොට ඔහුට එක්තරා මනුස්සයෙක්ව මුණගැහෙනවා. මේ ඔහුත් එක්ක රජතුමා කරන කතාබහ.

රජු – මගිය… මගිය…

අමුත්තා – මොකා.. මදි නෑ… ගානට.

රජු – මදි නෙවෙයි. මං කිව්වේ මගිය… මගියෙක් නේද ඔයා?

අමුත්තා – මගියෙක් කියන්නෙ බස් එකේ යන එවුන්ටනෙ. මං පයින් යන මිනිහෙක්නේ.

රජු – මාව අඳුරගත්තේ නැද්ද? මම බුද්ධදාස.

අමුත්තා – ආ… බුද්ධදාස ගලප්පත්තිද? බුද්ධදාස විතානාරච්චිද?

රජු – නෑ නෑ නෑ… මම බුද්ධදාස රජතුමා.

අමුත්තා – හෑ… ඇත්තටම බුද්ධදාස මහත්තයා. ඔයාටත් රජවෙන්න තිබුණා. මේකෙ එකපාරක් රජෙක්ට වැකියුම් එකක් ආවනේ…

රජු – ඒ කියන්නේ?

අමුත්තා – රජෙක් නෑ. ඕනෙ එකෙක්ට ඒ වෙලාවේ එන්න තිබ්බා. අපරාදෙ ඔයාටත් එන්න තිබ්බා. රජකම ගන්න කෙනෙක් නැතුව හතර අතේ දිව්වනේ කට්ටිය.

රජු – මොනවද මේ කියන්නේ? සුරාව පානය කරලා නේද?

අමුත්තා – සිරාවටම ඔව්.

රජු – මම පෙර සිටි බුද්ධදාස නම් රජ වෙමි.

අමුත්තා – ඔයා මට වඩා ගහලනේ..

රජු – මම කාල තරණය කරලා මෙහාට ආවේ.

අමුත්තා – ඔයා ගහලා අනේ ඔයාට වැඩි. ඔයා රජවෙලා කියලා හිතාගෙන ඉන්නේ.

රජු – මම ඒ කාලේ හිටපු බුද්ධදාස රජතුමා. මහාවංශෙත් තියෙනවලු මං ගැන.

අමුත්තා – අපේ හතරෙ පන්තියෙද පහේ පන්තියෙද පොතේ තිබ්බා අර නයෙක්ගෙ ගෙඩියක් පැලුවා කියලා.

රජු – එහෙම තියෙනවද පොත්වල?

අමුත්තා – පොතක තියෙනවා. ඒක නයා නේද?

රජු – ඔව් නයා නයා…

අමුත්තා – මට හිතුණා ඒ කාලේ උගන්නනකොටම. නැත්නම් මිනිස්සු යනවද අනේ නයින්ට බේත් කරන්න.

රජු – මොකක්ද කියන්නේ?

අමුත්තා – ඔබතුමාගෙ මීඩියා යුනිට් එකෙන් ඇරපු නයෙක් නේද ඒ කතාව? නයෙක්ට ප්‍රතිකාර කළා කියලා බොරුවක් යැව්වා.

රජු – මේ, ඕනෙ නැති කතා කියලා රාජ උදහසට ලක්වෙන්න එපා. මම ඒ නාගයාගේ ගෙඩිය පළලා, සැරව යවලා, මහලා වෙදකම් කළා. ඒකට කෘතගුණ සැලකීමට නාගයා මට මැණිකක් දුන්නා.

අමුත්තා – මෙහෙ මැණික් මල්ලක් හම්බවුණානේ…

රජු – නාගයෙක්ගෙන්ද?

අමුත්තා – ආච්චිගෙන්…

බුද්ධදාස රජතුමා මේ අමුත්තා එක්ක දිගින් දිගටම කතාබහ කරනවා.

රජු – මගිය

අමුත්තා – මම සෝමරත්න. මට සෝමෙ කියන්න.

රජු – සෝමෙ, දැන් මෙහෙ රජ වැසියෝ සෞඛ්‍යසම්පන්නව වෙසෙනවද?

අමුත්තා – නියමෙටම ඉන්නවා… හොම්බෙන් යන්නේ…

රජු – හොම්බෙන් යන්නේ? ඒ කියන්නේ…?

අමුත්තා – ඒ කියන්නේ බේත් නෑ ඉස්පිරිතාලවල. දොස්තරලත් නෑ. ගේන්නෙත් නෑ. ඔය මැරි මැරී යනවා…

රජු – අයියෝ මොන අපරාධයක්ද? ඉතිං මහ වෙදනා මොනවද කරන්නේ මේවට…?

අමුත්තා – මොකා…?

රජු – මහ වෙදනා…

අමුත්තා – කවුද ඒ…?

රජු – මහ වෙදනා කියන්නේ පෙර රජ දවස බොහොම දක්ෂ වෛද්‍යවරයෙක් පත්කරනවා වෙදකම ගැන බලන්න.

අමුත්තා – ඒ කියන්නේ ප්‍රධාන වෛද්‍ය ඇමැති.

රජු – ඔව්.

අමුත්තා – අපේ නම් වෙදෙක් නෙවෙයි වෛද්‍ය ඇමැති.

රජු – මෙහෙ කවුද වෛද්‍ය ඇමැති…?

අමුත්තා – එයා නිකං කෙනෙක්. එයාට කියන්නේ සෞඛ්‍ය ඇමැති. එයා වෙදනෙක් නෙවෙයි නොදැනා…

රජු – මේ මහ වෙදනා ඉතිං මොකද කරන්නේ? පෙර කාලේ මම ගම් දහයකට හරියන්න එක වෙද ගෙයක් හදන්න නියම කළා. ඒ විදියටම ඒ කටයුතු තාම කෙරෙනවද?

අමුත්තා – නෑ එහෙම නම් නෑ. හැම ඉස්පිරිතාලයක් වටේම මල්ශාලා දහයක් දොළහක් නම් තියෙනවා.

රජු – මල්ශාලා… කවුද ඕක කිව්වේ…?

අමුත්තා – ඒ මහ නොදැනා තමයි කිව්වේ…

රජු – නොදැනා නෙවෙයි ළමයා මහ වෙදනා…

දැන් ඔන්න බුද්ධදාස රජතුමා අර අමුත්තා (සෝමෙ) එක්ක බංකුවක වාඩිවෙලා කතාබහ කරමින් ඉන්නවා.

රජු – සෝමෙ, මේ මිනිස්සු මේ තරම් රෝගී වුණාම මේ මහ වෙදනලා, සුළු වෙදනලා මේකට මුකුත් කළේ නැද්ද සෝමෙ…?

අමුත්තා – කරපු හරිය තමා ඉතිං මේ. මෙහෙ වැඩිය ඉන්නේ රජතුමනි සුදනලනේ.

රජු – ආ… සුදනලා කියන්නේ හොඳ මිනිස්සුද?

අමුත්තා – නෑ නෑ… සුදනා කියන්නේ සුද්දකරන කට්ටිය. සුද්දෙ දාන අය. ඒ සුදනලා හරි නොදැනලා හරි දැන දැනලා හරි මේකට වැඩේ කරලා තියෙන්නේ දැන්.

රජු – ඔව් මටත් පේනවා හොඳටම කරලා තියෙනව කියලා. අනේ සෝමේ මං ලියපු සාරාර්ථ සංග්‍රහය ග්‍රන්ථයෙන් එහෙම මේ රටේ මිනිස්සු ප්‍රයෝජනයක් ගන්නවද?

අමුත්තා – ඒක තියෙනවලු කෞතුකාගාරේ. දේශීය චිකිත්සාව කරන සමහර අය පොඩ්ඩ පොඩ්ඩ ඒ පොත බලනවලු. ඒ වුණාට ගොඩක්ම ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ චරක සංහිතාවයි සුශ්‍රැත සංහිතාවයිනේ.

රජු – ආ… චරක ඍෂිවරයගෙයි, සුශ්‍රැත ඍෂිවරයගෙයි ග්‍රන්ථ. මමත් ඒ ඍෂිවරුන්ගේ ග්‍රන්ථ පරිභෝජනය කළා.

අමුත්තා – ඒ කියන්නේ කෑවා…?

රජු – කෑවා නෙවෙයි පරිහරණය කළා.

අමුත්තා – රජතුමාට වචනේ පැටලුණා නේද…?

රජු – නෑ නෑ. දැං ඉන්න අය පරිභෝජනය කරනවනේ. ඒකයි මට වචන පැටලුණේ.

බුද්ධදාස රජතුමා දැන් අර අමුත්තා (සෝමෙ) එක්ක හරි හිතවත්. දෙන්නගේ කතාබහ තවදුරටත් සිදුවෙනවා මේ විදියට.

රජු – සෝමේ, ඒ කාලේ කැලෑවට ගිහින් බෙහෙත් ඖෂධ ගේන්න වෙනම පිරිසක් හිටියා. ඖෂධ වගාකළා. ඖෂධවලට හානි කරන අයට දඬුවම් කළා. අපි බොහොම පරිස්සමට ඒ කටයුතු කළේ. දැන් කවුද ඔය කැලෑවට ගිහින් ඖෂධ අරගෙන එන්නේ සෝමෙ?

අමුත්තා – මම දන්න විදියට දැන් වවන්නේ එක ඖෂධයයි. හැබැයි ඒක වවන එවුන් නෙවෙයි අරගෙන එන්නේ සමහර වෙලාවට. සමහර වෙලාවට එක සැරේ පොලිසියෙන් අරගෙන එනවා ඔක්කොම.

රජු – අනේ මොන අපරාධයක්ද? ඒ මොකද පොලිසියෙන් ගේන්නේ?

අමුත්තා – එහෙම තමයි. ඒ ඖෂධයට කැමැති නෑ.

රජු – එතකොට ඖෂධ ගන්න කැලෑවට යන්නෙම නැද්ද?

අමුත්තා – දැන් මෙහෙමනේ රජතුමනි. ඒ කාලේ තිබ්බේ ගුළි, කල්ක වගේ ඒවනේ. දැන් තියෙන්නේ පෙති. ඒවා පිටරටින් තමයි ගෙන්නන්නේ.

රජු – කැලෙන් ගේන්නෙ නැද්ද?

අමුත්තා – කැලෑ පාරෙන් තමයි ගොඩක් එන්නේ.

රජු – කොහොමද ඒ බේත් ගෙන්නන්නේ එතකොට?

අමුත්තා – පෙනි පෙනිත් ගෙන්නනවා. නොපෙනිත් ගෙන්නනවා. ඒ කියන්නේ හදිසි මිලදී ගැනීම් කියලා, ටෙන්ඩර්වලින් එළියට ගිහින් එහෙන් මෙහෙන් කැලෑ පාරවල්වලිනුත් ගෙන්නනවා.

රජු – ඒ කියන්නේ තාමත් කැලෑ පාරෙන් බෙහෙත් ගෙන්නනවා නේද?

අමුත්තා – කැලෙන් තමයි ගොඩක් ගේන්නේ.

රජු – බොහොම හොඳයි. එතකොට ඒවායින් රෝගීන් සුවපත් වෙනවද?

අමුත්තා – එකෙක් දෙන්නෙක් වෙනවා කියලා කියනවා. දෙන්නෙක් තුන්දෙනෙක් මැරෙනවා. ඇස් පේන්නෙ නැතුව යනවා. එක එක ප්‍රශ්න ඉතිං.

රජු – මොනවා….?

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

උසස් පෙළ ගණිත අංශයෙන් B සාමාර්ථ 3ක් එක්ක විශ්වවිද්‍යාලයට තේරුණු හංසමාල් දිවියෙන් සමුගනී! Sri Lanka Latest News

Next Post

චැනල් ෆෝ නාළිකාව හෙළි කළ ‘ට්‍රිපොලි ප්ලැටූන්’ ගැන හකීම්ගෙන් අද පාර්ලිමේන්තුවේදී තවත් විශාල හෙළිදරව්වක්! මේ නීතිවිරෝධී මිනීමරු කණ්ඩායම ගැන වත්මන් ජනාධිපතිත් දන්නවා! ඉදිරියේදී තවත් කරුණු හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.