සිංහල සිනමාවේ සිහින කුමාරයා ලෙස සැලකෙන විජය කුමාරතුංගයන්ගේ චරිතය පාදක කොටගෙන නවතම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Sri Lanka Latest News
එම නිර්මාණ කටයුත්ත බාර දී ඇත්තේ ජනප්‍රිය සිනමා නළුවකු මෙන්ම විජය කුමාරතුංගයන්ගේ ඥාති පුත්‍රයකුද වන රන්ජන් රාමනායක හටය.
චිත්‍රපටය ‘විජය’ යනුවෙන් නම් කොට ඇති අතර ඊට මූල්‍යමය දායකත්වය සපයනු ලබන්නේ ලයිකා මොබයිල් හිමිකරු වන අලිරාජා සුබාෂ්කරන්ය.
මේ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක පසුගිය දිනෙක විජය කුමාරතුංගයන්ගේ බිරිද වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හමුවී සාකච්ඡා කිරීමටද පියවර ගෙන තිබිණ.













