• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙස් විදෙස් රටවල සුවිශේෂ දස්කම් දක්වන කායික රෝග පිළිබඳ ලංකාවේ ළාබාලතම මහාචාර්යවරයා! Sri Lanka Latest News

September 3, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
දෙස් විදෙස් රටවල සුවිශේෂ දස්කම් දක්වන කායික රෝග පිළිබඳ ලංකාවේ ළාබාලතම මහාචාර්යවරයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පේරාදෙණිය විශ්විද්‍යාල ඉතිහාසයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් එක වසරකදී රන් පදක්කම් නවයක් ශිෂ්‍යත්ව සහ සම්මාන පහළොවක් ලබාගත් ප්‍රථම අවස්ථාව හිමිකරගෙන තිබුනේ දළුගම ආරච්චිගේ චාමර ලක්මාල් දළුගම වෛද්‍ය සිසුවාය. එම සම්මාන ලබාගෙන තිබුණේ 2013 වසරේ උපාධි ප්‍රදානෝත්සවයේ දීය. (Sri Lanka Latest News)

බොහෝ සුවිශේෂ වන්නේ ඒ නිසාම නොවේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ කායික රෝග පිළිබඳ ළාබාලතම මහාචාර්යවරයා ලෙස 2022 වසරේදී පත්වීමත් සමගය.

ඔහු අපට හමුවන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීය. වයස අවුරුදු 35 ක් සපුරන කායික රෝග විශේෂඥ වෛද්‍ය චාමර ලක්මාල් දළුගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස ද සේවය කරන බව දැනගත් මොහොතේ ඔහු පිළිබඳ සොයාබැලීමට උනන්දු වීමි.

මේ වන විට ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්වරයා ලෙසද සායනික රෝග පිළිබඳ අධ්‍යයන මණ්ඩලය සභාපතිවරයා ලෙස ද නිවර්තන රෝග පිළිබඳ පර්යේෂණායතනය සම්බන්ධීකාරකවරයා ලෙසද කටයුතු කරන මහාචාර්ය දළුගම දෙස් විදෙස් සුපතළ වෛද්‍යවරයෙකි.

වසර 1987 පෙබරවාරි 21 වැනි දින නාලිනී චම්පිකා (විශ්‍රාමික ගුරු) මවගේත් දයානන්ද දළුගම (විශ්‍රාමික බැංකු කළමනාකරු) පියාගේත් කුළුඳුල් දරුවා ලෙස මෙලොවට බිහි වූ චාමර ලක්මාල් දළුගම සිය නැගණිය ද සමග බාලවිය ගෙවූයේ පොරමඩුල්ලේය.

පොරමඩුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු විශිෂ්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල සමග පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයට ඇතුළත් වන්නේ අපොස සාමාන්‍ය පෙළ හැදෑරීමට ය. එහිදී ඒ දහයක් සහිතව 2007 වසරේ පාසලේ සිසුන් අතරින් සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම ප්‍රතිඵල ලබා ගන්නට ඔහු සමත් වන්නේය.

උසස් පෙළ විද්‍යා විෂයන් හැදෑරීම සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලය ට ඇතුළත් වූ චාමර ලක්මාල් දළුගම 2007 වසරේ විද්‍යාලයීය විශිෂ්ට උසස් පෙළ ප්‍රතිඵල ලබා ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිකරගත්තේය.

එතැන් සිට ආරම්භ වූ විශ්වවිද්‍යාල ජීවිතය චාමරට හිමිවූයේ යග්‍රහණ පමණක් මැයි කීවාට වරදක් නැත. සිව් වසරක විශ්වවිද්‍යාල ජීවිතයෙ සෑම වසරකදීම විෂයයන් 13 ට විශිෂ්ට සාමාර්ථ හිමිකර ගැනීමේ හැකියාව ලත් චාමර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉතිහාසයේ වෛද්‍ය පීඨ සිසුවෙකුට ලැබිය හැකි රන් පදක්කම් නවයක් සහ ශිෂ්‍යත්ව හා සම්මාන පහළොවකට හිමිකම ලබන්නට ද සමත් විය. වෛද්‍ය සිසුවෙක් ලෙස ඔහුට රන් පදක්කම් හිමිවූයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පළමු හා දෙවන කොටස් ප්‍රසව හා නාරිවේද විද්‍යාව ළමා රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාව ව්‍යාධිවේද විද්‍යාව කායව්‍යවච්ඡේද විද්‍යාව සහ වෛද්‍ය පිඨයේ හොඳම වෛද්‍ය ශිෂ්‍යයා ලෙස ඇගයීමෙනි.

2013 වසරේ දී ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය විද්‍යාලවල උපාධිධාරීන් අතුරින් හොඳම ශිෂ්‍යයා ලෙස පළමු ස්ථානය ලබා ගත් චමර වෛද්‍ය සිසුන් 1096 දෙනෙකුගෙන් ප්‍රථම යා ලෙසද රන් පදක්කම් හිමිකර ගෙන තිබේ.

2014 වසරේ කොළඹ ජාතික රෝහලේ මහාචාර්ය ඒකකය සහ ශල්‍ය සහ කායික වෛද්‍ය ඒකකයන්හි සීමාවාසී පුහුණුව ලැබූ චාමර 2010 වසරේදී විශ්වවිද්‍යාල වෛද්‍ය දෙපාර්තමේන්තුවට එක්ව කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළේය.

2017 2018 වසරවලදී පශ්චාත් උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් හදාරා අවසන් කළ චාමර කායික රෝග පිළිබඳ ආචාර්ය උපාධිය ද එම වසරේදීම ලබා ගත්තේය.

මෙයට පෙර අවස්ථාවක ඊට ආසන්න රන් පදක්කම් හා සම්මාන ලබාගත් ද්‍ය ශිෂ්‍යයා වූයේ චතුරිකා දන්දෙණිය ය. ඇයද පොරමඩුල්ල ඉපිද චාමර අධ්‍යාපනය ලැබූ පොරමඩුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සිසුවෙකි.

චාමර සිය දක්ෂතා තවදුරටත් ඔප් නංවා ගැනීමේ අරමුණින් පශ්චාත් උපාධි පුහුණුව සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ජෝන් රැඩ්ක්ලිෆ්ට් රෝහල වෙත ගියේය.

බ්‍රිතාන්‍ය රාජකීය කායිකරෝග වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබාගන්නට තරම්ම සුවිශේෂි දක්ෂතා දැක් වූ චාමර ලන්ඩන් ග්ලාස්ගෝ එඩින්බර්ග් යන ස්ථාන තුන හිදීම කායික රෝග වෛද්‍යවරුන්ගේ සාමාජිකත්වය ලබා ගත්තේය.

තවද අන්තරා සර්ග ග්‍රන්ථි පිළිබඳ, කායික රෝග පිළිබඳ සහ වැඩිහිටි රෝග පිළිබඳ ප්‍රතිකාර ක්‍රමවේදයන්ට අදාළව එහිදී විශේෂ උපාධි තුනක් හැදෑරීමට ද ඔහුට අවස්ථාව හිමිවන්නේ ය. එඩින්බර්ග් කායික රෝග වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ලබාදෙන ඉහළම පශ්චාත් උපාධි සුදුසුකමක් වන ගෞරව නාමය ද ඇමරිකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ද 2022 වසරේ හිමිකරගැනීමට තරම්ම චාමර දක්ෂයෙක් වන්නේය.

චාමර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2021 දිය. එවිට ඔහුගේ වයස අවුරුදු 34 කි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සහ පේරාදෙණිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස වැඩ භාරගන්නා චාමර ලක්මාල් දළුගම ශ්‍රී ලංකාවේ කායික රෝග පිළිබඳ ලාබාලතම මහාචාර්යවරයා ලෙස මහාචාර්ය පදවිය ද හිමිකර ගන්නේය.

රෝගීන් දහස් ගනනකගේ ජීවිත රැකගැනීම සඳහා කාලය ශ්‍රමය කැප කරන මහාචාර්ය චාමර මේ වන විට ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍යායතනයේ ලේකම්වරයා ලෙසද සායනික රෝග පිළිබඳ අධ්‍යයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද නිවර්තන රෝග පිළිබඳ පර්යේෂණ ආයතනය සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කරයි.

එසේම අධික රුධිර පීඩනය සම්බන්ධයෙන් පොත්පත් රචනා කර ඇති මහාචාර්ය චාමර පශ්චාත් උපාධි ශිෂ්‍යයන් සඳහා අධ්‍යයන පහසු කරන වීඩියෝ සහිත පාඩම් මාලාවක් youtube චැනලය සඳහා මුදාහැරීමටද කටයුතු කර තිබේ.

මහාචාර්ය චාමර ලක්මාල් දළුගම වැනි අති දක්ෂයන් ලොවටම ඇත්තේ අල්පයක් පමණි. ඒ අල්පයක් දෙනා අතරින් ලෝකයට සාපේක්ෂව මේ කුඩා දූපතෙන් බිහි වූ අති දක්ෂයන් ගණන ඉතා ඉහළ අගයකි. මානව සම්පත රටක ඇති ඉතාම වටිනා සම්පත බැව් සියලු දෙනා අවබෝධ කර ගත යුතු සත්‍යයකි. මේ මහ පොළොවේ බිහි වූ, මේ මහ පොළොවේ හැදී වැඩුණු එවැනි අති දක්ෂයන්ගේ සේවය මේ රටට ලබාගැනීම සඳහා ඔවුන් රැකගැනීම සියලු දෙනාගේ වගකීමකි.

lankasara

SendShareShare
Previous Post

ඊයේ ආණ්ඩු පෙරළන්න මාධ්‍ය ඉස්සරහ කතා කරපු මෛත්‍රීපාල මෙන්න අද ආණ්ඩුවේ ඇමැතිකම් කරන නිමල් සිරිපාලවයි අමරවීරවයි දෙපැත්තේ තියාගෙන වෙනම කතාවක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

උතුරේ අලුත් අරගලයක් ඇරඹෙයි! අම්මාවරු පාරට බැස විරෝධතාවක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.