• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊශ්වර විංසතියේ පාලකයින්ටත් වස් I Sri Lanka Latest News

August 28, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ණයක් (දෙන්නං කාසියට බඩු ගත් පාරිභෝගිකයෝද ඇතුළුව) ආපසු නොදෙන්නෝ පොලුකාරයෝය. දැන් අපේ රටේ පොලුකාරයෝ වැහිවැහැලාය. මොනවා කීවත් මොනවා වුවත් වර්තමාන රටේ තත්ත්වය අනුව දැන් වැඩි කොටස හොඳ මිනිසුන්ද? හොරුන්ද?යන්න කිව නොහැකිය.(Sri Lanka Latest News)

ඒ නිසා රට හොරුන්ගේ රටක් වී ඇතැයි කියන මතය බැහැර කිරීමටද නොහැකිය.

රජය පවා වෙනත් රටවලට පොලු තියා ඇත්තේය. රජය එහෙම නං මිනිසුන් එහෙම කළාට මොකද? ගුරා හිටගෙන තේ බොනකොට ගෝලයන් දුව දුවා තේ බීවාට මක්වේද?

මේ රටේ වැඩි කොටසක් හොරුන් වී ඇත්තේ මේ ජනගහනය හොරකුගෙන් බෝවීම නිසාය. ඉතිහාසඥයන් පවා පිළිගන්නේ මේ රටේ සිටින දෙකෝටි පනස් ලක්‍ෂයෙන් අඩු තරමින් දෙකෝටියක් හෝ ඉන්දියාවෙන් ආ විජය කියන ඒ හොරාගෙන් ආරම්භ වූ බවය. (අනේ අපි නං ඒ හොරාගෙන් පැවැතෙන්නෝ නොවෙමු. අපේ පරම්පරාව වනාහි මහබලි, රාවණාලාගේ බව අභිමානයෙන් කියමු.)

ඒකා වනාහි තමන්ගේ ලෙයින් උපන් දරුවන් දෙදෙනකුත් සමග තමන්ගේ ගෑනි ගහලා පන්නා වෙනත් එකියක් අඹුකමට ගත් කඩප්පුලියෙකි.

ඒකා සිංහ පරම්පරාවෙන් පැවැතෙන බව කීවත් කළේ නින්දිත දහපදුරා බලු වැඩකි. ඒ ලංකාවේ පළමුවෙන්ම අසන්නට ලැබුණු පළමුම නින්දිත අපරාධයයි. අපරාධවලට අත්පොත් තැබීමයි. පූර්වාදර්ශයයි. මේ රටේ උරුමක්කාරයන් වන සිංහලයෝ (සිව්හෙළ -යක්‍ෂ, රාක්‍ෂ, නාග,දේව) ඒ පාහර වැඩ නොඉවසන යුක්තිගරුකයෝම වූහ. ඒ පෙළපතින් බිහිවූ අප වගේ නාහෙට නාහන උං එදත් සිටියෝය. තමන්ගේ රැහේ එකියක් අනාථ කරනු ලැබ දරුවන් සමග එළවා දැමීමෙන් උන්ගේ ඇඟේ මාළු නටන්න විය. අරූ සහ උගේ හත්සියයක් තරමේ ගැන්සියත් එක්ක තිබුණේ නයි පොළොං වෛරයකි.

අල්ලපු අත්තත්, පය ගැහූ අත්තත් දෙකම නැති (මිනිහාත් තම වරිගයත්) අසරණ වූ නියාව දුටු ඇය (කුවේණි) දරුවන්ද තුරුලු කරගෙන ළතෝනි දීම (තෝනිගල මුදුණේ) මොනවා වුවත් හිතක් පපුවක් ඇති එකකුට කිසිසේත්ම ඉවසිය නොහැක්කකි. එහෙත් අපේ උන්ට ෆේස් ටු ෆේස් ගේම දෙන්නත් අමාරුය. රාජ්‍ය බලය සේම අවි බලයද උන්ට තිබූ හෙයිනි. උන්ගේ පරම්පරාව සිංහ යැයි කී හෙයින් උන් මග තොටේ ආවෙ ගියේද සිංහ සෙයියාවෙනි. මේක අපේ උන්ට ඇල්ලුවේ නැත. තොපට දෙන්නං සබ්බුව යන අධිෂ්ඨානයේ සිටි අපේ එවුන් සැඟවී සිට අරුං එකා දෙන්නා තනිපංගලමේ එහෙ මෙහෙ යන එන විට අල්ලා මරා සතුන්ට කෑමට කැලෑවට ඇදදමනු ලැබුවේය.

ඔය ලෝක ආරක්‍ෂක අංශවලට පළමුවෙන්ම “ඈම්බුෂ්” ලෙසන් එක ප්‍රැක්ටිකලි කියාදුන් අන්දමයි.

හොරාගේ සිංහ පරම්පරාවේ සිංහයන්ට මේ රටේ උරුමක්කාර යක්‍ෂ පරම්පරාවේ උන් මාරයන් වීමෙන් යක්කුන්ට මාරසිංහ නම පටබැඳුණේද ඔන්න ඔය අන්දමටය.

කුවේණිය තමාටත් තම දරුවන්ටත් මේ අපරාධය කළ උන්ට තෝනිගල මුදුනට වී උදේ හවා සාප කළාය. යැද්දාය. හැව්වාය. (හැවීම, හවනවා)

ගුප්ත විද්‍යා සිද්ධාන්තය අනුව මන්ත්‍ර යනු ජප කිරීමයි. ජපය යනු නිරන්තරයෙන් කීමයි (බහුකතෝ බහුලීකතෝ). උදේ හවස හත්වර, එකසිය අටවර, ලක්‍ෂවාරය මතුරන්නේ එහෙයිනි. එමගින් ධ්වනිත වන තරංග නිසා මහා බලයක් උපදින බවට සිද්ධීන් ඉතිහාසය පුරා දැක්වේ. (දෙවැනි ලෝක යුද සමයේ හමුදාව ගමන් ගත් මහා පාලමක් කඩාවැටීම උදාහරණයකි)

මේ බලයේ, ශක්තියේ ජනිතය හෙවත් පහළ වීම යුක්තිය සත්‍යය ආරක්‍ෂා කිරීමේ ලෝක පාලන බලයයි. ලෝකයේ පැවැත්ම පවත්නේ ඇත්ත (සත්‍ය) යුක්තිය, සාධාරණත්වය, මතය. ඒ ත්‍රිත්වය බිඳවැටීම විනාශයේ ආරම්භයයි. ලෝකය ආරක්‍ෂා කිරීමද ලෝක ධර්මතාවකි.

හවන්නේ සාප කරන්නේ යදින්නේ වින්දිතයාය. ඒ යුක්තිය සාධාරණත්වය පතාය. ලෝක ධර්මතාව මතුවන්නේ ඒ අවස්ථාවේදීය.

‘සත්‍යමේව ජයතේ’ යැයි බුදුදහම කියයි. අධර්මයෙන් (පාලකයන්ගෙන්) වැනසෙන ලෝකය මුදාගනීම සඳහා විෂ්ණු අවස්ථා දහයකදී ගැලවුම්කාරයකු වශයෙන් පහළවෙන බවත්, මේ වන විට නවවරක් පහළවූ බව වේදයේ ඉගැන්වෙන්නේ එබැවිනි. බයිබලයේ සඳහන් මෝසෙස් ගැළවුම්කරුවානෝය.

අසරණ මිනිසුන්ගේ දුක්දෝමනස්සය මුරදීම, මුරගෑම, මොරගෑම යනු ශාපයයි, පෙරදිගියන් වස් යනුවෙන් හඳුන්වන්නේ ගුප්ත විද්‍යාවේ ඉගැන්වෙන ඒ මහා බලයයි. නැති බැරි මිනිහාට අසරණයාට දුක්ඛිතයාට පිළිසරණට එන ගුප්ත ශක්තියයි. ලෝක පාලක බලවේගයයි. ඇතැම්හු ඊට දෙවියන් යැයිද කියති. සොබාදහමින් (ලෝක පාලක බලවේගයෙන්) යුක්තිය සාධාරණත්වය ඉටුකිරීම දේව ශාපයක් යැයි කියන්නේ එහෙයිනි. මේ හා සම්බන්ධ ඈඳුණු කතන්දර සිද්ධීන් ලොව පුරා ඕනෑ පදම් තිබේ. අපේ රටේ ඒ පිළිබඳ ආරම්භක පුරාවෘත්තය කුවේණියගේ ශාපයයි. ඒ බව ‘කුවේණි අස්න’ නමැති කෘතියේ විස්තෘතය.

ඕ විජය අරමුණු කර උගේ පරම්පරාවටම ශාප කළාය. ඊට ලෝක ධර්මය කන් දුන්නේය. ඔහුට නිදාගැනීමට නොහැකි විය. නිදිවර්ජිතව වෙසෙන්නට සිදුවිය. විජය දිවි දෝෂයකින් මැරුණේ එහෙයිනි. නිදා ගත්විට හීනෙන්) දිවිදෙනකු පැමිණ ඔහුගේ ඇඟට පැන්නාය.

ඔහුගෙන් පසුව රජ පැමිණියේ පාණ්ඩුවාසදේවය. ඔහුටද දිවිදෝෂය තදින්ම බලපෑවේය. හෙතෙම තමා ගලවා ගන්නා ලෙස අයැද මලයාට (මලය දේශයේ රජු) පණිවුඩ යැව්වේය. (අපෙත් මලයෙක් සිටියි. අපේ මලයා නා මලයාය. පාණ්ඩුවාස පණිවුඩ යැව්වේ මලය දේශයේ මලයාටය. ඒ මලයා අපේ මලයා සම්බන්ධද යන්න නම් කිව නොහැකිය. නැති වෙන්ඩනං බැරිය.

ඒ කෙසේ වෙතත් මලයේ මලයා සමග නෛමිත්තකයෝ (නක්‍ෂත්‍රකරුවන්) ආවෝය. සිද්ධිය පරීක්‍ෂා කර බැලූ කල්හි ඔවුන් අවබෝධ කරගත්තේ මේ කුවේණියගේ ශාපය නිසා ඇතිවන්නක් බවය. මේ සඳහා ශාන්තිකර්මයක් කළ යුතු බවය. “කොහොඹා කංකාරිය” මෙරට පැළපදියම් වූයේ ඒ අනුවය. එම ශාන්තිකර්මයෙන් කෙරෙන්නේ වස් දුරුකිරීම වේ. වස් යනු වරදට හිමි ලෝකපාලක දණ්ඩනයයි.

අපේ රටේ ලෝකය වෙව්ලවන යන්ත්‍ර, මන්ත්‍ර, තන්න්‍ර වේදය (විද්‍යාව) තිබුණේය. ඒ පිළිබඳ සිද්ධාන්ත ග්‍රන්ත බොහොමයක් ගැන විස්තර තිබේ. සාම සැර යනු වචනයක් අප අතරේ ඇත. සැරය යනු ඊතලයයි. රාම රාවණා යුද්ධයේදී රාමා විසින් එවනු ලැබූ ඊපහරවල් ඒ නමින් හැඳින්වේ. මේවා පිල්ලි ලෙසද විස්තරවේ. වාල්මිකී විසින් ලියන ලද රාමායණයේ මේ පිළිබඳ විස්තර ඇත.

විජය ඒමට පෙර මෙරට ස්වදේශිකයන්ගේ අප්‍රමාණ ශාන්ති කර්ම තිබූ බව කියතත් ඒවා යටපත් කිරීමට වළ දැමීමට අපේ උගතුන්ටම අවශ්‍ය විය. ඒ වර්තමානයේ රට දේ වැලඳගන්නා සේය. බලි අපටම ආවේණික දේශීය ශාන්ති කර්මයයි. මළ යකුන් පිදීම, මළ යකුන් ගෙන්වීම, යකුන් බැඳ වැඩගැනීම අපේ ශාන්තිකර්මවල කොටසකි. ජ්‍යොතිර්විද්‍යාවේ ඉගැන්වෙන අෂ්ට කර්මයෙන් ද එකකි. ඒ ශාන්තිකර්මවල අරමුණ දොස් දුරුකිරීමය. වස් දුරුකිරීමය. “වස් ඇත්තං පලයං මහ මුහුදට” යැයි බලි කවිවල නිතර ගැයෙන්නකි.

පතිනිය යනු ස්වාමියා වෙනුවෙන්ම කැපවුණු කාන්තාවයි. පත්තිනි අම්මා එවන් චරිතයකි. ඇයගේ පුරාවෘත්තය සත්‍ය මත පදනම් කරගත් සත්‍යග්‍රහයකි. වීරසෝලියම් නමැති කෘතිය ඈ පිළිබඳ ලියැවුණු ප්‍රථම ග්‍රන්ථයයි.

ඇගේ සැමියා පාළඟ ඉතා ධනවතකු වුවත් ස්ත්‍රී සහ සුරා දූර්තයකු වීම නිසා මහ මගට වැටුණේය. දෙදෙනා රට හැර ගියෝය. ඒ පඬිරටටය. ඇය සඟවාගෙන ආරක්‍ෂා කරගනු ලැබ සිටි ඇගේ නූපුර (පාසලඹ) විකුණාගෙන මුදලක් ගෙන ඒමට දුන්නත් එය රජ මාලිගයෙන් සොරාගත් එකක් බවට සැකකොට රජ නියමය අනුව ඇගේ සැමියා හිස ගසා මරා දමනු ලැබුවේය.ඒ පුවත දැනගත් පත්තිනිය රජ මාලිගයට අවුත් තම පති භක්තිය මෙනෙහි කර පඬියාට (රජුට) ශාප කර වම් පයෝදරය කඩා ගැසුවාය. එමගින් සමස්ත පඬි රටම දා අළුවී ගියේය.

“අඹ විදමන, අංකෙළිය, ගම්මඩු” ආදී ශාන්තිකර්ම වස් දුරුකිරීමටය.

“විද්දසැරේ අඹ ගෙඩියේ නැට්ට කැපීලා වැටෙන්ඩ

තෙයිතකතෙයි තෙයිතකතෙයි වඳුරුකාලි අම්මා” යනුවෙන් ඔය ශාන්තිකර්මවලදී ගායනා කෙරෙන කෝල්මුර (ස්තෝත්‍ර)වලින් පැවැසෙන්නේ පත්තිනි මෑණියන්ගේ ශාපය (වස්) වඳුරු වෙසින් පැමිණෙන බවය.

කම්මුල්ගාය, පැපොල, සරම්ප, වසූරිය, ඇස් අමාරුව ඇයගේ වස්දොස් නිසා වැලඳෙන බවය. ඒ දෙයියන්ගෙ ලෙඩ වශයෙන්ද හැඳින්වේ. ඒ වසංගතය පැතිරුණු නිවෙස් ආසන්නයේ වඳුරු වෙස්ගත් භූතයකු හොල්මං කරන බවද පැවැසේ. පත්තිනි අම්මා වෙනුවෙන් “කරකප්පටයක්” (පඬුරක්) ගැටගැසීමෙන් ඔය කියන වසංගත හොල්මං දුරින්ම දුරීභූත කරගත හැකි බව ශාන්තිකර්මවල ඉගැන්වේ. සිංහල භාෂාවේ “ස” කාරය සහ “හ” කාරය බොහෝ දුරට එකට යන්නකි. (සතුරා හතුරා, සම හම, සඳ හඳ ඈතැන් විමසත්වා).

“වස්” යනු විශේෂණ පදයයි. “වස” නාමපදයයි. වස යන නාම පදයට “වහ” යන පදය පරියාය(සමාන) වුවත් විශේෂණ “හ” වෙනුවට “ස” කාරයම ගනී. වහ යන්න වස් වන්නේ එහෙයිනි.

වස් යනු එසේ මෙසේ සෙල්ලමක් නොවේ. අපේ හිටපු අගමැතිවරයකු වූ ඩඩලි සේනානායක මහතාට කිසියම් විහාරස්ථානයක (වේයන්ගොඩ ආසන්නයේ) පිළිමයක් නිරාවරණය කිරීමෙන් වස් වැදුණු කතාවක් ඒ දිනවල මාධ්‍යවල තිබිණි.එතුමා ප්‍රසිද්ධ චෛත්‍යයක කොත්වහන්සේ නිරාවරණය කිරීමෙන් වස් වැද හදිසියේ අභාවප්‍රාප්ත වූ බවට ජ්‍යොතිෂඥයෝ මාස ගණනාවක් තිස්සේ මාධ්‍යවලින් හඬ නැගූහ.

බලකාමය උස්මුරුත්තාවට ගිය අපේ උන්නැහේලා අටමස්ථානය වෙනුවට “නවමස්ථානයක් ඉදිකිරීමට ගොස් පස්ස ඇන ගත්තේ හත්මුතු පරම්පරාවටවත් අම්මේ මුත්තේ කීවත් නැවත ඔළුව උස්සන්න බැරි තරමටය.

කෙටියෙන් කියතොත් ගම්මුන් කියන උන්දැලාට පැදුරටත් නොකියා පලායන්නට සිද්ධ වූයේ එහෙයිනි. වැඩිය කතාකරන්න ගියහොත් මාරසිංහට නරක නාමය එන නිසා කතා නොකර සිටීම වටී.

ඒත් මිහින්තලේ ලයිට් කැපිල්ල නං ඒ තරං සුබ වැඩක් නොවන බව කට කෑවත් කිව යුතුමය. මන්ද යත් මේ ගතවී යන්නේ ඉතාම බිහිසුණු යුගය වන “ඊශ්වර විංසතිය” බැවිනි.

ත්‍රිත්වය ලොව පාලය කෙරෙන බලවේගයකි. Light,Speed and Velocity බ්‍රහ්ම,විෂ්ණු සහ ඊශ්වර ඒ ත්‍රිමුර්තියයි. මැවීම, රෑකීම සහ විනාශයයි. මැවීම බ්‍රහ්මය. රැකීම විෂ්ණුය. විනාශය ඊශ්වරය. මේ ඊශ්වර විංසතියයි.

සෙල්ලම් කළොත් ලෙල්ලම් වෙයි. දැනගල්ලා මේවා හබරල කා කට කහනවාට කී දේ නොවේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

manthri.lk අවුරුදු 10 පන්නයි! I Sri Lanka Latest News

Next Post

ඉන්දියාව ලෝකයට අරන් යන ඉන්ඩිගෝ!

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.