• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රනිල් ජනාධිපති සටනෙන් ඉවත් වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

September 2, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
රනිල් ජනාධිපති සටනෙන් ඉවත් වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල් යූ.ඇන්.පී. නායකත්වයට පත්වීමෙන් පසු මුහුණ දුන් පළමු ජනාධිපතිවරණය 1999 ජනාධිපතිවරණයය. එවක ජනාධිපතිනි චන්ද්‍රිකා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ විගස රනිල් වහාම කළේ යූ.ඇන්.පී. සම්මේලනයක් කැඳවීමය. පාක්ෂිකයන් සහ රනිල්ගේ ගෝලයෝ හිතුවේ රනිල් ප්‍රජාතන්ත්‍රවාදීව ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂ සම්මේලනයෙන් අනුමත කරගෙන පක්ෂය ජනාධිපතිවරණයට සූදානම් කරන්න එහෙම කරනවා කියාය. එහෙත් ඒ වන විටත් රනිල් පක්ෂයෙන් කොන්කොට ඉවත් කොට තිබූ හිටපු මහලේකම් සිරිසේන කුරේ ඔහුව හමුවෙන්න ආ යූ.ඇන්.පී. ජ්‍යෙෂ්ඨයකුට අපූරු කතාවක් කීවේය.Sri Lanka Latest News

‘පක්ෂ සම්මේලනයේ යෝජනා ටික දැක්කද? එක යෝජනාවක් තමයි රනිල් තව අවුරුද්දකට නායකයා විදියට පත්කිරීම. දන්නවද ඇයි රනිල් ජනාධිපතිවරණය අස්සේ මේ යෝජනාව දැම්මේ කියලා? රනිල්ට ෂුවර් නැහැ එයා දිනයි කියලා…’ කුරේ කීවේය.

‘ඔබතුමා කියන්නේ පැරදුණත් රනිල් පක්ෂ නායකත්වය තියාගන්න මේ සම්මේලනය තියන්නේ කියලද…?’

පක්ෂ ජ්‍යෙෂ්ඨයා ආපිට ඇහුවේය.

‘නැත්නම්, වෙන මොනවටද…?’

කුරේ කීවේ කොක් හඬලා සිනාසෙමිනි. කුරේ කීව කතාව හරිය.

2000 මහ මැතිවරණයට කලින්ද රනිල් මේ වගේ පක්ෂ සම්මේලනයක් තියලා නායකත්වය වසරකට අනුමත කරගත්තේය.

2001 මහ මැතිවරණයට කලින්ද රනිල් පක්ෂ සම්මේලනයක් තියලා නායකත්වය දික් කරගත්තේය.

2004 මහ මැතිවරණයට කලින්ද සම්මේලනයක් තියා ඒකම කළේය.

2005 ජනාධිපතිවරණයට කලින්, 2010 මහ මැතිවරණයට කලින්, 2015 ජනාධිපතිවරණයට කලින්, 2015 මහ මැතිවරණයට කලින්ද ඒකම කළේය. 2019 ජනාධිපතිවරණයට කලින් ඔහු පක්ෂ නායකත්වය වසරකට වඩා කාලයකට දික් කරගන්න අනුමැතිය ලබාගත්තේ ජනාධිපති අපේක්ෂකයා සජිත් නිසා ඔහු දින්නොත් පක්ෂ නායකත්වය අහිමි වෙයි කියා බයෙන්ය.

දැන් රනිල් ජනාධිපති වී වසරකට පසු රනිල්ට 2024 ජනාධිපතිවරණයට පසු පක්ෂ නායකත්වය අහිමිවේය යන බය දැනෙන්න පටන්ගෙන තිබේ. රනිල් ගෝඨාභයගේ ජනාධිපතිත්වය යටතේ අගමැති වූයේ 2022 මැයි මාසයේය. ගෝඨාගෙන් අගමැති ධුරය භාරගැනීමට පෙර ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවා එයට අනුමැතිය ගත්තේ නැත. පාර්ලිමේන්තුවේ ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වීමටවත් කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ගත්තේ නැත. 2022 ජූලි ජනාධිපති වී 2023 ජූලි වසරක් යන තෙක් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවූයේ නැත. එහෙත් හදිසියේ පසුගිය ජූලි මාසයේ රනිල් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවූයේ වසර දෙකකට පමණ පසුවය. එහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක ඇතුළු තනතුරු සියල්ල අහෝසි කරන්න තීරණය කළ බව මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ වගේම පක්ෂ නායකත්වය මින් පසු විධායක සභාවෙන් තෝරන්නත් පටන්ගෙන ඇත. මේ දවස්වල විධායක සභාවට රනිල්ගේ සමීපතමයන් පුරවමින් සිටින බව සිරිකොත ආරංචි මාර්ග කියයි.

‘ඇයි රනිල් වසර දෙකකට පසු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරලා මේ වගේ තීන්දු තීරණ ගත්තේ…?’

රනිල් 2022 ගෝඨාගේ ජනාධිපති ධුරය යටතේ අගමැති වූ විට නවීන් දිසානායක ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

‘මා රනිල් අගමැති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් මගේ දැඩි අවධානය යොමුකරමි. මෙම පියවර ගැනීමට පෙර පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගනු ඇතැයි මා බලාපොරොත්තු වූවෙමි. නමුත් එවැන්නක් සිදු නොවීය….’
12.05.2022

රනිල් අගමැති වීමට පෙර පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ගත්තේ නැත්තේ ඔහු රාජපක්ෂවරු සමග රහස් ගනුදෙනුවක් කළ නිසා විය හැකිය. ඉන් පසු ඔහු වැඩබලන ජනාධිපති වූ පසු යූ.ඇන්.පී.ය දැන් වැඩක් නැතැයි සිතන්න ඇත. ඔහු ජනාධිපති වූ පසුත් වසරක් යන තෙක් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වූයේ නැත්තේ ඒ නිසාය. ඔහු හිතුවේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඔහුට හිමිවෙයි කියාය. පොහොට්ටුවේ අපේක්ෂකත්වය තමාට නොලැබෙන බව දැන ඉන් පසු ඔහු පොහොට්ටුව කඩා අලුත් සන්ධානයක් හදන්න උත්සාහ ගත්තේය. එයත් සාර්ථක කරගැනීම දුෂ්කර බව දැන ඔහු හදිසියේ යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වූයේ 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන නොව 2024න් පසු පක්ෂ නායකත්වය ආරක්ෂා කරගැනීම ඉලක්ක කරගෙනය.

‘ඇයි එහෙම කියන්නේ…?’

රනිල් පක්ෂ නියෝජ්‍ය නායක ඇතුළු තනතුරු අහෝසි කළේ එක්කෝ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය වුවහොත් හෝ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළහොත් පක්ෂය ඔහුව අත්හැර සමගි ජන බලවේගයට එකතු වෙයි කියන බයටය. හේතුව ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය වුවහොත් හෝ ඉදිරිපත් නොවුණහොත් යූ.ඇන්.පී. නායකයන් බලන්නේ ඊළඟ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු රිංගා ගන්නටය. ඒ සඳහා එකම විසඳුම සමගි ජන බලවේගයය. ඔවුන් සියල්ල එක්කෝ රනිල්ව පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට පක්ෂය සමගි ජන බලවේගයට ගෙන යනු ඇත. නැතිනම් රනිල්ව අතහැර පක්ෂයත් අතහැර සමගි ජන බලවේගයට එක්වනු ඇත. මෙවන් අවස්ථාවකදී ඔවුන්ව පක්ෂය තුළ තියාගන්න රනිල්ට පක්ෂ නායකත්වය අවශ්‍යය. නියෝජ්‍ය නායකකම් සහ අනෙක් තනතුරු අහෝසි කළ විට ඔහුට පක්ෂය තුළ තර්ජනයක් නැත.

පක්ෂ නායකයා තෝරන වැඬේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් කරන විට වැඬේ පහසුය. රනිල් පරාජය වුවහොත් හෝ නොඉල්ලන්න තීරණය කළහොත් පක්ෂයේ අනෙක් නායකයන්ට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කොට අලුත් නායකයෙක් පත්කරගත හැකිය. ඒත් පක්ෂ නායකත්වය තේරීම විධායක සභාවට පවරා දුන් විට විධායක සභාවෙන් නායකයා තේරීම සංකීර්ණය. එහි සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් සිටී, එය වෙනම රැස්කළ යුතුය. ඒ සඳහා කාලයක් ගතවෙයි.

දැන් රනිල් යූ.ඇන්.පී.යට විකල්ප නායකයෙක් නැතිකර නායකයා තෝරන ක්‍රමයද සංකීර්ණ කොට ඇත. ඒ කියන්නේ රනිල්ගේ ඔළුවේ වැඩකරන්නේ 2024 ජනාධිපතිවරණය නොව 2024ට පසු පක්ෂ නායකත්වය ආරක්ෂා කරගැනීමය.

තවම ඔහු ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කර නැත. සජිත් කලින්ම ජනාධිපතිවරණයට තරග කිරීමට පක්ෂ අනුමැතිය ලබාගත්තේය. පසුගියදා අනුරද තම අපේක්ෂකත්වයට පක්ෂ අනුමැතිය දුන් බව කීවේය. ඒත් තවම රනිල් නිහඬය. යූ.ඇන්.පී. නායකයන් කීවේ මේ වසරේ අග රනිල් හදිසි ජනාධිපතිවරණයක් කැඳවන බවය. ඉන් පසු කීවේ ලබන වසර මුල කියාය. දැන් කියන්නේ ලබන වසර මැද කියාය. මෙයින් පේන්නේ ජනාධිපතිවරණයකට රනිල් කිසිම සූදානමක් නැති බවය.

2024ට පසු පක්ෂ නායකත්වය ආරක්ෂා කරගෙන විපක්ෂ නායක වෙන්න නම් සමගි ජන බලවේගය යූ.ඇන්.පී.යට එකතු කරගත යුතුය. රනිල් දැන් දත කන්නේ ඒකටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නාමල්ගේ වෙඩින් එකට ලයිට් දීම ගණන් හිලව් එක්කම උසාවියට එයි! මහින්දටයි නාමල්ටයි කංචනටයි උසාවි එන්න වෙයිද? I Sri Lanka Latest News

Next Post

වරායෙන් ‌පෙට්‍රල් ලීටරයක් බාද්දි රුපියල් 212යි! ඒක ෂෙඩ් එකට ඇවිත් විකුණද්දි 361යි! පෙට්‍රල් ලීටරයකින් විතරක් ආණ්ඩුව රුපියල් 150කට වඩා ලාබයක් ගන්නවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.