• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනේ අපිටත් ජේලර් කෙනෙක් හිටියා නම් I Sri Lanka Latest News

September 1, 2023
in Exclusive, Heart, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘වයස කියන්නෙ ඉලක්කමක් විතරයි’ කියලා කතාවක් තියෙනවා. ‘හැට පැන්නත් වඳුරන් බිමින් යන්නෙ නැහැ’ කියලා පරණ කියමනකුත් තියෙනවා. ඒ අතරවාරේ රාජ්‍ය සේවය තුළ හැට පනින්න කලින් සේවකයන්ව වයස පනස් පහෙන් පෙන්ෂන් යැවීමට තවත් සමහර සුවිශේෂ මිනිසුන් තම තමන්ගේ ජීවිතවල ටර්නින් පොයින්ට් එක ගන්නේ වයස අවුරුදු හැටේදීය. බොහෝ විට ඒ කාරණය දේශපාලනය සහ ව්‍යාපාර විෂය තුළ විශේෂිතව දකින්නට පුළුවන.(Sri Lanka Latest News)

ඒ වාගෙම මෙතැනදී නොකියා බැරි තවත් කතාවක් තියෙනවා. ඉන්දියාවේ සුපිරි සිනමා තරුවලටත් වයස කියන්නේ ඇත්ත වශයෙන්ම ඉලක්කමක් විතරයි. එයට නිදසුන්ද ඕනෑ තරම් දෙන්න පුළුවන්. ඒ අතර ‘මෙන්න කැට’ කියලා හොඳම නිදසුන දීලා තියෙන්නේ ‘ජේලර්’ (Jailer) චිත්‍රපටයේ කෙරුම්කාරයා වෙච්ච කොලිවුඩ් සිනමාවේ සුපිරි තරුව රැජිනි කාන්ත්ය.

රැජිනිගේ වයස අවුරුදු හැත්තෑ තුනයි. ඔව් රැජිනි කාන්ත් ඉපදුණේ එක්දහස් නවසිය පනහේ දෙසැම්බර් මාසයේ දොළොස් වැනිදා. හරියටම දෙදහස් විසිතුනේදී ඔහුගේ වයස අවුරුදු හැත්තෑ තුනයි.

තරුණ කාලේ දමිළ සිනමාවේ මොන තාලේ අඩව් ඇල්ලුවා කිව්වත් තට්ටය පෑදිච්ච කෘත්‍රිම දත් දාපු හම රැලි වැටීගෙන එන හැත්තෑතුනේ නළුවකුට පුළුවන්ද ප්‍රේක්ෂකයන්ව උමතු කරන සුපිරි තරුවක් වෙන්න?

සත්තකින්ම කියනවා නම් ඒක ටිකක් අදහන්න අමාරුයි තමයි. හැබැයි සුදුපාට හමක්වත් නැති මේ කාළ වර්ණ වියපත් නළුවා හොඳ අපූරුවට තමන්ගේ සුපිරි තත්ත්වය පෙන්නුවා. නිකන් නෙවෙයි, එක රැයකට ඉන්දියානු රුපියල් කෝටි 49ක් උපයා දෙමින් තම සුපිරි නළුකම ඔහු ‘ජේලර්’ තුළින් මොනවට පෙන්නලා දුන්නා.

තවත් ටිකක් පැහැදිලි කරනවා නම් කෝටි 45ක් ඉන්දියාවේ චිත්‍රපට හෝල්වලින් විතරයි. ඒ කෝටි 45න් හරි අඩක්ම මැඩ්රාස්වලින්. එතකොට ආන්ද්‍රා සහ තෙලන්ගනාවලින් කෝටි 7යි. කර්ණාටකවලින් කෝටි 11යි. එතැනින් ගියාම යුරෝපා රටවල ඉන්න ඉන්දියානු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඇමෙරිකාව වැනි රටවල පෙන්වූ ‘ජේලර්’ චිත්‍රපටයද කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරලා තිබුණා. දළ වශයෙන් අරගෙන බලනවා නම් එකම එක රැයක් තුළ මේ දමිළ සුපිරි තරුව ‘ජේලර්’ගෙන් උපයා දුන් මුදල ඉන්දියානු රුපියල් කෝටි සියයයි.

කොහොමද ඒක? ඔව්. ඒක නම් සුපිරි කතාන්දරයක්. සාමාන්‍යයෙන් මහල්ලෙක් කියලා පැත්තකට කරන වයසක ඉන්න නළුවකුට මේ හැටි අඩව්වක් අල්ලන්න පුළුවන්ද කියලා පුදුමත් හිතෙනවා. ටිකක් හිතලා බලන්න.

නවීන තාක්ෂණය තුළ රැජිනි කාන්ත්ගේ රූපකාය හෝ පෙනුම කෝටි ගණනක් වියදම් කරලා මොන ජාතියකින් හෝ හැදුවාය කිව්වත්, ඔහුගේ ආකර්ෂණීය රංගන ශෛලිය වෙනුවෙන් තාක්ෂණික හාස්කම් කරන්නට බැරිය. ඒ, ඔහු තමාගේ ඇඟෙන් ගෙනා සුපිරි හපන්කමය. ඒ විතරක් නෙමේය. ප්‍රේක්ෂකයන් ඔහු වෙත දක්වන උමතුවද තාක්ෂණිකව ඇතිකරවූවක් නොවන්නේය. ඒ හැඟීම ඔවුනට දුන්නේද ඔහුගේ රංගන විලාසය තුළින් මතුව ආ සිත්කලු ඇබ්බැහිය නොවේද?

‘ජේලර්’ තිරගත වනදා තමිල්නාඩු කාර්යාලවල නිවාඩු දාන්න රැජිනිගේ ප්‍රේක්ෂකයන්ට තල්ලුව දුන්නේ ඔහුට ඇති ඒ ඇබ්බැහියය. ටිකට් ගන්න බැරිවේ යැයි සිතා කුකුළා හඬලන්නටත් කලින් මැඩ්රාස්වල චිත්‍රපට හෝල් ළඟ දහස් ගණන් ප්‍රේක්ෂකයන් කට්ට කමින් කල් මැරුවේ ඒ ඇබ්බැහියට තවමත් මනාප නිසාය.

පුදුමය කියන්නේ තරුණ කොල්ලකු කාලේ රැජිනි තම ප්‍රේක්ෂකයන් තුළ ජනිත කළ අමුතු පහේ ආකර්ෂණය ඔහුට හැත්තෑව පැන්නත් තවමත් ඔවුන්ගේ හිතෙන් ගිහිලී ගිහින් නැත. ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් බලන විට එය උමතුවකි. රැජිනිගේ පැත්තෙන් බලන විට එය වාසනාවකි. ඒ වාසනාව ඔහුට දුන්නේ වයසට නොයන ඔහුගේ ආකර්ෂණයය.

රැජිනිට විතරක්ද? නැහැ. වයස ඉලක්කමක් පමණක් කරගත් ඒ ආකර්ෂණීය ඇබ්බැහිය එම්.ජී.ආර්.ටද, සිවාජි ගනේෂන්ටද අඩුවක් නැතුව තිබුණේය. තවමත් අදටත් සුපිරි නළු කමල් හසන්ටද තියෙන්නේය. මීට මාස ගණනකට උඩදී වයස අවුරුදු හැටඅටක් වෙච්ච ඔහු නිර්මාණය කළ ඔහු රඟපෑ ‘වික්‍රම්’ කෝටි ප්‍රකෝටි ගණන් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බේ ඒකය.

කොලිවුඩයේ සුපිරි තරුවලට තිබුණු ඒ වාසනා මහිමය චාන්ස් එක බොලිවුඩයටද එලෙසම විය. රාජ් කපූර්ගෙන් පටන්ගෙන රිෂී කපූර් දක්වා පැමිණි කපූර් පවුලෙහි හැම සුපිරි තරුවකටම ඒ ආකර්ෂණය හිමි විය. දිලිප් කුමාර්ට වාගෙම අමිතාබ් බච්චන්ටද හිමිවිය. ෂාරුක් ඛාන් තවමත් කිං ඛාන්ය. කොරෝනාවලින් ඇදවැටී තිබුණු බොලිවුඩය හරියටම ‘පතාන්’ චිත්‍රපටයෙන් ගොඩ ගත්තේ හැටේ සීමාවේ ඉන්න ෂාරුක්ය.

ඒ වාගෙම මේ දවස්වල කරට කර තරගයක යෙදෙමින් තිරගත වන හින්දි චිත්‍රපට දෙකක් ඉන්දීය සිනමාවට කෝටි ගණන් උපයා දෙමින් ජයග්‍රාහීව තිරගත වේ. ඒ, සනී ඩියෝල්ගේ ‘ගඩාර් 2’ සහ අක්ෂය කුමාර්ගේ OMG 2 (Oh My God) ය. සති එකහමාරක් තුළ මේ චිත්‍රපට දෙකම නිෂ්පාදකවරුන්ට ඒ වෙනුවෙන් වැය වූ මුදල පහසුවෙන්ම පියවා දී ඇත. සනී ඩියොල්ට වයස අවුරුදු හැටහයකි. අක්ෂය කුමාර් ඉන්නේ හැට පනින්න ඔන්න මෙන්න කියන සීමාවේය. බලාගෙන යනකොට ඔවුන්ටද වයස යනු ඉලක්කමක් පමණය. හැට පැන්නත් ඔවුන් සුපිරි තරුය. ඔවුන්ගේ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තබන්නේය. සිය ප්‍රේක්ෂකයන් හමුවේ ඔවුන් ආකර්ෂණීයය.

කොලිවුඩ්වල වාගෙම බොලිවුඩ්වලත් එහෙම වුණාට ‘හෙළවුඩ්’ යන නම පටබැඳි ශ්‍රී ලාංකේය සිනමාවේ නම් එහෙම වුණේ නැත. කොරෝනා ලොක්ඩවුන් එක එන්නත් කලින් ඉඳලම අපේ සිංහල සිනමාව හතරගාතේ දා වැටෙන්නට පටන්ගත්තේය. බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක් මෑත කාලයේ හෝල්වලට ආවා කියා මතකයක්වත් නැත. බොක්ස් ඔෆිස් තබනවා කියා ඒ එන චිත්‍රපට මාසයක් එකහමාරක්වත් රැඳෙන්නේ නැත.

සම්භාව්‍ය පස්වැනි මණ්ඩලයට එන වැදගැම්මක් ඇති චිත්‍රපට මෙන්ම වාණිජ වශයෙන් තනන චිත්‍රපටවලද තත්ත්වය ඒකය. ඒ තියා අපට සුපිරි කියන නම පටබඳින්නට පුළුවන් කෙරුම්කාර නළුවෙක්ද සොයා යන්නට නැති එක හරිම ශෝකජනකය. පනහා හැට පැන්න නළුවකු තියා සුපිරිය කියන්න තරුණ නළුවෙක්වත් අපට නැත. තැරුණ නළුවො ගැන කතාකිරීමද විහිළුවකි. එහෙම කියන්නේ අද අපට වැඩි හරියක්ම දකින්නට ඉන්නේ සැලුන් නළුවන්ය.

හැන්දෑ ජාමෙට ටීවී එක ළඟ ඉඳගත්තා නම් එකසිය ගානට විකාශය වන ටෙලි නාට්‍ය හරහා බොහොමයක් වූ එළු නළුවන් සහ සැලුන් නළුවන් එක රොත්තට දකින්නට පුළුවනිය. තාත්විකව රඟපාන්නේ කොහොමදැයි කියන කාරණය වටහා ගන්නට බැරි වැඩිහරියක් සැලුන් නළුවෝ ෆේස්බුක් එක හරහා නම් විකාර රැඟිල්ලක යෙදෙති. එහෙම රැඟුවාට සුපිරි යැයි උන් හිතුවාට සුපිරිය කියන වචනයේ හරි තේරුමක් උන් දන්නෙත් නැහැ.

සුපිරිය කියන ගැම්මට හුරේ දාලා පිළිගන්නට අපට අද නළුවෙක් නැත. ඉන්දීය සිනමා නළුවන් බයිස්කෝප් එකක ඉඳහිටද රඟපෑවත් උන්දැහේලාගේ සුපිරි තත්ත්වය කවදාකවත් අඩු වන්නේ නැත. හැට පැන්නත් ඊට වැඩිය වයසට ගියත් ඒක එදත් එහෙමය. අදත් එහෙමය. නමුත් අපේ සිනමාවේ එහෙම සුපිරි නළුවන් නැත. චිත්‍රපටයක් හෝල්වලට එන බව දැනගත්තාම පෝලිම්වල කට්ට කන්න ලෑස්ති වෙලා ඉන්න උමතු ප්‍රේක්ෂකයන් අපේ නළු වීරන්ට නැත.

‘සිංහල සිනමාවේ හොඳ කතා වස්තු තියෙන චිත්‍රපට හැදුණට ඉස්සර වාගේ පොරකකා චිත්‍රපට බලන පිරිසක් අද නැහැ. විශේෂයෙන්ම ඉස්සර වාගේ ස්ටාර් ලෙවල් එකේ ආර්ටිස්ලා අද අපට නැහැ. ඉන්දියන් සිනමාවේ එහෙම නෙවෙයි. එදා වගේම අදටත් එයාලා ඩිමාන්ඩ්. එයාලගේ චිත්‍රපටයක් එනකල් ප්‍රේක්ෂකයෝ ඇඟිලි ගැන ගැන බලාගෙන ඉන්නවා. රැජිනි, කමල්, ෂාරුක්, අමිතාබ් වාගේ සුපිරි තරු ඒ අතර විශේෂයි. ඉන්දියාවේ විතරක් නෙවෙයි. ලංකාවේ ප්‍රේක්ෂකයොත් එයාලගේ ෆිල්ම් බලන්න ලොකු උනන්දුවක් දක්වනවා…’

මාධ්‍ය හමුවකදී ඉන්දියානු සිනමාව සහ සිංහල සිනමාව ගැන ලංකාවට විදෙස් චිත්‍රපට ගෙන්වන ‘නෑෂ් හෝල්ඩිං සමාගමේ’ අපනයනකරු නස්රුල්ලා කීවේ එහෙම කතාවකි. ‘ඉස්සර වාගේ ස්ටාර් ලෙවල් එකේ ආර්ටිස්ලා’ යනුවෙන් නම සඳහන් නොකළද ඔහු කිව්වේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ ජනප්‍රිය නළු විජය කුමාරණතුංග ගැන බව නිසැකවම කියන්නට පුළුවන්ය.
ඇත්තටම ගාමිණී සහ විජය අද හිටියා නම් සිංහල සිනමාව ගොඩගන්නට ඔවුන්ගේ සුපිරි නාමය පිටිවහලක් වන්නට තිබුණා නොවේද?

ඔව්. ඉන්තේරුවෙන්ම ඒක එහෙමමය. ගාමිණී – විජය වාගේ කොණ්ඩය සකසන්නට ඔවුන්ගේ රූ ඡායා තියෙන පත්තර පිටු කාමරයේ බිත්ති පුරා අලවන්නට තරම් උමතුවක් ඔවුන්ට ප්‍රිය කළ ප්‍රේක්ෂකයන්ට තිබුණේය. මේ සුපිරි තරු එන්නේ කොතැනටද? ඔවුන්ව සියැසින් දැකගන්නට හැකි නම් ස්පර්ශ කොට බලන්නට තරම් උමතුවක් ඔවුන්ට තිබිණි. ගාමිණී – විජය නොසිතූ ලෙස දිවි මඟ අවසන් කරන තුරුම ඒ උමතුව එලෙසම තිබිණි. ගාමිණීගේ හෝ විජයගේ චිත්‍රපටයක් කවදාවත් හෝල්වල පුස් කෑවේ නැත. ඒවා හොඳ යහමින් මුදල් හරි හම්බ කොට දුන්නේය.

හැට පිරෙන්නට කලින් මේ සුපිරි තරු දෙපළම සිනමාවෙන් පමණක් නොව ජීවිතයෙන්ද සමුගෙන ගියහ. තව අවුරුදු දහයක් පහළොවක් ඔවුන් සිනමාව වෙනුවෙන් සිටියා නම් සිංහල චිත්‍රපට කලාව මේ තරම් අගතියකට පත් නොවන්නට තිබිණි. රැජිනි කාන්ත් මෙන් හැත්තෑතුනේ පෙනුම හතළිස් ගණනේ පෙනුමට ගෙන එන විiාත්මක ජිල්මාට් එකක් දමා ගත්තා නම් ගාමිණී සහ විජයටද සුපිරි මට්ටමේ අඩව්වක් අල්ලලා ලංකාවේ වැහිලා තියෙන චිත්‍රපට හෝල්වල අගුළු කඩා දමන්නට තිබිණි. ඒ, ඔවුන් අද කාලේ සමහර නළුවන් මෙන් සැලුන් නළුවන් නොවී රියල් සුපිරි තරු වෙලා එදා සිනමාවේ රජ කළ නිසාය.

දැන් ඉතින් කුමක් කරන්නද? නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකකුත් ඕනෑය කියන කියමනට අනුව නම් සිංහල සිනමාව ගොඩගන්නට පුළුවන් කලාවක් පෙනෙන තෙක් මානයකවත් නැත. ඒ හින්දා කුමක් හෝ හාස්කමක් සිදුවනතුරු බලා සිටිය යුතුය.

එහෙම නැතිනම්, ‘ජේලර්’ වැනි චිත්‍රපටයක් බලලා රැජිනි කාන්ත් වැනි සුපිරි තරුවක් වෙනුවෙන් විසිල් එකක් ගහලා ආතල් එකක් ගත යුතුය. මන්ද යත්, සිංහල චිත්‍රපට කලාව ශෝකාන්තයක් වී හමාර නිසාය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

තෙලුත් එක්කම බස් ගාස්තුත් 4%කින් නැග්ගා! I Sri Lanka Latest News

Next Post

රජුන් තනපු S තොණ්ඩමාන් සහ රජුන් වට්ටන J තොණ්ඩමාන් I Sri Lanka Latest News

MORE NEWS

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

Load More
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී රෝහිත අබේගුණවර්ධන ඉලක්ක කර බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේ මෙසේය.Sri Lanka Latest News

Read more
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.