එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෙ ෆ්‍රැන්ච් මහතා (Mr. Marc-André Franche) සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. Sri Lanka Latest News
ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෙ ෆ්‍රැන්ච් මහතා මෙරට වැඩ බාර ගැනීමෙන් අනතුරුවය.
එහි දී මෙරට සමාජ ආර්ථික දේශපාලන කරුණ රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හා කරුණු රැසක් හුවමාරු කර ගැනීම සිදු විය.
මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙරට පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිතවරයා දැනුවත් කිරීම සිදු විය.
එසේ ම වත්මන් රජය විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය කරමින් මැතිවරණ කල් දැමීමත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමත් සම්බන්ධයෙන් වැඩිදුරටත් දැනුවත් කරන ලදී.
මේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් Mr. Azam Bakeer Makar (Development Coordination Officer), Mr. Tharaka Hettiarachchi (Peace Window Coordinator) පිරිසක් එක් විය.












