• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළාලේ කිහිල්ලේ – දතමැද ගන්න රාළේ I Sri Lanka Latest News

September 4, 2023
in Exclusive, News
Reading Time: 11 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“යංදුං නිමිත්තං අවමංගලංච – යෝජාමනාපෝච සකුණස්ස සද්ධං” යැයි මහ පිරිතේ සඳහනි. සකුණ යනු පක්‍ෂියාය. නුදුරු අනාගතයේදී සිදුවිය හැකි අශුභයක් (අවමංගල) ගැන කුරුල්ලන්ට වුවත් පෙරනිමිති කිව හැකි බව ද එයින් ගම්‍ය වේ.(Sri Lanka Latest News)

බකමූණා, උලලේනා අඬන විට නුදුරු දිනයක මරණයක් ගැන අසන්නට ලැබෙන බව ගැමියන් කියන්නේ එහෙයිනි.

“නරි රැළ ඕවිටේ හූහඬ ඇසෙන විට – තුටු වෙති ගම්මු ඔහු මළගම නියම කොට” යැයි කළල් ඇල්ලේ ආනන්දසාගර නොහොත් කේයස් විසින් ලියන ලද “සුදෝසුදු” කවි පොතේ ඇත. ඒ පොතේ පැදි කීපයක් අප කුඩා කාලයේ දෙකේ හෝ තුනේ හෝ පන්තිවල සිටියදී පාඩම් පොතක් වශයෙන් නියමිතවූ “පද්‍යාරසයේ” කාලකණ්ණියා නමැති කවි පන්තියේද තිබිණි. ඒ දෙපදයෙන් කියැවුණේ නරින් (ගැමි භාවිතය නරි බල්ලන්ය) කෑගහන කල මරණයක් අත ළඟ බවය.

නරි බල්ලන් ඇතැම් විට නිකරුණේ බිරීමෙන් එවන් අශුභයක් අසන්නට නොලැබුණත්, “තනි නරියා” උඩුබිරුවහොත් දින තුනක් හෝ හතක් හෝ ඇතුළත මරණය “ෂුවර් ඇන්ඩ් ෂොට්”ය. මේවා මරණයක් පිළිබඳ පෙරනිමිති සේම “සොහොන් ලකුණු” වශයෙන් ද හැඳින්වේ. සොහොන් යන පදය භීතිය, සංත්‍රාසය දනවන බැවින් ගම්මු එය අඩු භාවිතයේ රඳවා ඒ වෙනුවට පෙරනිමිති යන්න භාවිත කරති. භූත විද්‍යාවේ ඉගැන්වෙන අන්දමට නරියා, ඌරා, වළහා, සුනඛයා යන සතුන්ද, බකමූණා, උලලේනා (උලමා) ආදී පක්‍ෂීහුද සොහොන් ලකුණු කියන්නෝය.

“ඒ ඔය කියන දෙවර්ගයට භූත බැල්ම වැටෙන (ආවේශ) බව කියන බැවිනි. කිසියම් කෙනකු මියයන්නට දින කීපයකට පෙරාතුව සිට ඔහු වෙසෙන නිවෙස ආසන්නයේ නිරන්තරවම අමනුෂ්‍ය (භූත) බලවේග ගැවසෙන බව භූත කර්මයේදී ඉගැන්වේ. ඔය භූතයකු ආවේශ වූ කල්හි සතුන් විවිධ ක්‍රියාකාරකම් දක්වන බවද පෙන්වා දෙයි.

කාවේරි යක්‍ෂයා නරියකුට පමණක් ආවේශ වෙන අමනුෂ්‍යයාය. එසේ ආවේශ වන නරියා ගෘහස්ථ (මිනිස් වාසයේ) සුනඛයකු සපාකෑ විට ඌට පිස්සු බලු රෝගය හෙවත් ජලභීතිකාව වැළඳේ.

රඹුක්කන හල්පිටිය විහාරස්ථානයේ වැඩවිසූ අපවත්වී වදාළ ජලභීතිකා විශේෂඥ හපුගොඩ ධම්මපාල හිමියෝ එවන් රෝගීන් හාරදහසකට වඩා සුවපත් කළහ. ඒ, කිසිදු බෙහෙතක් දීමෙන් නොවේ, සාත්තු කළ (මැතිරූ) නූල් පොටක් කර වටා දැමීමෙනි.

“මොන බේත් ද මාරයො?” (උන්වහන්සේ මේ ලියුම්කරු ඇමතුවේ මාරයා නමිනි). ඔය ජලභීතිකා රෝගෙ හැදෙන්නෙ කාවේරි යක්‍ෂයා වැහුණාම. මම ඒ යක්‍ෂයා අඩංගු වෙන්ඩ ඇප නූලක් බඳිනවා, එච්චරයි…”උන්වහන්සේ පැවැසූහ.

“ගැළවුණු නිසා හීනෙන් දත උඩු ඇන්දේ – වින්නැහියක් ළඟයි කියකිය අර ඇංදේ” ඒ අනුව සිහිනෙන් ද සොහොන් ළකුණු පෙනේ. උඩු ඇන්දේ දත් වැටීම මරණ ගෙනෙන්නකි. හීනෙන් ගොක්කොළ ගොක් අතු දැක්කා දැයි විහිළුවට ඇසූවත් එහි විහිළුවක් නැත.

මහා දැවැන්ත රජවරුන් සහ රාජධානි ඇදවැටීමද ඒ ආකාරයෙන්ම සොප්න (සිහින) මගින් පෙන්නුම් කෙරේ.

රෝමයේ රණශූර ජුලියස් සීසර්ගේ මරණය දින මහ රෑ ඔහුගේ දේවිය එවන් සිහිනයක් දුටු බව විලියම් ෂේකස්පියර්ගේ ‘ජූලියස් සීසර්’ කතාවේ ඇත. ඕ සිංහයන් වීදිබැස ගර්ජනා කරනු දුටුවාය. වල්ගාතරු පායා තිබෙනු දුටුවාය. මිනී වළවල්වලින් නැගිටගත් මළඋන් වීදිබැස ඇවිදිනු දුටුවාය.

පසුදා සීසර් ඝාතනය කරනු ලැබුවේය. ඒ ඔහුගේ ඉතා හිතවත් ඇමැතිවරුන් විසිනි. අපේ රටේ එවන් සිහිනයකින් විපතක් මඟහරවා ගැනීමට නොහැකි වුවත් උතුම් වස්තුවක් බේරාගනු ලැබූ අප්‍රසිද්ධ ඉතිහාස කතාවක් තිබේ. ඒ, 1600 තරමේ දී කීරවැල්ලේ දියවඩන නිලමේ විසිනි. හෙතෙම කෝට්ටේ රාජ්‍යයට අයත් වාසලේ ධන්ත ධාතුන් වහන්සේගේ භාරකාරයා වූයේය. ඒ, පරම්පරාවෙන් ලැබුණු භාරකාරත්වය නිසාය. ඒ කතාවද දත යුතුය. ඒ මෙසේය.

බුදුන් වහන්සේගේ වාම දළදා වහන්සේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී ලක්දිවට වැඩම කරවන ලද්දේ ආර්ය සූර්ය වංශික ඔක්කාක රජු පුත් දන්ත කුමරුන් සහ සූර්ය වංශික ගුහසීව රජ දියණි හේමමාලාව විසිනි. ඒ වන විට ලක්දිව රාජ්‍ය විචාලේ කිත්සිරි මෙවන් හෙවත් කිත්සිරි මේඝවර්ණ රජුය. ඔහුද ඔක්කාක පවුළු ලේනව පරපුරට අයත් කෙනෙකි.

ඒ, ඊට වසර ගණනාවකට පෙරාතුව ශ්‍රී මා බෝ සමිඳුන් ලක්දිවට වැඩම කරවන ලද අවස්ථාවේ එහි ආරක්‍ෂාවට පැමිණි කුල 18ට අයත් එක කුලයක් වූ යථෝක්ත ඔක්කාක පවුළු ලේනව කුලයට අයත් ප්‍රභූවරයකුගේ පරම්පරාවෙන් ඒ රජුන්ද පැවැතෙන්නකු හෙයිනි.

දන්ත ධාතූන් වහහන්සේගේ ආරක්‍ෂාව භාරව කටයුතු කළ යුත්තේ ඒ පරම්පරාව වූ හෙයින් කෝට්ටේ යුගය වන විට ඒ රාජකාරිය (දියවඩන නිලමේ තනතුර) හිමිව තිබුණේ කීරවැල්ලේ නිලමේටය. ඒ සමයේ පරංගින් හා කෝට්ටේ රාජධානිය අතර පැවතුණේ උග්‍ර සටනකි.

දිනක් කීරවැල්ලේ දියවඩන නිලමේ නිදා සිටි සයනය අසලට හීනෙන් පැවිදි වෙසින් පැමිණි දේහධාරී තැනැත්තෙක් ගරුගාම්භීරව හිටගෙන “කොට්ටේ කළාලේ කිහිල්ලේ – දතමැද ගන්න රාළේ” යන්න පවසා අතුරුදන් වූයේය. සිද්ධියෙන් විස්මිතව අවදි වූ කීරවැල්ලේ නිලමේ මේ සිද්ධිය ගැන ගැඹුරින් කල්පනා කළත් තේරුම්ගත නුහුණු බැවින් ඒ රෑම රාජකීය දෛවඥයා හමුවී තමා දුටු සොප්නය (සිහිනය) විස්තර කෙළේය.

එවක රාජකීය දෛවඥයා නිකපිටියේ රාළය. හෙතෙම දෙනෙත් පියාගෙන මඳ වේලාවක් සිට අනතුරුව දෙනෙත් ඇර තමා ඉදිරියේ තිබූ බුදුපිළිමය දෙස බලා “මෙතැන රාළේ කියල ඇමතුවේ ඔබතුමාටයි” යන්න පවසා සිහිනය විස්තර කෙළේය.

“කොට්ටේ කළාලේ කිහිල්ලේ කියන්නේ, කෝට්ටේට කළ ආලය කිසි ඉල්ලේ කිසි වැඩක් නෑ කියන එකයි. දත මැදගං රාළෙ කීවෙ, දන්ත ධාතුන් වහන්සේ රට මැදට ගෙනියන්න කියන එකයි” යැයි නිකපිටියේ රාළ ඒ විස්තරය කී සැණින් කීරවැල්ලේ නිලමේ වහා මාලිගයට ගොස් රන් කරඬුවක තිබූ දන්ත ධාතුන් වහන්සේ සිය සිරියේ (පිහිය කොපුවේ) සඟවාගෙන ව්‍යාජ ධන්ත ධාතුවක් එහි තබා හොර රහසේම මාලිගයෙන් පිටව දිවස්නා තොටුපොළෙන් එතෙරව සීතාවක මාලිගයට ගොස් මායාදුන්නේ රජු හමුවූයේය.

පසුදා උදෑසන සීතාවක මාලිගයට ආරංචි වූයේ එදින අලුයම පරංගින් කෝට්ටේ මාලිගය වනසා රාජධානිය අත්පත් කරගත් බවයි. මේ සිහිනය කුමක්දැයි යන්න තීරණය ඔබට භාරය.

ගුප්ත දේ ගුප්තය. Occult is Occult විද්‍යාවෙන් බැහැරය. පරීක්‍ෂණවලට (මෙවලම්වලින්) දුරස්ය. අතපෙවිය හැක්කේ දේශීය ඥානයට Indigenous Knowledge පමණි. එහෙත් අප ප්‍රමාද වූවා වැඩිය. මන්ද? කාලාවරෝධය වැට බැඳ ඇති හෙයිනි.

රජුන් හා බැඳුණු සතුන්ගෙන් රාජ්‍යයක ආරෝහණය මෙන්ම අවරෝහණය ද පෙන්නුම් කෙරේ. ඉන් ප්‍රධාන ස්ථානය ඇත්තුන්ට හිමිය.

කන්දේ කකා ලන්දේ යන බෝසත්තු – අතමිණි බැඳ පය මිණි බැඳ ජයගත්තු
රාජ සබෙන් සොඳ කරුණා ලැබ ගත්තු – වළවේ ගඟට බැස්සෝ ගෝමර ඇත්තු

සර්වඥ ධාතුන් වහන්සේලා සහිත කරඬුවක් රජවරුන් මට්ටමේ කෙනකුට විනා සාමාන්‍ය කෙනකුට හිස මතට ගැනීමේ පිනක් අපට කොයින්ද?එහෙත් අලි ඇත්තු කරඬු රැගෙන රජවරුන්සේ ඇඳුම් පැලඳුම්වලින් සැරසී (සරසවා) උඩු වියන් යටින් පාවඩ මතින් මහේශාක්‍ය ලීලාවෙන් ගමන් යති.

එහෙත් කිසියම් පූර්ව ආත්මභාවයක කරන ලද අකුසලයක් කරනකොටගෙන මේ ආත්මයේ සත්ව යෝනියක උපනත් (ඉපදුනත්) පෙර කරන ලද කුසල පුණ්‍යසම්භාරය හේතුකොට රජෙකුට ජන ප්‍රධානියෙකුට හිමි සත්කාර සම්මාන ලබත්. එකම අඩුව සත්ව යෝනියේ බැවින් කතාකිරීමට නොහැකි වීම පමණි. ඔය ගෞරවනීය සතුන් පිළිබඳ බුදු දහමේ ඉගැන්වෙන අන්දමය. කොතරම් දන්පින් කළත් වෙහෙ විහාර හැදුවත් බුදුන් වහන්සේ සමග ඉතා කිට්ටු සම්බන්ධතා පැවැත්වුවත් මැරෙන මොහොතේ අකුසල සිතක් පහළවීමෙන් (අකුසල මූල චුති චිත්තයක්) කෝසල මහ රජතුමා හිමාල වනාන්තරයේ දාර පිඹුරු යෝනියක උපත ලැබුවේය.

මේ ගැටපදය ලිහුවේ යථෝක්ත කවියේ ලන්දේ යන බෝසත්තු ගැන කීමටය.

මේ රටේ පාලකයන් අලි ඇතුන් සහ දළදා වහන්සේ අතර ගුප්ත සබැඳියාවක් ඇති බව දන්නෝ විරලයහ. දළදා පෙරහැරේ අලි ගැටුම් සිදුවීම පාලනයේ (අශුභ) වෙනස්කම් දක්වන පෙරනිමිත්තකි.

(විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයකු වන කේ.ඇම්.ඇස්. බෝවල මහතා මේ තොරතුරු දළදා මාලිගාවේ මහනායක හිමියන්වහන්සේ කෙනකුන් වශයෙන් වැඩසිටි තම ලොකු මාමාගෙන් (මවගේ වැඩිමල් සොහොයුරා) අසා ගත්තක් බව මේ ලියුම්කරුට කීවේය.)

මහනුවර දළදා පෙරහැරේ දී 1959 අගෝස්තු 19 වැනිදා අලි කුලප්පුවෙන් පහළොවකට ආසන්න පිරිසක් මියගියෝය. ඇතා ද මැරුම් කෑවේය. තම ඇමැති ගනයා අතින් ජූලියස් සීසර් අධිරාජයා සිය මාලිගා පරිශ්‍රයේදීම තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනය වූවා සේම මෙරට අගමැතිවරයකු වූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ද අලිකුලප්පුවෙන් හරියටම සුමාන පහකට පසුව (සැප්තැම්බර් 26දා) සිය නිවෙසේදීම සිය අතීසාර මිත්‍රයන් අතින් මියපරලොව ගියේය) ඉන් අනතුරුව 1959 දෙසැම්බර් 04 වැනිදා ආණ්ඩුවටත් ඒ ඉරණමම අත්විය.

මහනුවර 1976 අගෝස්තු (ඇසළ) පෙරහැරේ ඇතෙක් පත්තිනි දේවාලය අසලදී මැරුම් කෑවේය. 1977 ජූලි 02දා මැතිනිය ගෙදර ගියා පමණක් නොව ප්‍රජා අයිතියද අහෝසි කරගත්තාය. ඒ, පක්‍ෂයට යළි බලයට ඒමට අවුරුදු 17ක්ම බලාගෙන සිටින්නට ද සිදුවූවේය.

ඔත්පොළව සිටින අග්බෝ මෙන්ම කන්න බොන්න වගේම ලෙඩට දුකට බේත්හේත් ටික නැති නිසා මරණාසන්නව සිටි මුතුරාජා ආපසු ඒ රටටම ගෙනයාම ද ඉදිරි අනාගතය ගැන පූර්ව අශුභයකි.

රාජධානියක් (සිංහල රජ කාලෙ) සහ ආණ්ඩුවක් උඩුකුරුඤ්ඤං ගහන බවට පැහැදිලිවම පෙනෙන ප්‍රකට කරුණ පාලකයන් මහා සංඝරත්නය සමග කැරැල්ලුං ඇල්ලීමය.

සීතාවක රාජසිංහ ගොයියා සිය පියා මැරීමේ පාපයෙන් ගැලවීමට මඟක් නැති බව මහා සංඝරත්නයෙන් දැනගත් කල පළිගන්නට පටන් ගත්තේය. මහමඟ වඩිමින් සිටි භික්‍ෂුන් වහන්සේලා හැටනමක් අල්ලා උන්වහන්සේලා පොරවාගෙන සිටි සිවුරුවලින්ම දෙදෙනා වහන්සේලා බැගින් එකට ගැටගසා සීතාවක ගඟේ වක්කලමේ ගිල්වා අපවත් කරනු ලැබූහ.

ඝාතන සිද්ධියෙන් වැඩිකල් යන්නට මත්තෙන් රාජසිංහ උන්නැහේ මහ රෑ හොරමඟුලේ ගොස් එන අතරතුරේදී නයෙකු කා මළේය. සීතාවක රාජධානියට කණකොකා ඇඬුවේය.

අපේ මද්දුමබණ්ඩාර වීරයාගේ මුළු පවුලම ඝාතනය කෙරෙන හැටි බලා සිටි අර පරයා වඩිග රජා, ශ්‍රී වික්‍රම බේබද්දා උඩරට මහා සංඝයා වහන්සේලා සමග කෝන්තර බැඳගෙන සිටියේය. අන්තිමට ඒකා රටත් රාජ්‍යයත් දෙකම නැතිකරගෙන ඉන්දියාවේ වෙල්ලෝර බළකොටුවේදී බලුකුක්කෙක් සේ වළකජ්ජං ගැසුවේය. (ඕවා සාංදෘශ්ඨික විපාකය) හාමුදුරුවරුන් එක්ක කෙළගන්න හදනවාය කියන එකනං පුතේ ලේසි කෙළියක් නෙමේ.

ඔය කසාවත වනාහි පඬු පෙවූ රෙදිකඩක් වූවට එහි බලය අනන්තය. ලෝකයම දණගස්සනසුලුය.
අරූ වඩිග රජා සේම අපේ ඇතැම් මගඩි රජාලාත් හාමුදුරුවන් සමග කැරැල්ලුං ඇල්ලීම ඒතරං කල් කරන්න පුළුවන් දෙයක් බව සිතනවානං මුළාවකි.

ලෝකයේ උතුම්ම වස්තුව වන ශ්‍රී සද්ධර්මය අනුබුදු බුදු හිමියන් විසින් වඩම්මන ලද ස්ථානය වූ මිස්සක පව්ව (මිහින්තලය මහා විහාරය) පොසොන් දා මහා ඝනාන්ධකාරයේ තැබීම ලේසිපාසු පාපකර්මයක් නොවේ. ඒ සිද්ධිය ලඝුකොට තැකීමට ද නොහැකිය. ඒ දුම් දමන යමහලකි.

අපරාදෙ කියන්නට බැරිය. අපේ වලවාහැංගුණුවැවේ නායක හාමුදුරුවන් වහන්සේ නම් කාට කාටත් ලුණු ඇඹුල් ඇතුවම අම්මමෝ නැතිවෙන්ඩම අනුශාසනා කළෝය.

මෙවර දළදා පෙරහැර පටන්ගන්නත් පෙරම විදුලි බිල ඉල්ලීම තවත් සොහොන් ලකුණකි.

මා පොඩිකාලේ කැලෑවේ ඇවිදීමට යාමට හොඳටම බියවූයේ කැලේ හැමතැනම “ආපසු මදු, මංමුලා” සහ “පිස්සු පලා” වැනි වැල් වර්ග ඇති බව මට අපේ සීයා සහ අම්මා විසින් කියාදෙනු ලැබූ හෙයිනි.

ආපසු මදුවැල් පෑගුණු විට ආපසු හැරි හැරී පස්සටම යැවෙන බවත්, මංමුළා වැල් පෑගුණුහොත් පාරක් තොටක් සොයාගත නොහැකිව අතරමං වන බවත් පිස්සුපලා පෑගුණු විට පිස්සු හැදෙන බවත් පැහැදිලි කර තිබුණෙන් එසේ කැලෑවට යාමට බියවීමි.

අපේ බොහෝ දෙනා “උකුත්වෙන්ඩ” ආසන්න මරණ මංචකයේ සිටිත්දී මේ තරං නහුතෙටම පිස්සු කෙළින්නේ අර කියන ජාතියේ වැල් පෑගුණාවත් දැයි කිව නොහැකිය.

ඔය පිස්සු කෙළිල්ල හෙවත් මනෝ විකෘතිය නහින්න ආසන්න වූ බොහෝ දෙනකුට තිබුණකි.

හැත්තෑහතේදී මැතිනිය ගෙදර යන්න කලින් ඊට වසරකට පෙර සිටම එනම් හැත්තෑහයේ සිටම නොබැඳි ජවුසම (Summit) “එතකොට ඩෝන්ට් සේ පලයං අයිගොට් වෙන එකක් සොයං අයෑම් ඔන්ලි කැන්ඩි ළමිස්සී” කියමින් ඇඳිවත අංශක විසිතුන හමාරක් උහාපියා නැටුවාය.

අන්තිමේදී ඇය ගෙදර ගියාය. ප්‍රජා අයිතියද නැති කරගත්තාය. ඇට අට කන්නට මිනිස්සු ජේ.ආර්. ලොක්කාට හයෙන් පහකම බලයක් දුන්හ. පැරදුණු ශ්‍රී ලංකා පක්‍ෂයට යළි බලයට එන්නට අවුරුදු 17ක් ගියේය.

අපේ චන්ද්‍රිකා අක්කා ගෙදර ගියේ මගේ මිත්‍ර වික්ටර්ගෙන් “චෞර රැජිණ” යන විරුදාවලියද ලබාගෙනය.

අපේ මයිනයියා අන්තිමේදී මහ රජාගේ රෝල (චරිතය) යැයි සිතමින් බම්මන්නා ලෙසට ඇන්දේය.

ලංකා මාතා (අම්මා) යැයි කියමින් මහපොළොවට වැඳ මහජනයාට වැඩකිඩ පෙන්නා ‘මාතාව’ කන්නට පටන්ගත්තේය. මාතාවගේ කෑලි කෑලි චීනෙටත්, ඉන්දියාවටත් දුන්නේය. (අහවල් කෑල්ල කාට දුන්නාදැයි කිව නොහේ). මාතාවගේ දරුවනුත් බඩගින්නේ තියා උගන්ඩාවේ බැංකු බලන්නට ගියේය. අන්තිමේදී මාතාවට කෙළියා කියමින් හෝ නොකියා හෝ පස්ස fදාරෙන් පැන්නේය.

මනෝ විකාරය උස්මුරුක්තෙටම තදවූ එවුන් විදුලිය සඳහා යැයි කියමින් රඳවාගත් චන්ද්‍රිකා වැවේ ජලය වළවේ කුඹුරු අක්කර දහස් ගණනක් පිච්චී අළුවී ගියේය.

ඉස්පිරිතාලවල පමණක් නොව පාරවල් ගානේත් මිනිසුන් මැරිමැරී වැටෙද්දීත් බාල බෙහෙත් නැතැයි තවත් පොත්තෙක් කියයි.

එහෙත් මිස්ටර්..ර්..ර්ර් ජාගර පස්සකසං කියන්නේ රඹුටු ගෙහෙඩියා කිසිම වරදක් කර නැති බැවින්Confidence Motion එකේදී ආරක්‍ෂා කරගන්නා බවය.
“මචං පස්ස කසං, ඇත්තට උඹට පිස්සුද බං”

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

2022 ප්‍රතිපල නිකුත් කරලත් නෑ! 2023 විභාගයෙන් මාස 5ක් කපා දමලා! දෙවන වර විභාගය කරන අයට තියෙන්නේ මාස දෙකයි! පාලකයන්ගේ අසමත් බව වහගන්න උසස් පෙළ සිසුන්ගේ අනාගතය බිලිදෙන්න එපා! විපක්ෂනායක විශේෂ නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයේ නඩු විභාගයේදී හෙළිදරව් වූ ‘අබූ හින්ද්’ කව්ද? කෝ එයා ගැන හෙව්වද? කාදිනල් හිමියෝ අතිවිශේෂ හෙළිදරව්වක! තවත් අපිව රවට්ටන්න එන්න එපා! පොලිස් ඇමැති කරපු කතාවටත් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.