• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරයා කෙටි කාලයක් ඇතුළත කරපු දේවල් ගැන වජිර කතා කරයි! I Sri Lanka Latest News

August 22, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපතිවරයා කෙටි කාලයක් ඇතුළත කරපු දේවල් ගැන වජිර කතා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වර්ෂයක් වැනි කෙටි කාලයක් තුළ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට අණපනත් රැසක් ගෙනැවිත් තිබෙන බවත්, ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත එතුමා විසින් පාර්ලිමේන්තුවේ සම්මත කරමින් හා එය නීතිගත කර නිසි මගට රට යොමු කර තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකත්වයේ සුවිශේෂ ලක්ෂණය නම් ගැළපෙන නොගැළපෙන සියලු කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීමේ හැකියාව බවත්, ඔහු ලබා ඇති අත්දැකීම් සහ පළපුරුද්ද රටේ ජාතික යහපත සඳහා යොදවා ගැනීමට දැන් අවස්ථාව උදා වී ඇති බවත් සඳහන් කළ වජිර අබේවර්ධන මහතා රටට යහපත් අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණ ක්‍රම වෙනසකට ලක් විය යුතු බව ද පෙන්වා දුන්නේය.

එසේම පාර්ලිමේන්තුව තුළ පවතින දේශපාලන අසමගිය රට ගොඩනැඟීමට බාධාවක් බවත්, එම නිසා දුර්වල දේශපාලනඥයන්ගේ සෙල්ලම් නතර කොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සියලු දෙනා සහාය ලබා දිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා

නිදහස ලබා ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලාංකික සියලු දේශපාලන පක්ෂ එකමුතුව කටයුතු කළා. පසුව පැවති ඡන්දයෙන් ඩී.එස්. සේනානායක මැතිතුමා ආසන 98 න් ආසන 42 ක් ලබාගෙන පරාජයට පත් වුණත්, අරුණාචලම් පොන්නම්බලන් රාමනාදන් වැනි උතුරේ ද්‍රවිඩ නායකයන් සහ සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් සියලුදෙනාගේ එකුමුතුවීම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස ඩී.එස්. සේනානායක මැතිතුමා පත්වුණා.
එසේ එකමුතුකම තිබුණු නිසා ජාතියට, නිදහස ලබා ගැනීමට හැකි වුණා. නිදහස ලබා ගැනීමෙන් පසුව උදාහරණයක් ලෙස 1952 දී බණ්ඩාරනායක මැතිතුමන්ගේ වෙන්වීමත්, විවිධ අවස්ථාවල දේශපාලන පක්ෂවලින් කණ්ඩායම් ඉවත්ව වෙනත් දේශපලාන පක්ෂ ගොඩනඟා ගැනීමත් නිසා ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂ 75 ක් පමණ බිහි වුණා. එයත් මේ රට විනාශ මුඛයට ගෙන යාමට හේතු වූ බව සිහිපත් කළ යුතුයි.

එම දේශපාලන පක්ෂ තරගයට ලබා දුන් පොරොන්දුවල ප්‍රතිඵලයක් ලෙස අවසානයේ අපේ රට බංකොලොත් තත්ත්වයට පත් වුණා. මෙහි අවසානය වූයේ පාර්ලමේන්තුවේ 225 ම රටේ මහජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමයි.
එවන් අවස්ථාවක පසුගිය වසරේ මැයි 12 වන දින අග්‍රාමාත්‍ය ධූරයත්, පසුගිය වසරේ ජූලි 20 වෙනි දින විධායක ජනාධිපති ධූරයත්, බාරගත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික නායකයෙකු ලෙස අද රටත් ජාතියත් ආරක්ෂා කරමින් රට ඉදිරියට ගමන් කරවමින් සිටිනවා.
එතුමාගේ දේශපාලන අත්දැකීම් දෙස බලන විට එතුමා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමග, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සමග, ඉන් අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමග, විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙසත්, එතුමා අගමැති ලෙසත්, දැන් අවසානයේ පොදු ජන පෙරමුණ සමඟ ද කටයුතු කරමින් සිටිනවා.
එසේ නම් රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකත්වයේ සුවිශේෂ ලක්ෂණය නම් ගැළපෙන නොගැළපෙන සියලු කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීමයි. එසේම ඔහු ලබා ඇති අත්දැකීම් සහ පළපුරුද්ද රටේ ජාතික යහපත සඳහා යොදවා ගැනීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් විසින් මහජනතාවගේ ආරක්ෂාව සඳහා වර්ෂයක් වැනි කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තුවට විශාල අණපනත් රාශියක් ගෙනැවිත් තිබෙනවා.
දූෂණ විරෝධී පනත සම්මත කළේ දේශපාලන වේදිකාවේ බලය ලබා ගැනීම සඳහා අරයට හොරා මෙයාට හොරා කියන දේශපාලන සංකල්පය මින් ඉදිරියට නැවැත්වීමටයි. මේ ආකාරයට ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත එතුමා විසින් පාර්ලිමේන්තුව තුළ සම්මත කරමින්, නීතිගත කරමින්, නිසි මාර්ගයට රට යොමු කරමින් සිටිනවා.
එසේම මේ රට බංකොලොත් තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු ප්‍රධාන ආයතන දෙක වන මුදල් අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා මහ බැංකුවත් යන මේ ප්‍රධාන ආයතන දෙකම නැවත ප්‍රතිව්‍යුහගත කිරීම සිදු විය යුතුව තිබෙනවා. දේශපාලන යාන්ත්‍රණය තුළ සම්පූර්ණයෙන්ම System Change එකක් සිදුවිය යුතුයි. ඒ වගේම රටට අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍ය යාන්ත්‍රණයත් සම්පූර්ණ System Change එකකට ගෙන යා යුතුයි. තරුණ පරම්පරාව බලාපොරොත්තු වූ System Change එක අප ඇති කළයුතුයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්, හය වෙනි පරිච්ඡදෙයේ 27 (1), 28 සහ 29 යන පරිච්ඡේදවල සඳහන් වී ඇත්තේ ශ්‍රී ලාංකික මහ ජනතාවගේ මූලික අයිතිවාසිකම්, නිවාස, භාෂාව පිළිබඳ ප්‍රශ්න ඒවා ක්‍රියාත්මක කරවීම සඳහායි. උදාහරණයක් ලෙස 27 වන පරිච්ඡේදයේ (ඇ) යන්නේ සඳහන් වන්නේ “ප්‍රමාණවත් ආහාර, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුවද, ජීවන තත්ත්වය නිරන්තර වර්ධනයද, විවේකය සහ සමාජයීය, සංස්කෘතික ඉඩ ප්‍රස්ථා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන් සහ පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම සියලු දේශපාලඥයන්ගේ වගකිමක් බවයි.
එමෙන්ම 28 වගන්තියේ මූලික යුතුකම් පිළිබඳ කරුණු සඳහන් වුවද 29 වන පරිච්ඡේදයේ සඳහන්වන පරිදි, “මේ පරිච්ඡේදයේ විධි විධාන හේතුකොට ගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන්නේය. නීතියෙන් කිසිම අධිකරණයක හෝ විනිශ්චයාධිකරණයක් මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැක්කේය. එම විධි විධානවලට අනුකූල වීම පිළිබඳව කිසිදු ප්‍රශ්ණයක් කවර හෝ අධිකරණයක හෝ විනිශ්චයාධිකරණයක ඉදිරිපත් කළ නොහැක්කේය.“
එසේ සඳහන් වීම තුළ සියලු දේශපාලන පක්ෂවලට තමාට රිසි පරිදි වේදිකාවේ බොරු කීමට ඇති අයිතිය තහවුරු කර තිබේ. එය පාලනය කිරීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් ද පිහිටුවා තිබෙනවා. එසේ පිහිටුවීම තුළ එම පනත මගින් ආරක්ෂා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28, 29 වෙනි වගන්තීන්ය. ඒ ඒ දේශපාලන පක්ෂවලට රිසි සේ බොරු කියන ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා එම පනත ඉදිරිපත්කර තිබේ.

එම පනතේ විශේෂයෙන් සඳහන් කර ඇති ප්‍රධාන කාරණයක් නම් 20 වෙනි ඡේදයේ 3 වෙනි වගන්තිය “පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ස්වාධීන ආයතනයක් විය යුතු අතර, පාර්ලිමේන්තුව වෙත වගකිව යුතුය.” යන්නයි. එම පනතේ අවස්ථාව සළසා ඇත්තේ පාලනය කළත්, පාලනය නොකළත්, දේශපාන පක්ෂයක් නම්, ස්වාධීන කණ්ඩායමක් නම්, ඒ අයට පහත සඳහන් පරිදි ක්‍රියාකිරීමට සිදුවේ.
එහි 33 (1) සඳහන් වන්නේ යම් කාරක සභාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් 29 වගන්තියේ නිශ්චිතව දක්වා ඇති විශ්ලේෂණය පිළියෙල කරන ලෙස පාර්ලිමේන්තු අයවැය කාර්යාලයෙන් ඉල්ලීමක් කරනු ලැබිය හැකිය. එහි 25 (3) සඳහන් වන්නේ, පාර්ලිමේන්තු අයවැය කාර්යාලය විසින් (අ) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ පිරිවැයකරණය විශ්ලේෂණය සිදුකරන ලෙසට පාර්ලිමේන්තු අයවැය කාර්යාලයෙන් විධිමත් ඉල්ලීමක් කිරීම සඳහා වන ක්‍රියාවලියයි.
රට බංකොලොත් වීම වැළැක්වීම සඳහා විපක්ෂය ඇතුළු වෙනත් දේශපාලන පක්ෂවලට යම් විසඳුමක් තිබුණා නම් මැයි මාසයේ 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට සිදු වන්නේ නැහැ. එසේම පසු වර්ෂයේ ජූලි මාසයේ 20 වෙනිදා ජනාධිපති ධූරය භාර ගැනීමට සිදු වන්නෙත් නැහැ.
එබැවින් මෙම පනත මගින් දැන් කර ඇත්තේ යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමකට හන්දිවලට ඇවිත් කරුණු කීම වෙනුවට මහජනතා වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාව සලසා දීමයි.
බංකොලොත් වූ රට නැවත ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරමින් සිටිනවා. එතුමාගේ එම වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල මෙන්ම ජපානය, චිනය, ප්‍රංශය ඇතුළු ලෝකයේ බොහෝ රටවල සහාය හිමිව තිබෙනවා.එතුමා රට ගොඩනඟන වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව හරහා මේ වන විට මහජනතාව වෙත ද ඉදිරිපත්කර තිබෙනවා. එම වැඩපිළිවෙළ අසාර්ථක නම් විපක්ෂ දේශපාලනඥයන් වේදිකා මත නැග බොරු බේගල් කීමේ ඉතිහාසය අමතක කොට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතුයි.
එසේම ජනාධිපතිවරයා නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ මෙම වැඩපිළිවෙළ තමාට තනිව ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඒ සඳහා සියලුදෙනාගේ සහාය අවශ්‍ය බවත්ය. එසේනම් අප ගැළපෙන, නොගැළපෙන සියලු කණ්ඩායම් සමග එකට වැඩකළ යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විවිධ ජනාධිපතිවරුන් යටතේ අග්‍රාමාත්‍ය ධූරය දරමින් කටයුතු කළ අත්දැකීම් සම්භාරයක් ලබා ඇති ජාතික නායකයෙක්.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍යය සංවර්ධනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකළ යුතුව තිබෙනවා. ලෝකයේ මාධ්‍යය සම්බන්ධයෙන් අධිකාරී පනත් කෙටුම්පත් දෙස බැලූ විට උදාහරණයක් ලෙස සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍යය සංවර්ධන අධිකාරී පනත ඉතා බලසම්පන්න පනතක්. එවැනි බලසම්පන්න පනතක් ශ්‍රී ලංකාවේ මේ මොහොත වනතුරුත් ඉදිරිපත් නොකිරීම පිළිබඳව අප ඇත්තවශයෙන්ම කණගාටු විය යුතුව තිබෙනවා.
සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍යය සංවර්ධන අධිකාරී පනතේ ඉතා වැදගත් වගන්ති විශාල ප්‍රමාණයක් සටහන් වී තිබෙනවා. මාධ්‍යය සංවර්ධනය කිරීම සඳහා, මාධ්‍යය දියුණු කිරීම සඳහා ලෝකයේ පිළිගත් BBC, අල් ජසිරා, CNN වැනි තත්ත්වයට ශ්‍රී ලංකාවේ මාධ්‍යය ද පරිවර්තනය විය යුතුයි. ඒ සඳහා මාධ්‍යය පනතක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව තිබෙනවා. විකාශන අධිකාරී පනත වැනි වැදගත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක විනය ගරුක වීමට අකමැති කණ්ඩායම් ඒ සඳහා විරෝධය පළ කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-21

SendShareShare
Previous Post

රටම විකුණන්නයි හදන්නේ! ආර්ථිකය 10%කට වඩා හැකිලිලා! ‌කොහෙද රට ගොඩගිහින් තියෙන්නේ? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දී EPF-ETF එකට ප්‍රශ්න එනවා! ඒකයි මම එදා ඒක නොකළේ! දැන් අමාරුම තත්ත්වයට වැටිලා! හිටපු මහබැංකු අධිපති ආර්ථිකයේ තිත්ත ඇත්ත සුද්ද සිංහලෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සල්ලි ‌කොහෙන්ද ලැබුණේ? ආයෝජනය කළේ කොහොමද? ජවිපෙ මෝල්ටාවේ දැම්මා කියන සල්ලි ගැන පොහොට්ටුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියයි! දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.