ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.Sri Lanka Latest News
එහිදී අගනා පිතිකරණයක නියැලුණු චරිත අසලංක හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 62ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.
සධීර සමරවික්‍රම හතරේ පහර 6ක් සමග ලකුණු 54ක් රැස්කරගත්තේය.
ෂකීබ් අල් හසන් බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 2ක් දවාගත්තේය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 164ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකාව පන්දුවාර 39කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 165ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.
කෙසේවෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල යළි ඉහළ දැමීමත් සමග තරගය ජයග්‍රහණය කිරීමේ සතුට ජනතාව තුළ පැවතියේ සුලු වේලාවක් පමණි.










