• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිලලා එළවන්න හදන කවුද මේ පොන්නම්බලම්ලා I Sri Lanka Latest News

September 2, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොළව මත කෙතරම් ගස් ඇතත් වඩාත් ආකර්ෂණීය අතු බෙදීම් සහ වර්ණවත් කොළ මල් සහිත ගස් පැළවෙන්නේ දේශපාලන පිටියේය. ‘පවුල් ගස්’ ලෙසින් හඳුන්වන මෙකී ගස් ගණනාවක් දශක හතඅටක් තිස්සේ සිය පැවැත්ම තහවුරු කරගෙන සිටිනු දැකගත හැක්කේය. පවුල් ගස් පිළිබඳ කතාකරන විට ජයවර්ධන, සේනානායක, බණ්ඩාරනායක, පවුල් ගණනාවක් අපේ සිහියට නැගෙතත් එවැනි ගස් තිබෙන්නේ සිංහල දේශපාලනඥයන් අතර පමණක් නොවේ.(Sri Lanka Latest News)

ලංකාවේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ අතරද පවුල් ගස් හොඳින් මෝරා වැඩුණු අවස්ථා නැත්තේ නොවේ. දෙමළ දේශපාලන පක්ෂවල පැටිකිරිය හාරා අවුස්සද්දී හමුවන පොන්නම්බලම් පවුලද දේශපාලන පවුල් ගස් සඳහා හොඳ උදාහරණයකි.

පොන්නම්බලම් පවුලේ සමාරම්භකයා වනුයේ ජී.ජී. පොන්නම්බලම්ය. 1901 නොවැම්බර් 08 වැනි දින යාපනයේ අල්වේලිහිදී උපත ලද ගනපතිපිල්ලෙයි ඥානගසර් පොන්නම්බලම් යාපනයේ ශාන්ත පැටි්‍රක් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විදුහල්වලින් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා බි්‍රතාන්‍යයට යන ලදී. එහිදී ස්වභාව විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ උපාධියක් ලබන පොන්නම්බලම් අනතුරුව කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් LLB සහ MA උපාධිද දිනාගන්නේය. බැරිස්ටර්වරයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන ඔහු අපරාධ නඩු සම්බන්ධව මෙරට සිටි කීර්තිමත් නීතිඥයෙකි.

දේශපාලනය පිළිබඳ බොහෝ සේ උනන්දු වූ ඔහු ලංකාවේ දෙමළ ජනතාව නියෝජනය කළ පළමු දේශපාලන පක්ෂය වන සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ (ACTC) නිර්මාතෘ සහ සමාරම්භක නායකයා විය. ඒ 1944 තරම් ඈත අතීතයේදීය. ලාංකේය දේශපාලනයේ ආන්දෝලනාත්මක ඉල්ලීමක් වූ 50ට 50 ඉල්ලීම කරළියට ගෙන එන්නේ මෙකී ජී.ජී. පොන්නම්බලම්ය. (50ට 50 යනු රටෙන් භාගයක් ඉල්ලීම නොව, පාර්ලිමේන්තු නියෝජනයෙන් 50%ක් සුළු ජාතීනට ඉල්ලීමය) 1947 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුව තේරීපත්වන ඔහු පසුව ඩී.ඇස්.ගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක් වී ඇමැතිකමක් ද ලබාගන්නේය.

ඩී.ඇස්. ගේ රජයේ කර්මාන්ත, කාර්මික පර්යේෂණ සහ ධීවර අමාත්‍ය ධුරය දැරූ ඔහු තම අමාත්‍ය ධුරයෙන් උතුරු නැගෙනහිර දෙපළාතට දැවැන්ත මෙහෙයක් ඉටු කළේය. පරන්තන් රසායනික ද්‍රව්‍ය කම්හල, පුල්මුඩේ ඛනිජ වැලි සමාගම බිහිකරමින් උතුරට කාර්මික නවෝදයක් බිහිකිරීමට ඔහු මුල්විය.

1948 ඩී.ඇස්.ගේ ආණ්ඩුව ගෙන ආ පුරවැසි පනත මෙරට වතුකරයේ ලක්ෂ සංඛ්‍යාත ද්‍රවිඩ ජනතාවකට සිය පුරවැසි අයිතිය අහිමි කිරීමේ පවිටු චේතනාවෙන් ගෙන ආ එකකි. එහෙත් ජී.ජී. පොන්නම්බලම් එම පනතට පක්ෂව ඡන්දය දීම ඒ යුගයේ පවා ආන්දෝලනාත්මක සිදුවීමක් විය. පොන්නම්බලම් ඉක්මවා ගොස් වඩාත් ජාතිකවාදී දේශපාලනයක නියුතු වූ චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂය බිහිවන්නට මුල්වන්නේ ජී.ජී. පොන්නම්බලම් අතින් වතුකරයේ ද්‍රවිඩ ජනතාවට සිදුවූ එකී අසාධාරණයය.

පොන්නම්බලම් පවුලේ දෙවැනි පුරුක වනුයේ කුමාර් පොන්නම්බලම්ය. වර්ෂ 1940 අගෝස්තු මස 12 වැනි දින උපත ලද කුමාර් පොන්නම්බලම් සිය පියාවූ ජී.ජී. පොන්නම්බලම් ගිය පාරේම යමින් නීති වෘත්තියට එක්විය. ඔහුද පියා මෙන් කීර්තිමත් නීතිඥයෙක් වන අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් තරුණයන් වෙනුවෙන් පෙනීසිටීම නිසා උතුරු නැගෙනහිර ජන කොටස් අතර ඔහු ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් විය. සිය පියා ආරම්භ කළ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට එක්වන ඔහු සිය දේශපාලන ජීවිතය එම පක්ෂයෙන් අරඹන්නේය.

ජී.ජී. පොන්නම්බලම්ගේ අභාවයෙන් පසු එම පක්ෂයේ නායකයා බවට පත්වන කුමාර් පොන්නම්බලම්ට පක්ෂය නගාසිටුවා ද්‍රවිඩ ජන සමාජයට බලපෑම් කරන්නට හැකි පක්ෂය බවට පත්කරගන්නට ලැබෙන්නේ නැත. ඒ වෙනුවට කුමාර් පොන්නම්බලම් කෙමෙන් සිය පියා හෙබවූ ජාතික දේශපාලන භූමිකාවෙන් විතැන් වෙමින් ජාතිකවාදී දේශපාලනයකට පිවිසෙන්නට විය.

1982 වස‍රේ පැවැති ශ්‍රී ලංකාවේ මුල්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඔහු 6/5ක බලයක් සහිතව සිටි ජේ.ආර්. ජයවර්ධනට එළිපිට අභියෝග කළේය. එම ජනපතිවරණයෙන් ඡන්ද 173,904ක් ලබාගත් ඔහු හතර වැනි තැනට පැමිණියේය. ඔහු වාසුදේව නානායක්කාර සහ කොල්වින් ආර්. ද සිල්වා යන වාමාංශික නායකයන් දෙන්නා අන්ත පරාජයට පත්කරන්නට සමත් විය. ඒ ආකාරයෙන් තීරණාත්මක භූමිකාවක නියැළුණු කුමාර් පොන්නම්බලම් එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග සමීප සබඳතාවක් පවත්වන ලද බව කියැවේ. කුමාර් සහ ඔහුගේ බිරියට ඕනෑම අවස්ථාවක පෙර වෙලාවක් වෙන් නොකර ප්‍රභාකරන් හමුවීමට අවසර හිමිව තිබූ බව කියවේ.

ලාංකේය දේශපාලනයේ කුමනාකාරයේ භූමිකාවක නයැළුණද කුමාර් පොන්නම්බලම් හට සිය පියා ආරම්භ කළ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය දේශපාලනිකව නගාසිටුවීමට ලැබෙන්නේ නැත. සත්‍ය වශයෙන්ම සිදුවූයේ ජී.ජී. පොන්නම්බලම්ගේ මරණයත් සමග එම පක්ෂය කෙමෙන් විනාශව යාමය. ඊට යම් තරමක මැදිහත් වීමක් කර එම පක්ෂය නගාසිටුවීමට කුමාර් පොන්නම්බලම් අසමත්වන්නේය.

මෙසේ කාලය ගෙවී යද්දී 2000 වසරේ ජනවාරි මස 05 වැනිදා නාඳුනන තුවක්කුකරුවෙක් ඔහු සිය මෝටර් රථය තුළම මරාදමා තිබිණි. ඔහු අවසාන වරට නිවෙසින් පිටතට යන්නේ ශාන්ත නමින් හඳුන්වන හිතවතෙක් සමගය. එහෙත් මේ කියනා ශාන්ත කිසි දිනෙක සිරභාරයට පත්වූයේ නැත. ත්‍රස්තවාදයට එරෙහි ජාතික පෙරමුණ නමින් තමන් හඳුන්වාගත් එතරම් ප්‍රකට නැති කණ්ඩායමක් පොන්නම්බලම් ඝාතනයේ වගකීම භාරගන්නා ලදී.

එහෙත් ඔහුගේ බිරිය සහ ද්‍රවිඩ කොංග්‍රසය මෙම ඝාතනය රජය සැලසුම් කරන ලද්දක් බව පවසමින් ජූරි සභිකයන්ගේ ජාත්‍යන්තර කොමිසම වැනි ජාත්‍යන්තර කණ්ඩායමක් සිදුකෙරෙන අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලා තිබිණි. පොන්නම්බලම් ඝාතනයෙන් පසුව, කළුතර බන්ධනාගාරයෙහි දෙමළ සිරකරුවෝ විරෝධතාවක් ලෙසින් කැරලි ගැසූ අතර, එය මැඬපැවැත්වීමේ ක්‍රියාවලියේදී දෙදෙනකු මරා දැමිණි. අවසානයේ කළ කෙනෙක් නොමැති ඝාතන ලයිස්තුවට කුමාර් පොන්නම්බලම්ගේ ඝාතනයද එක් විය.

පොන්නම්බලම් පවුලේ තුන්වැනි පුරුක වනුයේ ගජේන්ද්‍රකුමාර් කංගේසර් පොන්නම්බලම්ය. 1974 ජනවාරි 16 වැනිදා පොන්නම්බලම් පවුලේ ඔටුන්න හිමි කුමරා ලෙස උපත ලබන ඔහු සිය පියා සහ පියාගේ පියා ගිය පාරේ යමින් නීති වෘත්තියට පළමුව පිවිසෙන්නේය. රාජකීය විද්‍යාලයෙන් සහ කොළඹ ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලබන ඔහු උසස් අධ්‍යාපනය සඳහා බි්‍රතාන්‍යයට යන අතර සියලු පොන්නම්බලම්වරුන් මෙන් ගජේන්ද්‍ර කුමාර් ද බි්‍රතාන්‍යයේදී බැරිස්ටර්වරයෙක් ලෙස සුදුසුකම් ලබන්නේය. සිය පියාවූ කුමාර් පොන්නම්බලම් ඝාතනය කිරීමෙන් පසු දේශපාලනයට එක්වන ඔහු සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට නායකත්වය දෙමින් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේය.

2001 දී ද්‍රවිඩ ජාතික සන්ධානය (TNA) සමග එක්වන ඔහු 2001 සහ 2004 එම සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස පසුව එස්. කජේන්ද්‍රන් සහ පත්මිනී සිත්තම්පරන්තන් සමග ටී.එන්.ඒ. හැරගොස් ද්‍රවිඩ ජාතික මහජන පෙරමුණ (TNPF) පිහිටුවා ගන්නේය. 2010 සහ 2015 මැතිවරණ දෙකෙන්ම ඔහු නියෝජනය කළ TNPF පක්ෂයට පාර්ලිමේන්තු අසුනක් දිනාගන්නට හැකි වූයේ නැත. එහෙත් 2020 මැතිවරණයෙන් යළි යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන්නට ඔහු සමත් වන්නේය.

සමාරම්භක පොන්නම්බලම්වරයා වන ජී.ජී. පොන්නම්බලම් ගිය මගට වෙනස් මගක යමින් ජාතිකවාදී නැඹුරුවක් සහිත දේශපාලනයක නියැළෙන ඔහු පසු ගිය කාලයේ දකුණේ සමාජයේ බොහෝ අවධානයට ලක්වූයේය. වරක් යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ ජන හමුවක් අතරතුර පොලිසිය සමග ඇති වූ ආරවුලක් ඇතිකර ගන්නේය. අනතුරුව ඔහු හඹා එන පොලිසිය කොළඹ පිහිටි ඔහුගේ නිවෙසට ගොස් ඔහු අත්අඩංගුවට ගන්නට කටයුතු කරන ලදී.

අත්අඩංගුවට ගත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අනතුරුව කිලිනොච්චි මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණවීමෙන් අනතුරුව ඇප පිට මුදාහරින ලදී. ඔහු අත්අඩංගුවට ගැනීමේ සමස්ත ක්‍රියාවලියම බරපතළ ලෙස විවේචනයට ලක්වූ අතර පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වන ලදී.

මේ ආකාරයෙන් විටෙන් විට මතුව යට යන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පසුගිය 18 වැනිදා තවත් පිරිසක් සමග ආන්දෝලනයට ලක්ව ඇති කුරුන්දි රජමහා විහාරස්ථානයට පැමිණියේය. ඒ පොංගල් පූජාවක් පැවැත්වීම පිණිසය. ඔහුගේ මේ පැමිණීමෙන් එහි නොසන්සුන්තාවක් හටගත් අතර මුලතිව් පොලිසිය ඊට මැදිහත්වී තත්ත්වය පාලනය කර ඇත. කෙසේ වෙතත් පොංගල් පූජාව සඳහා මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් ඔහු සතුව තිබූ බව කියවේ. අවසානයේ එහි පැමිණි ගල්ගමුවේ සන්තබෝධි හිමියන් පුරාවිද්‍යා නිලධාරීන්ගේද අනුදැනුම ඇතිව අධිකරණ නියෝගයට අනුව පොංගල් පූජාව පැවැත්වීමට අවසර ලබාදී ඇත. පසුව පොංගල් පූජාව පැවැත්වූ පිරිස විසිර ගොස් ඇත.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කුරුන්දියේ පොංගල් පූජාව පවත්වා පැමිණෙද්දී පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් කොළඹ ක්වීන්ස් පාරේ පිහිටි ඔහුගේ නිවෙස වටකර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ පවුලේ පරම්පරා හතරක් සිංහල ජනතාවගේ බාධාවකින් තොරව කොළඹ ජීවත් වන නමුත් පොන්නම්බලම් උතුරේ ජාතිවාදයේ බීජ වපුරමින් සිටින බව පිවිතුර හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එම අවස්ථාවේ මාධ්‍යයට පැවසීය. දකුණේ ජනයා තම පරපුරට ලබාදුන් නිදහස උතුරේ සිංහලයන්ට ලබාදීම ඔහුගේ වගකීම බව උදය ගම්මන්පිල එහිදී අවධාරණය කළේය.

මේ අතර බොරැල්ලේ පැවති ජනහමුවක් අමතමින් කරුණු දැක්වූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවැසුවේ රට තුළ යළි ජාතිවාදය ඇවිස්සීමට සුපුරුදු කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බවය. කුරුන්දි විහාර සිදුවීම, මෙන්ම කුමාර් පොන්නම්බලම්ගේ නිවෙස වටකිරීම ආදියද දලුලමින් පවතින ජාතිවාදයේ මූලික සිදුවීම් බව ඔහු අවධාරණය කළේය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කුඩු මැඩලීමෙන් පොලිසිය ෆේල්! දේශබන්දු පිළිගනී! I Sri Lanka Latest New‍s

Next Post

ඇතැම් පාලකයන් සම්බුද්ධ ශාසනයට දිය යුතු ගෞරවය ලබාදීමට අපොහොසත් වෙලා! බෞද්ධකම කටවචනයට-නිවේදනවලට සීමා නොකොට ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීමේ වගකීමට උරදෙමු! විපක්ෂනායක නවගමු දේවාලයේ පෙරහරට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.