• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වතුර ඉල්ලූ ගොවි නායකයන්ට ගහලා අතපය කැඩූ මැරයන්ට එරෙහිව තාම කිසි පියවරක් අරන් නෑ! ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නිවේදනය මෙන්න! I Sri Lanka Latest News

August 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වගාවට වතුර ඉල්ලා වළවේ ගොවීන් සමනල වැවේ දොරටු ළඟට එයි! හදිසියේම පොලිසිය රැකවල් දමයි! ‘අ‌පේ වතුර අපිට දියව්! කෘෂිකර්මාන්තයට කෙළවපු එකෙකුටවත් හරියන්නේ නෑ!’ VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලන බලය සහිත නීති විරෝධී ජල කොල්ලකරුවන් විසින් ගොවි නායකයින් ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රහාර හමුවේ පොලිස මුනිවත රකින ආකාරය බරපතල ප්‍රශනයක් බවත්, නීතිය ක්‍රියාත්මක නොකර මැරයන් නිදැල්ලේ හැර දමා මේ ගොවි නායකයන්ගේ ජීවිත අනාරක්ෂිත කිරීමේ පූර්ණ වගකීම පොලිසිය විසින් භාරගත යුතු බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.Sri Lanka Latest News

2023-07-27 වැනි දින කේ.ඒ .අජිත් කුමාර ගොවි නායකයාට , මයුරපුර කොට්ඨාසයේ බෝපැළේ වැව අසලදී නාදුනන පිරිසක් විසින් අමානුෂික අයුරින් පහර දී මහ මග දමායාමත්, පසුගිය සතියේ අඟහරුවාදා (2023-08-15) ජී. කරුණාතිලක (54) ගොවි නායකයාට UD-60 හි, 29 වැව ආසන්නයේදී නාඳුනන පිරිසක් විසින් පොළු මුගුරු වලින් අමානුෂික ලෙස පහර අත් පා කඩා දැමීමේ නින්දිත අපරාධයටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර හම්බන්තොට වරාය පොලිසිය මේ නිර්මාණය කර ඇත්තේ බිහිසුණු ව්‍යසනයක් සඳහා ප්‍රවේශ මාර්ගය බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මේ සම්බන්ධව නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

වලව ගොවි කලාපයේ මයුරපුර කොට්ඨාසයේ ගොවි නායකයින් ඉලක්කකර හදුනානොගත් කණ්ඩායම් අමානුෂික ලෙස පහර දී සිදුකරන වද හිංසා වලට එරෙහිව වහා පියවර නොගැනීම සම්බන්ධවයි.
යල කන්නයේ වගාවන් සඳහා උඩවලව ජලාශයෙන් ජලය ලබාදීම කල්යාමත් සමඟ මතුවු දැඩි ජල හිඟයට සමස්ථ මයුරපුර කලාපයම මුහුණ දී සිටියි. මයුරපුර මහවැලි බල ප්‍රදේශයට අයත් ගොවි පවුල් 5300 ක් නියෝජනය කරයි. මෙම කොට්ඨාසයේ ගොවි සංවිධාන 86ක නායකත්වය දරන ගොවි නායකයින් පවතින උග්‍ර ජල හිඟය, වන අලි වගාවන්ට කරන හානිය හා ආර්ථික ගැටළු වලට අධික ලෙස මුහුණ දෙමින් කටයුතු කරන ගොවි කණ්ඩායම් වෙත අවශ්‍ය සහායන් සඳහා මැදිහත් වෙමින් සිටී.
උග්‍ර නියං තත්වයට අනුව වගාවට ජලය ඉල්ලීම් කරමින්, විවිධ අයුරින් නිදහස් කර ගන්නා ජලය පීඩාවට පත් ගොවීන්ගේ ගොවි බිම් වෙත රැගෙන ඒමට දරන්නේ අපමණ වෙහෙසකි. මහා පරිමාණයෙන් වගා බිමි සිදුකරමින් සිටින පුද්ගලයන් හා අනවසර වගා කරුවන් ඔවුන්ගේ වගාවන් හා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සදහා ජලය ලබා ගැනීමට කටයුතු කරයි. එවැනි වගා කරුවන් බොහෝ විට නීතිමය තත්ත්වයන්ට වඩා මුදල් බලය, මැර බලය හා දේශපාලන බලය යොදා ගන්නා පිරිසකි. ඒවාට විරුද්දව කටයුතු කරන ගොවි නායකයින් ජල මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයට හා පීඩනයන්ට හසුවන අය බවට පත්ව ඇත.
පසුගිය මාසක කාලයක් තුල මයුරපුර කොට්ඨාසයේ ගොවි නායකයින් දෙදෙනෙකු වෙත සිදුකරන ලද අමානුෂික ප්‍රහාරයන් මගින් එක් අයෙක් මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
පහර දීමේ සිද්ධි අංක 01.
2023-07-27 වැනි දින ප:ව: 6.00 ට කේ.ඒ .අජිත් කුමාර වන අවුරැදු 47 වු ගොවි නායක මහතාට ,මයුරපුර කොට්ඨාසයේ බෝපැළේ වැව අසලදී නාදුනන පිරිසක් විසින් අමානුෂික අයුරින් පහර දී මහ මග දමායාම.
පහර දීමේ සිද්ධි අංක 02.
2023-08-15 වැනි දින ප:ව: 7.00 ට පමණ ජී. කරුණාතිලක නම් වු අවුරැදු 54 වන ගොවි නායක මහතාට UD-60 හි, 29 වැව ආසන්නයේදී නාඳුනන පිරිසක් විසින් පොළු මුගුරු වලින් අමානුෂික ලෙස පහර දී දෑත් දෙපා කඩාහානි සිදු කර ඇත.
ඉහත සිදුවීම 2023-07-27 දිනද ,දෙවැනි සිදුවීම 2023-08-17 දිනයේදී ද වරාය පොලීසියේ පැමිණිලි කොට ඇත. එහෙත් මේ සදහා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති අතර මැර බලය භාවිතා කරන පිරිස තවමත් නිදැල්ලේ පසුවෙති.
ගොවි පවුල් විශාල පිරිසක් නියෝජනය කරන මෙම ගොවි නායකයින් මුහුණ දී ඇති තත්වය ඉතාම ඛේදනීය බවත් එවන් තත්වයකට ඔවුන් පත්වීමට කිසිදු හේතුවක් නොමැති බවත් අප මෙහිදි මතක්කර සිටිමු.
මෙම අමානුෂික ප්‍රහාරයන් සඳහා වගකිවයුතු මැර කණ්ඩායම් ඉතා ඉක්මනින් හදුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව පොලිසියට අපගේ අප්‍රසාදය පළ කරමු. ඒසේ මැදිහත් වීමක් සිදු කිරීමට පොලිසිය අපෝසත් වන්නේ කාගේ වුවමානවෙන්ද හා බලපෑම් නිසා ද යන්න ජනතාවට හෙළිදරව් කරන මෙන් ඉල්ලා සිටිමු.
දැනටමත් සමනලවැව මගින් ජලය උඩවලව ජලාශයට නිකුත් කොට දින 10 ගත වී ඇතත් ප්‍රමාණවත්ව ගොවි බිම්වෙත ජලය ලැබී නොමැති තත්ත්වයන් තුළ ගොවීන් අතර, ජලය බෙදා ගැනීමට අදාලව විවිධ ගැටුම් වර්ධනය වෙමින් පවතී. ඉතා කඩිනමින් ගොවින්, මහා පරිමාන අනවසර වගා හිමියන් අතර ඇති විය හැකි ගැටුම් වලක්වා ගැනීමට වහා පියවර ගැනීමට මහවැලිය, කෘෂිකර්ම හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුය.
මෙම අපරාධකරුවන් අත්අඩංගුවට නොගෙන නිදැල්ලෙ ඉන්නට ඉඩහැරීම ගොවි නායකයින්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව මතක්කල යුතුව ඇත. යම් හෙයකින් අවාසනාවන්ත ලෙස ගොවි නායක ජීවිතයකට හානි සිදුවුවහොත් එහි වගකීම භාරගැනීමට අපරාධකරුවන්ට නිදැල්ලෙ සීටීමට හැර මුනිවත රකින පොලීසිය බාර ගත යුතුය.

SendShareShare
Previous Post

වතුර ඉල්ලා පාරට බැස්ස වළව ගොවි නායකයන් දෙදෙනෙකුට අමානුෂික ප්‍රහාරයක්! එක ගොවියෙකුට ගහලා මහපාරේ දාලා ගිහිල්ලා! තව ගොවි නායකයකුට පොලු මුගුරුවලින් ගහලා අතපය කඩලා! Sri Lanka Latest News

Next Post

තියෙනවා තියෙනවා කියලා කිව්වත් බෙහෙත් වර්ග 230ක් තවම නෑ! I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක උරුම කමිටුවේ 48 වන සැසිවාරයේදී, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ බෞද්ධ භූමියක් වන සාරානාත්, යුනෙස්කෝ...

Read more
කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.