සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ මංගල රැලිය ලබන 20 වැනිදා පස්වරු 2.00 ට මහනුවරින් ආරම්භ කිරීමට මේ වනවිට සියලු සැලසුම් සකස් කර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා එදින මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මත්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද බැහැදැක ඡන්ද ව්‍යාපාරයට සහභාගි වන බව දැනගන්නට ඇත.
මෙම මංගල රැලියේදී සමගි ජනබලවේගයට සම්බන්ධ සියලු පක්ෂවල නායකයන්ද, සිවිල් සංවිධාන නියෝජිතයන්ද සහභාගි වන බවද දැනගන්නට තිබේ.










