ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතාගේ දියණිය මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වෙලා සරසවි වරම් හිමිකරගෙන තියෙනවා.Sri Lanka Latest News
මේකේ තියෙන විශේෂත්වය තමයි පසුගිය අරගල සමයේදී සුමිත් උඩූකුඹුර මන්ත්‍රීවරයාගේ ගෙදරත් ගිනිබත් වුණා.
දියණියගේ පොත්පත්ද ඒ ගින්න අසුවී තිබීම නිසා ඇය උසස්පෙළට සූදානම් වුණේ යහළුවන්ගේ පොත්පත් ඉල්ලගෙන.
අද එහි ප්‍රතිඵල ඇවිත් තියෙනවා.
මේ ඒ ගැන මන්ත්‍රීවරයා තියලා තිබුණු ෆේස්බුක් සටහන.
‘පොත් පත් සියල්ල ගිනිතියලා.මුලු ගෙදරම ගිනිතියලා.පාසල් අධ්‍යාපනය අහිමි කරලා.ජිවිතයේ ලබපු මිලේච්ජතම අත්දැකිම අත් විදලා.මරබිය සමග අමිහිරිම දුශ්කරම අත්දැකිම් වලට ඔයයි අම්මියි නංගිලා දෙන්නයි මුහුණ දිලා ඉදිද්දි දරාගත නොහැකි වේදනාවකින් තාත්තා ඔයාලත් එක්ක ඒ අත්දැකිම විද දරාගෙන ඉද්දි.මගේ රත්තරන් දුවේ ඔයා විභාගයට මුහුණ දුන්නේ තාත්තගෙයි අම්මිගෙයි හිත මම සතුටු කරනවා කියලා ඒ හැගිමෙන් .යාලුවන්ගේ දැනුම බෙදාගෙන පුළුවන් විදියට ගුරැවරැන්ටත් කතා කරලා ඉගෙනගෙන. ඉතිං මගේ දුවේ ඔබ ගත්ත result එක මහමෙරක් . ඔයා අම්මිටයි තාත්තටයි මේ ලබලා දුන්නේ ජිවිතයේ ඉහලම ජයග්‍රහණයයි.ඉමන්දි = ඉතා ගරැ ජය ගෙනෙන. මගේ ලොකු දුවේ ඔබ අපට අභිමාණයකි.බුදු සරණයි මගේ දුවේ ‘
‘










