• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලයිට් නැති, ඉන්ටර්නෙට් නැති, නකල්ස් කන්ද උඩ තියෙන ලංකාවේ දුප්පත්ම ගම්මානය දවසටම එක වේලක් කාලා හුදෙකලාවේ ජීවත් වෙන මිනිස්සු I Sri Lanka Latest News

September 8, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අතීත රාජධානි පැවැතුණු කාලයේ පටන් ලංකාව පුරාම බොහෝ ස්ථානවල නගරබද ප්‍රදේශවලට වඩා තිබුණේ පුරාණ ගම්මාන. මේ පුරාණ ගම්මාන පද්ධති තුළ ගැමි ජනතාවටම ආවේණික වුණු ජන ජීවිතයක් තිබුණා. මේ ගම්මානවල ජීවත් වුණු හැම වැසියෙක්ම ස්වයංපෝෂිත ආර්ථික රටාවකට හුරුවුණු ජන කොට්ඨාසයක් බවට පත්වුණා. ඒ නිසාම මහා ලොකු බලාපොරොත්තු නැති වුණත් එදා වේල කාලා දවස ගෙවන්න තමයි මේ ගම්වල ජීවත් වුණු ජනතාවට අවශ්‍ය වුණේ.(Sri Lanka Latest News)

අද වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවල නාගරීකරණයත් එක්ක මුසුවෙලා නාගරික තදාසන්න ප්‍රදේශ බවට මේ බොහෝ ප්‍රදේශ පත්වුණත්, තවමත් ඉතා දුෂ්කර ගම්මාන විදියට පවතින ප්‍රදේශ බොහොමයක් ලංකාවේ තිබෙනවා. අද අපි ඔබට කියන්න යන්නේ නකල්ස් කඳු වැටියේ උසම ස්ථානයක පිහිටා තිබෙන ඒ වගේ ගම්මානයක් පිළිබඳවයි. බොහෝ දෙනා කියන විදියට මේ ප්‍රදේශය මේ තරම් හුදෙකලා වෙන්නේ ඇයි? සිග්නල් ටික, ලයිට් ටිකවත් හරියට නැති, අඩි 4000ක් විතර උසින් තියෙන මේ ප්‍රදේශයේ මිනිස්සුන් අදටත් ජීවත් වෙන්නේ කොහොමද?

නකල්ස් කඳු වැටිය කියන්නේ ලංකාවේ සුන්දරත්වය අතින් සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් ආකර්ෂණය කරගන්නා සුවිශේෂ ස්ථානයක්. අද අපි කතා කරන්න යන මේ සුවිශේෂ ගම්මානය මුහුදු මට්ටමේ ඉඳන් අඩි 4,000ක් පමණ ඉහළ ප්‍රදේශයේ නකල්ස් කඳු වැටියේ තමයි පිහිටා තිබෙන්නේ. උඩරට රාජධානි සමයේ පටන්ම පුරාණ ගම්මානයක් විදියට ජනතාවට සෙවණ දීපු මේ සුවිශේෂ ගම්මානය තමයි ‘ගල මුදුන ගම්මානය’ සමහර විට මේ ගම්මානය ගැන වැඩි දෙනෙක්ගේ අවධානය යොමු නොවෙන්න ඇත්තේ මේක හරිම දුෂ්කර ප්‍රදේශයක පිහිටලා තියෙන පුංචි ගම්මානයක් නිසා වෙන්න ඇති.

කඳු මුදුනක් මත පිහිටා තිබෙන නිසා තමයි මේ ගම්මානයට ගල මුදුන කියන නම පටබැඳෙන්නේ. මේක පුරාණ ගම්මානයක් නිසා තවමත් නිසි ප්‍රවේශ මාර්ගයක් මේ ගමට නැහැ. ඒ නිසාම මේ ප්‍රදේශයට කවුරුන් හෝ යනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම මහියංගනය ප්‍රදේශයේ ඉඳන් හසලකට ඇවිල්ලා, හෙට්ටිපොල පාරේ කොලොන්ගොඩ ප්‍රදේශයට එන්න ඕනෙ. හසලක ඉඳන් මේ ගම්මානයට කිලෝමීටර් 15ක් තියෙනවා. ඉන් පස්සේ උඩුදුම්බරින් සුළුගුණේ ප්‍රදේශයට ගිහින්, ඒ හරහා වැටිලා තියෙන අඩි පාරක් දිගේ ටිකක් දුර ගමන් කළාට පසුව උඩගල්දෙබොක්ක කියන කඳුකරයට එන්න පුළුවන්.

ඊට පස්සේ උඩගල්දෙබොක්ක කඳුකරයේ කිලෝමීටර් 3ක් විතර තරණය කළාට පසුවයි මේ ගල මුදුන ගම්මානයට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. මේ ගමන් මාර්ගය විස්තර කරද්දී ඕනෑම කෙනකුට තේරෙනවා මේ ප්‍රදේශයට යන එක කොයි තරම් දුෂ්කරද කියන එක. ප්‍රධාන මාර්ගයේ ඉඳන් සැතපුම් 08ක් විතර යන විට වනාන්තරය මැදට වන්නට පිහිටා ඇති මේ ගල මුදුන ගම්මානයට යන කෙනෙක් අනිවාර්යයෙන්ම රූස්ස කැලෑවක් මැදින් වැටුණු අඩි පාර ඔස්සේ ගමන් කරන්න ඕනේ. බොහෝ පුද්ගලයන් මේ ප්‍රදේශය හරහා ගමට යන්න සුවපහසු මාර්ගයක් හදන්න ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තිබුණත් අදටත් ඒ කිසිම ව්‍යාපෘතියක් සාර්ථක වෙලා නම් නෑ.

ගමේ ජීවත් වෙන බහුතරයක් දෙනා ගමන් බිමන් කටයුතු සිද්ධ කරන්නේ මේ කැලෑව මැද්දෙන් වැටිලා තියෙන අඩි පාර දිගේ ගිහින්. රාත්‍රියට මේ පාරේ ගමන් කරන කෙනෙක් අලින්, වළසුන් වගේ සතුන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම වර්ෂා කාලයට නම් මේ ගම්මානයේ මිනිස්සු තමන්ගේ ගෙවල්වලින් එළියට බහින්නෙත් බොහොම කලාතුරකින්.

හේතුව, වැස්ස වහින කාලයට ගස් ගල් මැදින් වැටුණු අඩි පාරේ බොහොමයක් තැන්වල කුඩා සහ විශාල ප්‍රමාණයේ දොළ පාරවල් ගලාගෙන යනවා. අධික වර්ෂාවත් සමග සක්‍රීය වන මේ දොළ පාරවල් ඇතැම් විට ප්‍රචණ්ඩ වෙන අවස්ථාත් නැතුවාම නොවෙයි. ඒ නිසා වර්ෂා කාලයට නම් හරි ආකාරයේ ගමන් මාර්ගයක් නැති නිසා ගම්මානයේ මිනිස්සුන්ට ගමටම කොටු වෙලා තමයි ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ.

ගල මුදුන කියන මේ ගමේ වැසියන් තමන්ගේ දෛනික අවශ්‍යතා ඉටුකරගන්න කොලොන්ගොඩ, හසලක, හඳුන්ගමුව වගේ නගරවලට යන්න පුරුදු වෙලා ඉන්නවා. නිතර නගරයට යන්නෙ නැති නිසා සති පොළ පැවැත්වෙන දිනයට විතරක් සාමාන්‍යයෙන් මේ මිනිස්සු ගමෙන් එළියට යනවා. ඒ අවස්ථාවේදී වුණත් සුළුගුණේ කියන ප්‍රදේශ අසලින් ගලා යන හීන් ගඟට බැහැලා තමයි ගඟ හරහා ඔවුන්ට එගොඩ වෙන්න තියෙන්නේ.

මිනිස්සු මේ තරම් දුෂ්කරතාවක් ගෙවාගෙන නගරයට යන්නේ පාන් පිටි, කිරිපිටි, සීනි, තේකොළ වැනි අත්‍යාවශ්‍ය දේවල් අරගෙන එන්න. හැබැයි ඒ වගේ අත්‍යාවශ්‍ය දෙයක් සම්පූර්ණ කරගන්න මේ ගමේ ඉඳන් කෙනෙක් නගරයට යනවා නම් සම්පූර්ණයෙන්ම දවසක් ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් ගල මුදුන ගම්මානයේ කෙනෙක් උදේ පාන්දරම නගරයට පිටත් වුණාම හවස් යාමය වෙද්දී තමයි ඔහුට නැවත නගරයට එන්න ලැබෙන්නේ.

ඒ වගේම තමයි හුන්නස්ගිරිය මීමුරේ ඉහළ කඳුකරයෙන් ආරම්භ වෙලා ගලාබසින අපි මුලින් සඳහන් කරපු හීන් ගඟේ ජල මට්ටම නිතර අඩු වැඩි වෙන නිසා සමහර දිනවල නගරයට යන්න එන මිනිස්සු හිස් අතින්ම ආපහු ගෙදර එනවා. එහෙමත් නැත්නම් ජල මට්ටම අඩු වෙනතුරු ගං ඉවුරට වෙලා බලා ඉන්නත් ඔවුන්ට සිදුවෙනවා. මේ සිදුවීම් නිසා පසුගිය කාලයේ ගඟ හරහා පාලමක් ඉදි කළත්, පසුකාලීනව ඒ පාලම ගං වතුරට විනාශ වෙලා කඩාගෙන ගිහින් තියෙනවා.

හැබැයි ඊට පස්සේ මේ පාලම ප්‍රතිසංස්කරණය කළේ නම් නැහැ. මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ ගල මුදුන ගම්මානයේ ජීවත් වෙන මිනිස්සු මේ දේවල් තමන්ගේ දෛනික ජීවිතයේ ප්‍රශ්න බවට පත්කරගන්නේ නැහැ. විශේෂයෙන්ම ඔවුන් ගතකරන්නේ නගරයේ සංකීර්ණ ජන සමාජයෙන් ඈත් වෙලා අව්‍යාජ සිනාවන් හිතේ පුරවගත්ත සුන්දර සැහැල්ලු ජීවිත. විශේෂයෙන්ම ගමේ ජීවත් වෙන ජනතාවගේ මූලිකම වෘත්තිය විදියට කිතුල් රා සහ හකුරු නිෂ්පාදනය, බෝග වගාව, එනසාල් වගාවන් වැනි ආර්ථික ක්‍රියාවන් හඳුන්වන්න පුළුවන්.

මේ වගාවෙන් උපයාගන්නා පුංචි ගතමනාවෙන් තමයි මේ මිනිස්සු ජීවිතේ ගැටගහගන්නේ. ගල මුදුන ගම්මානයේ ජීවත් වෙන මිනිස්සු බොහෝ විට කන්නේ දවසකට එක කෑම වේලයි. උදේටයි රෑටයි දෙකටම හරියන්න බොහෝ අවස්ථාවලදී ඔවුන් දිවා ආහාරය විතරක් ගන්නවා කියලා තමයි ඔවුන්ගේ ජීවන රටාව සලකා බලද්දී නිරීක්ෂණය වෙලා තියෙන්නේ.

ඔවුන්ට සහල් ටික නිෂ්පාදනය කරගන්න වී මෝල් හෝ ඇඹරුම් යන්ත්‍ර ගල මුදුන ගම්මානයේ නැති නිසා ඒ සියලු දේවල් අතීතයේ වගේම අදත් මේ ගම්මානයේ වැසියන් සිද්ධ කරන්නේ අත් දෙකෙන්. ඒ වගේම අදටත් ගල මුදුන ගම්මානයේ බොහෝ ගොවිතැන් කටයුතු සිදුවෙන්නේ ස්වභාවික ක්‍රම භාවිත කරමින්. ඔවුන් තමන්ගේ වගාවල අස්වැන්න වැඩි කරගන්න කියලා කෘෂි රසායනික භාවිත කරන්නේ නැති තරම්. ඒ තරමටම අතිදුෂ්කර ජීවන රටාවකින් කොහොම හරි තමන්ගේ ජීවිතය ගැටගහගෙන ගල මුදුන ගම්මානයේ මේ සුවිශේෂ ජනතාව හැමෝමත් එක්ක සමගියෙන් ජීවත් වෙනවා.

එදා වේල කාලා එදා දවස ගතකරන්න විතරක් බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන ඔවුන් කාගෙන්වත් කිසිම දෙයක් කඩාවඩා ගන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ගමේ නිවාස බොහොමයක් ඉදිකරලා තියෙන්නේ කටුමැටිවලින්. ගොම ගාලා ලස්සනට ඔවුන් පොළොව සකස් කරලා තියෙනවා. බොහෝ නිවාසවල වහළ පොල්අතුවලින් සෙවිලි කරලා තියෙන අතර, ගඩොලින් ඉදිකරන ලද නිවාස කිහිපයක් විතරයි මේ ගම්මානයේ දැකගන්න පුළුවන් වෙන්නේ.

ඒ වගේම ගල මුදුන ගම්මානයේ මිනිස්සුන්ගේ ගෙවල්වල විශාල බඩඉරිඟු අටුවක් තියෙනවා. හේන් ගොවිතැනෙන් අස්වැන්න විදියට ගන්න බඩ ඉරිඟු, කුරහන් ආදිය මේ අටුවේ අසුරා තබාගැනීම ඔවුන්ගේ පුරුද්දක්. ඒ වගේම තමයි ජල පහසුකම් ගැන කතා කළොත් මේ ගමේ මිනිස්සු භාවිත කරන්නේ ස්වභාවික උල්පත් ජලය. වතුර ටික අරගෙන එන්න ඔවුන් පුවක් කොළවලින් තනාගත් විශේෂ ගොට්ටක් පැසක් විදියට යොදාගන්නවා.

මීට වසර කිහිපයකට මේ ගම්මානයට විදුලි බලය තිබුණේ නැහැ. හැබැයි පසුගිය කාලේ ක්‍රියාත්මක වුණු සූර්ය බළශක්ති ව්‍යාපෘතිය හේතුවෙන් මෙහි නිවාස කිහිපයකට සහ පාසලට සූර්ය බලය ලැබුණා. ඒ වගේම මේ ගම්මානයේ පාසල ගැන කතා කරද්දී ගමේ හැම ළමයෙක්ම මේ පාසලෙන් තමයි අධ්‍යාපනය ලබන්නේ. පාසලේ 11 වසර දක්වාම ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වගේමයි මේ පාසලෙන් උසස් පෙළ සඳහා දරුවන් කිහිප දෙනෙක්ම නගරයේ පාසල්වලටත් තේරුණා. ගල මුදුන ගම්මානයේ දරුවන් හතර දෙනෙක් මේ ගම්මානයෙන් එහාට ගිහින් විශ්විවද්‍යාල අධ්‍යාපනය ලබන්න තරම් වාසනාවන්ත වුණා.

විශේෂයෙන්ම පාසල අවසන් වෙලා සවස 4 ඉඳන් රාත්‍රී 8 වෙනකල් මේ ගමේ දරුවන්ට අමතර අධ්‍යාපනයක් ලබාදෙන්නත් පාසලේ ගුරුවරු ඇපකැප වෙනවා. අඩි 4000ක් පමණ උසින් පිහිටා තිබෙන මේ ගමට අදටත් ළමයින්ට අවශ්‍ය දැනුම ලබාදෙන්න අන්තර්ජාල පහසුකම් කියලා දෙයක් නෑ. ඒ නිසාම පාසලේ සේවය කරන ගුරුවරු තමන්ගේ පෞද්ගලික පරිගණක යන්ත්‍ර හරහා දරුවන්ට අලුත් දැනුම ලබාදෙනවා.

මේ වගේ දුෂ්කරතා එක්ක අදටත් මේ ගල මුදුන ගම්මානයේ පවුල් 40ක් පමණ ජීවත් වෙනවා. ඒ සියලු දෙනාගේ මූලික අරමුණ හෙට දවසේ ජීවත් වීම පමණයි. ඉතින් මහා ලොකු බලාපොරොත්තු නැති අව්‍යාජ ජීවිත ගතකරන ගල මුදුන ගම්වැසියන්ගේ ජීවිත, අදට වඩා හෙට දවසේ වඩාත් සුබ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යම් දවසක ගල මුදුන ගම්මානයට ඔබ යනවා නම් එහි ඇති ස්වභාවික සුන්දරත්වය රැකලා එන්න අමතක කරන්න එපා.

Naifm යූටියුබ් නාලිකාවෙන් උපුටා ගන්නා ලද්දකි.

SendShareShare
Previous Post

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි… ඇසින් දුටුව නම් ඔබ වුණත් එය සිතයි I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.