• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රිප් ගිහින් මේ වැවේ නාන්න නම් හිතන්නවත් එපා I Sri Lanka Latest News

September 7, 2023
in Exclusive, Holiday, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ගමයි පන්සලයි – වැවයි දාගැබයි’ කියන්නේ ලංකාවේ ජන සමාජය තුළ ප්‍රචලිත වූ අපූරු සංකල්පයක්. ඒ නිසාම එදා වගේම අදටත් ගම්මාන අවට ජීවත් වෙන බොහෝ දෙනකුගේ ජන ජීවිතය හා බැඳුණු සුවිශේෂ ස්ථානයක් ලෙස වැව හඳුන්වන්න පුළුවන්.(Sri Lanka Latest News)

විවිධ රජවරු ඇතුළු බොහෝ පිරිසක් ජනතාවගේ ජීවනෝපාය වෙනුවෙන් ජල සම්පතින් ගම්මාන සක්‍රීය කිරීම සඳහා වැව් ජලාශ ඉදිකිරීමට පියවර ගත්තා. එම නිසා ගැමියාගේ දහදිය මහන්සියේ ඉදි වූ වැව් ආශ්‍රිතව විවිධාකාරයේ ජනප්‍රවාදයන් පිළිබඳ අපට අහන්න දකින්න ලැබෙන අවස්ථා බොහොමයි. අද අපි කතා කරන්න යන්නේ එවැනි සුවිශේෂ ජනප්‍රවාද රැසකින් සමන්විත බතලේගොඩ වැවේ ඓතිහාසික කතාවයි.

බතලේගොඩ වැව කියන්නේ කාලාන්තරයක් තිස්සේම අවට ජීවත් වෙන ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කළ ජලාශයක් කියලා බහුතරයක් දෙනා දන්නවා. අතීත වාරි තාක්ෂණය මත ගොඩනැගුණු මේ සුවිශේෂ බතලේගොඩ වැව පිහිටා තියෙන්නේ කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව මංසන්ධියෙන් ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලයට ටිකක් නුදුරින්. බතලේගොඩ වැව සම්බන්ධයෙන් කතා කරද්දී ඒ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යනවා.

ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට අනුරාධපුර යුගයේ පළමු වැනි පැරකුම් රජුගේ අමාත්‍යවරයකු වූ බදලත්ථලි නම් පුද්ගලයකු විසින් මේ වැව ඉදිකරලා තියෙනවා. බතලේගොඩ වැව වටා ක්‍රියාත්මක වන සිදුවීම් පිළිබඳ අතීතයේ වගේම වර්තමානයේත් විවිධ ජනප්‍රවාද රැසක් සඳහන් වෙනවා. එවැනි සිදුවීම් අතර අතීතයේ සිට ප්‍රකට සිදුවීමක් පිළිබඳ තමයි මේ කියන්න සූදානම් වෙන්නේ.

ක්‍රි.ව. 1894 පමණ බි්‍රතාන්‍ය යුගයේ ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරයකු වූ හෙන්රි පාකර් මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ බතලේගොඩ වැවේ මහාපරිමාණ ප්‍රතිසංස්කරණයක් සිදුකරන්න තීරණය කරනවා. ජනප්‍රවාදවලට අනුව එක්තරා දවසක උදෑසන හෙන්රි පාකර් තමන්ගේ සේනාවත් සමග බතලේගොඩ වැව නරඹන්න ඒ ස්ථානයට පිටත්ව යනවා. ඒ ස්ථානයේ ඔහු දකිනවා වැවේ ජල මට්ටම පහත බැස ඇති බව.

ඒ නිසා ඔහුට අවශ්‍ය වෙනවා වැවේ ජල ධාරිතාව වැඩි කර මහාපරිමාණයෙන් වැව ප්‍රතිසංස්කරණය කරන්න. ඒ අනුව හෙන්රි පාකර් මහත්තයා මුලින්ම තීරණය කරනවා වැව් බැම්ම අලුත්වැඩියා කරන්න. ඒ සඳහා ඔහු වාරි තාක්ෂණය පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයකු සමග සේවකයන් පිරිසක් මුලින්ම වැව් ඉස්මත්තට පිටත් කර යවනවා. ඉංජිනේරුවරයාගේ අදහසට අනුව ඔවුන් පසුදාම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරනවා.

හැබැයි අවාසනාවකට ඔවුන් ඇස්තමේන්තුගත කළ දවසට එහි වැඩ කටයුතු නිමා කරන්න ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ. යම් සිදුවීම් නිසා වැව් බැම්ම ඉදිකිරීමේ අවසන් වැඩකටයුතු දිනෙන් දින කල් යනවා. ඒ නිසාම හෙන්රි පාකර් මේ ගැන විශාල කනගාටුවකින් තමයි පසුවුණේ. මේ විදියට දිනෙන් දින ගතවෙද්දී එක්තරා අඳුරු සීතල රාත්‍රියක හෙන්රි පාකර් කවදාවත් දැකපු නැති විදියේ අමුතු හීනයක් දකිනවා.

ඔහු හීනයෙන් දැක්කේ සුදු ඇඳගත්තු උස හැඩිදැඩි පිරිමි පුද්ගලයෙක්ව. මේ පුද්ගලයා හෙන්රි පාකර්ට හීනෙන් කියනවා ‘ඔබතුමාට මේ වැවේ වැඩ අවසන් කරන්න ඕනෙ නම් දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් වැවට බිලි දෙන්න ඕනෙ’ කියලා. දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් කියන්නේ ජීවිත දෙකක්. ඒ නිසාම හෙන්රි පාකර් මහත්තයාට හීනයෙන් ලැබුණු මේ උපදෙස ක්‍රියාත්මක කිරීමට නම් හිතුණේ නැහැ.

ඔහුට එතරම් දරුණු අපරාධයක් කරන්න තරම් ශක්තිමත් හිතක් තිබුණෙත් නෑ. නමුත් වැවේ වැඩකටයුතු අවසන් කරන්න අවශ්‍ය නිසා ඔහු ඒ දේ කරන්න තීරණය කරනවා. එක්තරා උදෑසනක හෙන්රි පාකර් වැව් බැම්ම නිරීක්ෂණය කරන්න පිටත්ව ගියා. ඒ අවස්ථාවේදී ඔහු දකිනවා වැවේ අත් උදව්වට ඇවිල්ලා ඉන්න ගැබිනි කාන්තාවක්. ගැබිනි කාන්තාව දැකපු හෙන්රි පාකර් තවත් ගම්මු කිහිප දෙනෙකුගේ උදව් ඇතිව මේ වැඩේ කරන්න සූදානම් වුණා. ඒ කියන්නේ ගැබිනි කාන්තාව වැවට බිලි දෙන්න ඔවුන් සූදානම් වුණා. සුපුරුදු පරිදි ඊළඟ දවසෙත් ඇය වැවේ වැඩට එනවා. ඒ වෙද්දී අහල පහළ කිසි කෙනෙක් ඉඳලා නෑ.

ඒ නිසා ගම්මුන්ගේ උදව් ඇතිව මේ අපරාධය කල් තියාම සැලසුම් කරපු හෙන්රි පාකර්, ගැබිනි කාන්තාව වැව් බැම්ම මතට නගිනවාත් සමගම ඇයව වැව් බැම්මේ වැඩ නිම නොකළ තැනකට තල්ලු කර, පස්වලින් යට කරනවා. ඇය මේ ආකාරයට වැව් බැම්බට යටවෙන විට ඇගේ දරු ගැබ පිටතට පැමිණෙන තරමට මේරූ දරු ගැබක්ව තිබූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. අනතුරුව එතෙක් මෙතෙක් කල් නිම කිරීමට නොහැකිව පැවැති වැව් බැම්මේ වැඩ කටයුතු ඇගේ ජීවිත පූජාවෙන් පසුව අවසන් කරගන්නට හැකි වූ බවත් ඉතිහාස කතාවල සඳහන් වෙනවා.

එය බතලේගොඩ වැව වටා ගොඩනැගුණු තවත් සුවිශේෂ ජනප්‍රවාදයක් පමණයි. ඒ වගේම ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට මේ වැවේ කලෙන් කාලෙට රන් තලියක් මතුපිටට පැමිණෙනවා. හැබැයි අවාසනාවකට මේ රන් තලිය කවුරුන් හෝ පරිසකගේ නෙත ගැටුණොත්, ඔවුන් අනිවාර්යයෙන්ම මේ වැවට බිලිවෙනවාමයි. මේ කතාව හුදෙක් අසත්‍යයක් විදියට අපට බැහැර කරන්න බැහැ. හේතුව, මීට කලින් කොළඹ ජාතික පාසලක ක්‍රීඩා කණ්ඩායමක් බතලේගොඩ වැවේ දිය නාන්න එනවා. ඒ අවස්ථාවේදී බතලේගොඩ වැවෙන් මතුවන රන් තලිය ඔවුන් දකිනවා.

අවාසනාවකට ඒ ක්‍රීඩා කණ්ඩායමට පණ පිටින් ගෙදර යන්න නම් අවස්ථාව ලැබිලා නෑ. අවසානයේ ඔවුන් බතලේගොඩ වැවට බිලි වෙනවා. ඒ වගේම තවත් කාලවකවානුවක් තුළදී වැවේ ප්‍රතිසංස්කරණවලට එක්තරා සමාගමක් මූලික වුණා. ඒ අවස්ථාවේදීත් වැවේ කාලෙන් කාලෙට මතුව එන රන් තලිය මේ සමාගම විසින් සොයාගත් බවට රාවයක් ගම්මුන් අතර පැතිර ගියා. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වුවත් එකී සමාගම මේ රන් තලිය සොයාගැනීමත් සමගම එක රැයකින් බංකොලොත් වූ බව අතීතයේ සඳහන්.

ඒ හා සම්බන්ධ වූ හිමිකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වුණා කියලා තමයි ප්‍රදේශවාසීන් කියන්නේ. මේ හේතු කාරණා සලකා බලන විට අවට ජීවත් වූ ගම්මුන් සඳහන් කරන්නේ වසරක් පාසාම බතලේගොඩ වැව ජීවිත බිල්ලක් බලාපොරොත්තු වෙන කතාව සත්‍යයක් බව. ඒ වගේම අතීතයේත් වැව් ඉදිකිරීමේදී මේ හා සමාන අද්භූත සිදුවීම් සිදුව ඇති බව කියැවෙනවා. මින්නේරිය වැව ඉදිකිරීම සඳහා රජතුමාගේ සොහොයුරකුගේ පුතෙකු වැවට බිලි දුන් බවට ඉතිහාසයේ සඳහන් වෙනවා.

ඒ සියලු දේ අතරින් බතලේගොඩ වැව එවැනි සුවිශේෂ ජනප්‍රවාද රැසකට පසුබිම් වූ අදෘෂ්‍යමාන බලවේගයන් ක්‍රියාත්මක වන ස්ථානයක් ලෙස තමයි ජනතාව අතර අදටත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාම බතලේගොඩ වැව වටා නිර්මාණය වූ මෙම ජනප්‍රවාදයන් සමගම එහි ඇති බිහිසුණු බව පිළිබඳවත් ඔබ දෙපාරක් සිතිය යුතුමයි. එසේ නොවුණහොත් ඔබටත් සිදුවෙන්නේ වසරක් පාසාම බතලේගොඩ වැව බිලිගන්නා ජීවිතවල උරුමකාරයා වීමටයි. ඒ නිසාම සියලු සිදුවීම් මිථ්‍යාවක් පමණක් කියා බැහැර කරනවා වෙනුවට එහි ඇති අවදානම්සහගත තත්ත්වය පිළිබඳවත් අවධානය යොමුකරමින් බතලේගොඩ වැවේ සුන්දරත්වය විඳගන්න කියන ඉල්ලීමත් ඔබෙන් කරනවා.

Amuthu යූටියුබ් නාලිකාවෙන් උපුටා ගන්නා ලද්දකි.

SendShareShare
Previous Post

ඩලස්ට අලුත් තනතුරක්! I Sri Lanka Latest News

Next Post

නාමල් පාර්ලිමේන්තුවේදී කිව්වා වගේ චැනල් ෆෝ නාළිකාව ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරයේ වීඩියෝව අයින් කරගෙනද? I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.