• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රණතුංගලා අවුරුදු 30ක් රජකරපු මිනුවන්‌ගොඩ ‘රෙජී රණතුංග’ පාසලට සජිත් විශාල අඩුපාඩුවක්ව තිබූ බස් එකක් දෙයි! මේක විශේෂ ජයග්‍රහණයක්! දරුවන්ට-දෙමව්පියන්ට-පාසලට ලොකු ශක්තියක් -විදුහල්පතිනිය! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 29, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
රණතුංගලා අවුරුදු 30ක් රජකරපු මිනුවන්‌ගොඩ ‘රෙජී රණතුංග’ පාසලට සජිත් විශාල අඩුපාඩුවක්ව තිබූ බස් එකක් දෙයි! මේක විශේෂ ජයග්‍රහණයක්! දරුවන්ට-දෙමව්පියන්ට-පාසලට ලොකු ශක්තියක් -විදුහල්පතිනිය!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට සිටින ඇතැම් පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයේජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්‍යාපාරවල නොවන බවත් සමගි ජන බලවේගය ආයෝජනය කළේ හුස්ම, සක්වල වැනි වැඩසටහන් හරහා අපේ රටේ දරු පරපුර වෙනුවෙන් හා හොඳ සෞඛ්‍ය පද්ධතියක් ලබා දීම වෙනුවෙන් බවත් මෙම හුස්ම සක්වල වැඩසටහන් දියත් කරන්නේ ආණ්ඩුවට සහාය වීමට නොව රටේ දරු පරපුර සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරමින් ජනතාවට සහාය වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම විපක්ෂයක් ලෙස මේ සියලු කටයුතු සිදු කරන්නේ තනතුර තාන්න මාන්න අපේක්ෂාවෙන් නොවන බවත් ආණ්ඩුව හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය හරහා සමගි ජන බලවේගය ආණ්ඩුවට එක්වන බවට වන ව්‍යාජ ප්‍රවෘත්ති මැවුවත් ජනතාවට දේ‍රා්හී වී බලය ලබා ගැනීමට කිසි දින සුදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (29) සක්වල වැඩසටහන් යටතේ මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙිමිනි. මේ බස් රථයත් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බස් රථ 76ක් බෙදා දී තිබේ.

එසේ ම අද දවසේ ප්‍රකාශයට පත් වූ පුවත්පත්වල සිරස්තලයක් දැකීමෙන් තමා සතුටට පත්වූ බවත් එහි සඳහන්ව ඇත්තේ සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසා රටේ මුදල් නාස්ති කරන බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බවත් එය දැකීමෙන් තමා සතුටට පත් වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තමා පාර්ලිමේන්තුවේ දී කතා කරන්නේ පිපාසයෙන් පෙළෙන, බඩගින්නෙන් පෙළෙන, වගාවට ජලය නොමැති ජනතාව ගැන, පාසල් සිසුන් ගැන, මත්ද්‍රව්‍ය ප්‍රශ්න ගැන බවත් මේවා ගැන කතා කරන විට බොහෝ අයට රිදෙන බවත් මේ ප්‍රශ්න කතා කරන්නේ රජයේ අවධානය යොමු කර විසදුම් ලබා ගැනීමට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. මේවා පෙන්වා දීම පාර්ලිමේන්තුවේ කාලය කා දැමීමක් නොවන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය කාලයේ සිටි විපක්ෂ මෙන් ආණ්ඩුවෙන් කොමිස් කුට්ටියක් අරගෙන ආණ්ඩුවට පහර නොගා ඩීල් දේශපාලනයේ නියැලුනේ නැති නිසා මෙවැනි චෝදනා එල්ල කරන බවත් ය.

තවද පසුගිය කාලයේ සිදුවූ පානීය ජල ගැටලුවේදී ජාති ආගම් භේදයකින් තොරව විපතට පත් ජනතාවට සහන සලසන්න ලෙසත් ඒ සදහා ආණ්ඩුවට හැකි පමණ සහයෝගය ලබා දෙන බවට පැවසූ විට සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති මවමින් සජිත් රනිල් ඩීල් එකක් බවට ව්‍යාජ ප්‍රවෘත්ති මැවූ බවත් තමාට රනිල් සමඟ ඩීල් ගහනවා වෙනුවට පසුගිය කාලයේ ගෝඨාභය සහ රාජපක්ෂ පවුල හා එක්ව ඩීල් එකක් ගසා කෙලින්ම ජනාධිපති විමට හැකියාව තිබූ නමුත් එවැනි ජනවරමක් නොමැති තනතුරක් බාර නොගත් බවත් යම් දිනක එවැනි තනතුරක් ලබා ගන්නේ ජනතා ආශිර්වාදයෙන් ජනතා විශ්වාසයෙන් හා ජන වරමකින් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ රට දැය වෙනුවෙන් සේවයක් කරන්නේ තනතුරු අපේක්ෂාවෙන් නොවන බවත් මේ තනතුරු සූදුවෙන් අප රට මිදිය යුතු බවත් ජනාධිපති හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු මාලිගා ඇතුළේ සිදු කරන ඩීල් දේශපාලන සංස්කෘතිය අතුගා දැමිය යුතු බවත් පැවසීය.

එසේම සමගි ජන බලවේගය මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් රජයට උදව්වක් සිදු කරන්නේ තනතුරු තාන්න මාන්න අපේක්ෂාවෙන් නොවන බවත් විපක්ෂයේ සිට ජනතාවට සේවය කිරීම අරමුණු කර ගෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම රටේ විවිධ පක්ෂවලට හිතැති අයිති මාධ්‍ය හරහා 2019 මෙන් රටේ ජනතාව අන්දවන වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් සත්‍ය ජනතාවට දැන ගැනීමට සිදු නොකරන බවත් ඔවුන් පැවසීය. මේ වන විට රටේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා 136ක් සිටිය යුතු රටේ සිටින්නේ 76 දෙනකු බවත් තව 15ක් සේවය අතහැර යාමට සූදානම් බවට වාර්තා වන බවත් එසේ වුවහොත් බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පවා වසා දැමීමට සිදු වන බවත් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විසදුමක් ලබා ගැනීම මුදල් නාස්තියක් නොවන බවත් මේ සෑම දෙයක්ම සිදු කරන්නේ සත්භාවයෙන් බවත් තමා ඇතුළු පිරිස 75 වසරක දේශපාලන සංස්කෘතිය වෙනස් කළ බවත් පැවසීය.

සක්වල හා හුස්ම වැඩසටහන් ගැන ආණ්ඩුව බුද්ධිමත්ව සිතුවහොත් රජයට ඉන් සහන ලැබෙන බවත් එය රජයට වාසිදායක බවත් රජයට ඇති ප්‍රශ්න අඩු වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා මේ වැඩසටහන් දියත් කරන්නේ රජයට පහසු වීම අරමුණු කර ගෙන නොව පාසල්වල හා රෝහල්වල දියුණුව අරමුණ කර ගෙන බවත් පැවසීය.

එමෙන් ම මූල්‍ය බංකකොලොත්භාවයට අමතරව අද වන විට අප රට ලෝකයේ බලවතුන්ගේ කොටස් කඩා ගැනීමේ රාජ්‍යයක් බවට පත් වී ඇති බවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් අප රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අවසාන වශයෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේ වර්තමාන දේශපාලනයේ සම්ප්‍රදානුකූල සංස්කෘතිය අනුව තහනම් වචනය ප්‍රසන්න රණතුංග වුවත් විපක්ෂ නායකවරයා ලෙස තමා යල්පැනගිය පරණ රාමුවකට සීමාවූ මජර දේශපාලන සංස්කෘතිය අනුගමනය පුද්ගලයක් නොවන බැවින් තමා හා කෙතෙක් තර්ක විතර්ක සිදු කලත් රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලය ගොඩ නැගීමට එවක මහඇමතිවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ ඒ කාර්ය ඇගයීමකට ලක් කරන බවත් පැවසීය.

මේ වන විට හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56කට රුපියල් 171,966,900.00 මුදලක සෞඛ්‍ය උපකරණ ද සක්වල බස්රථ වැඩසටහන යටතේ පාසල් 76කට රුපියල් ලක්ෂ 50 බැගින් බස් රථ ලබා දීමට රුපියල් 369,200,000.00 මුදලක් සහ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 33කට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම රුපියල් 29,033,650.00 මුදලක් වැය කරන ලදී.

SendShareShare
Previous Post

ටිරාන් කිව්වෙ ඇත්ත! මමයි පුබුදුයි ටිරාන්ගේ ඔෆීස් එකේ නිශ්චිත වැඩ කොටසක් කළා! හැබැයි එතනදි එක නමක් කියවුණේ නෑ! ඒ තමයි අනුර කුමාර දිසානායක! ඇයි ඒ නම කිව්වේ නැත්තේ? එතනින් එහාට අපි කිසිම ගනුදෙනුවක හිටියෙ නෑ! හොයාගන්න නෑ කියපු දුමින්ද නාගමුව අද ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකට එයි! මෝල්ටා ගනුදෙනු ගැනත් යළි කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

HIV ආසාදිත සංඛ්‍යාව ඉහළට! බාල වයස්කරුවන් රැසකුත් ආසාදිතයන් වෙලා! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.