පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ වූ ත්‍රස්ත කණ්ඩායමට, එම ප්‍රහාරය එල්ල කිරීම සදහා සහාය ලබා දුන් කණ්ඩායමක් පිළිබදව තොරතුරු තමන්ට ලැබී ඇති බව අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ පවසති.Sri Lanka Latest News
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටි, “අබු හින්ද්” නමින් හැදින්වෙන “පුද්ගලයෙකු” හෝ “පුද්ගල කණ්ඩායමක්” පිළිබදව තොරතුරු තමන් සතු බව කාදිනල් හිමි පවසයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ, එක් සාක්ෂි කරුවකු විසින් “අබු හින්ද්” නමැති නම ප්‍රකාශ කළ විට, කොමිසමේ විනිසුරුවරුන් පස් දෙනාගෙන් එක් අයෙකු එම නම පිළිබදව, අදාල සාක්ෂිකරුගෙන් වැඩිදුරටත් තොරතුරු ඉල්ලා ඇති බව කාදිනල් හිමි පවසයි.
නමුත්, ඒ මොහොතේ කොමිසම සාක්ෂි විමසමින් සිට ඇත්තේ මාධ්‍යවේදීන් ද ඉදිරියේ සිටිය දී බැවින්, අදාල නම සම්බන්ධයෙන් වැඩිදුර තොරත-ුරු ප්‍රකාශ කළ නොහැකි බව එකී සාක්ෂි කරුවා, විනිසුරුට පවසා තිබේ.
ඒ අනුව, විනිසුරුවරයා විසින්, සාක්ෂි කරුවට කොළයක් දී, එකී නමට අදාල තොරතුර එම කොළ කැබැල්ලේ ලියාගෙන තිබේ.
කාදිනල් හිමි විමසා තිබෙන්නේ, මේ පිළිබදව විමර්ෂණ අරඹා තිබේද යන්නයි.
කෙසේ වෙතත්, කවුරු හඹා නොගියද, තමන් ඇත-ුළු කණ්ඩායම මෙම තොරතුරු පසුපස හඹා යන බවද කාදිනල් හිමියෝ පවසති.
එමෙන්ම, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම රජය හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවටද උන්වහන්සේ චෝදනා කරයි.
කටුවාපිය ශාන්ත සෙබස්තියන් දේවස්ථායේ පැවති ආගමික කටයුත්තකට සහභාගී වෙමින් කාදිනල් හිමියෝ මේ අදහස් පළ කර සිටියෝ ය.
මහජන ආරක්ෂක ඇමැති කරපු කතාව!
වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබා නොමැති බවත්, රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනමටමත් ක්‍රියාත්මක කර තිබෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත්, රටේ නීතියේ ආධිපත්‍ය උපරිමයෙන් සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා මෙසේද පැවසීය.
පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කතෝලික සභාවට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනවලට කතෝලික සභාව ද සහාය ලබාදිය යුතුයි.
ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය කාලය පුරාම විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව විශාල වශයෙන් පෝලිම්වල රැඳී සිටියා. ඒ වගේම එහි විවිධ වංචා, දූෂණ සිදු වුණා. දැන් එවැනි වංචනික ක්‍රියාවන්ට කිසිඳු ඉඩක් හිමි වන්නේ නැහැ.
ඒ වගේම දැන් ඕනෑම අයෙකුට පෝලිම්වල නොසිට විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්න පුළුවන්. විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව ඇගිලි සළකුණු ලබා ගැනීමේ ස්ථාන 51ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට ද කටයුතු කර තිබෙනවා. මේ නිසා කෙටි කාලයක් තුළ විදෙස් ගමන් බලපත්‍රය නිවෙසටම ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන් කාර්යක්ෂමව කරගෙන යෑමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇතැම් අවස්ථාවල පරිගණක දෝෂ සහ බිඳවැටීම් සිදු වෙනවා. එවැනි ප්‍රශ්න තවදුරටත් සිදු නොවීමට නවීන තාක්ෂණය යොදාගැනීමට අප කටයුතු කර තිබෙනවා.
පසුගිය කාලය පුරාවට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වුණා. මීට අමතරව මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙනුත් සොයා බැලීම් සිදුකරනවා. ඒ වගේම රාජ්‍ය නොවන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන සංවිධාන තහනම් කිරීමටත් පියවර ගන්නවා.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-28










