• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇල්ල මරු…! තව දියුණු කළොත් මරේ මරු…! I Sri Lanka Latest News

August 31, 2023
in Exclusive, Holiday, News
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ පරිසරය හා සම්බන්ධ තවත් එක් වැදගත් සංචාරක කලාපයක් ගැන. ආර්ථික අහේනියෙන් හෙම්බත් වෙලා ඉන්න අපි වගේ පුංචි රටකට ගොඩ එන්න, ඩොලර් ගේන්න තියෙන එක විදියක් තමයි සංචාරක කර්මාන්තය. ඒකට සුදුසු තෝතැන්නක් අද අපේ රටේ මධ්‍යම කඳුකරයේ බිහිවෙලා තියෙනවා. ඒ, ඇල්ල සංචාරක පුරවරය.(Sri Lanka Latest News)

අද වන විට ඇල්ල සංචාරක පාරදීසයක්. ඇල්ල නගරයේ බැලූ බැලූ අත සංචාරකයන්ගෙන් පිරීගොස්. දහසකුත් ප්‍රශ්නවලින් බැට කන අපේ රටේ ආර්ථිකයට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත. සංචාරකයන් පැමිණෙනවා කියන්නේ අපේ රටට විදේශ විනිමය ගලා එන තවත් එක් ක්‍රියාවලියක ආරම්භයක්. අද ඇල්ල කඩ සාප්පු, අවන්හල්, හෝටල්, කැෆේ, තානායම් ආදිය සක්‍රීය වෙලා. ග්‍රාමීය ආර්ථිකයට පොඩිපහේ ගැම්මක් ඇවිල්ලා.

ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ඇති ස්ථානවල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කළ යුතුයි. එය ප්‍රාදේශීය සභාව හෝ වෙනත් රාජ්‍ය ආයතනවල ප්‍රමුඛ කාර්යභාරයක් විය යුතුයි. රාවණා ඇල්ල, දෙමෝදර දුම්රිය ස්ථානය, කුඩා ශ්‍රීපාදය, ආරුක්කු නවය පාලම, කඳවුරු බිම් හා කුඩා මාර්ගවල පහසුකම් දියුණු කළ යුතුයි. අන්තර්ජාල පහසුකම් ඒ අතර වඩා වැදගත්ම සාධකයයි. ඇල්ල දුම්රිය ස්ථානයේ දියුණුව ප්‍රශංසාකටයුතුය. සනීපාරක්ෂක කටයුතු ඉතා ඉහළ මට්ටමක පවතී. දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට හදපිරි ස්තුතිය පිරිනමමු. දේශීය විදේශීය සංචාරකයන් ඊට නොමඳව ප්‍රශංසා කරයි.

දෙමෝදර දුම්රිය ස්ථානයද එම තත්ත්වයට ගෙන ආ යුතුය. ආරුක්කු නවය පාලම ආශ්‍රිත ප්‍රදේශයද තව තවත් වැඩිදියුණු කළ යුතුය. මන්ද, එම ස්ථාන දෙකම විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ඇති ප්‍රමුඛ ස්ථාන වන නිසාය. අපේ රටේ ආගන්තුක සත්කාරය ගැන විදේශීය සංචාරකයෝ මහ ඉහළින් අගය කරති. අවන්හල් හා කැෆේවල තත්ත්වයද උසස් මට්ටමක පවතී. ත්‍රිරෝද රථ සේවාව තවත් විධිමත් හා ප්‍රමිතිගත කළ යුතුය.

මන්ද ඉන් අනිසි ආදායම් මාර්ග ලබාගැනීම සංචාරක ව්‍යාපාරයේ හොඳ නමට කැලළක් විය හැකි නිසාය. එය ඇල්ල සංචාරක කලාපයේ දියුණුවට පිටිවහලක් වනු ඇත. රාත්‍රියට ඇල්ල සුරපුරයක සිරි ගනී. දෙස් විදෙස් සංචාරකයන් කා බී විනෝද වෙමින් ප්‍රීති ඝෝෂා නගමින් සංගීතය සපයමින් ඔවුන්ගේ සංචාරක තෘප්තිමත්භාවය උපරිමයෙන්ම ඇල්ලේදී විඳගනිමින් සිටින අයුරු මේ ලියුම්කරු සියැසින් දැක ඇත. ඔවුන්ගේ ආරක්ෂාව පොලිසිය විසින් තවදුරටත් තහවුරු කළ යුතුය.

ව්‍යාපාරික ප්‍රජාවගේ ආරක්ෂාවද තහවුරු කළ යුතුය. රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන එන දෙස් විදෙස් සංචාරකයන්ට උපරිම සේවාව ලබාදීමට කටයුතු කිරීම සැමගේ වගකීම හා කාලීන අවශ්‍යතාව බව මෙම ලියුම්කරුගේ පෞද්ගලික අදහසයි. ඇල්ල ආශ්‍රිත අනෙකුත් ප්‍රදේශද තව තවත් දියුණු කිරීම හා පහසුකම් සැපයීම මගින් අප රටට තව තවත් විදේශ සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන්ද ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි අප හුදෙක්ම විශ්වාස කරමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

පිළිකා රෝගීන් වාර්තා වීම ඉහළට! ප්‍රතිකාර කරන්න මහජන සහාය අවශ්‍යයි! Sri Lanka Latest News

Next Post

ඊයෙ ඉඳන් මත්තෙගොඩ ෂෙඩ් එකක තෙල් රුපියල් 3ක් අඩුවට දෙන්න පටන් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.