අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රබල සෙනෙට් සභිකයකු වන ක්‍රිස් වැන් හොලන් මහතා සංචාරයක් සදහා ලංකාවට පැමිණ තිබේ.Sri Lanka Latest News
හොලන් මහතා මෙසේ පැමිණ ඇත්තේ මාලදිවයින සහ නේපාලය යන රටවල්වල සංචාරය කරන අතරවාරයේදීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමේ ප්‍රයත්නයන් සඳහා එක්සත් ජනපදයට තවදුරටත් සහාය විය හැකි ආකාරය පිළිබඳව සහ මානව හිමිකම් සහ සංහිඳියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව දැනගන්නට ඇත.
ක්‍රිස් වැන් හොලන් මහතාගේ පියා වන සර් ක්‍රිස්ටෝපර් වැන් හොලන් මහතාද කීර්තිමත් අමෙරිකානු රාජ්‍ය නිලධාරියකු වන අතර 1972-1976 කාලසමයේ හෙතෙම ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ලෙසද සේවය කළේය.










