සිනමාවේ මෙන්ම දේශපාලන කරළියේද ආන්දෝලනාත්මක හා ප්‍රතිපත්ති මවන චරිතයක් වන රන්ජන් රාමනායක හඬපට සිද්ධිය පිළිබඳව පසුගිය ජනවාරි හතර වැනිදා (4) අත්අඩංගුවට ගැනිණි. මාසයයි දින විසි දෙකකට (22) පසුව හෙතෙම ඇප මත මුදාහැරිණි. රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කාලය තුළ තෙවැනි පාර්ශ්වයකින් ලබාගත් තොරතුරු මත ‘මව්රට’ පුවත්පත රන්ජන් රාමනායකගේ ක්‍රියාකාරකම් හා ප්‍රකාශ ගැන මහජනතාව දැනුවත් කළේය. රන්ජන්ගේ සිරගත ජීවිතය පිළිබඳ එහිදී හෙළිදරව් නොවූ කරුණු, තොරතුරු වෙනත් කිසිදු මාධ්‍යයකින් හෝ අනාවරණය නොකෙරුණි. ‘මව්රට’ ඉදිරිපත් කළ විස්තර සම්බන්ධයෙන් මහජනතාවගෙන්ද ඉහළ තලයේ යහපත් ප්‍රතිචාරයක්ද ලැබිණි. පසුගිය විසිහය වැනිදා (26) රක්ෂිත බන්ධනාගාරයෙන් ඇප මත පැමිණි රන්ජන් ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය පිළිබඳව මෙතෙක් කිසිදු මාධ්‍යයකට ප්‍රකාශ නොකළ අන්දමේ තොරතුරු රැසක් පළමු වතාවට ‘මව්රට’ට හෙළි කළේය. තමා භාරදුන් හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ප්‍රමාද වූයේ ඇයි, ඒවා සභාගත කිරීම වැළැකීමට බලපෑම් සිදුවූයේද? සමාජ මාධ්‍ය ජාලා මඟින් රට දෙවනත් කරමින් සමාජගත කෙරුණු විස්තර එක මොහොතකින් නැවැතී ගියේ ඇයි? හඬපටවලින් අධිකරණය සහ පෞද්ගලික ප්‍රේමාලාප පමණක් හුවාදැක්වූයේ ඇයි? ඇත්තවශයෙන්ම පාර්ලිමේන්තුවට භාරදුන් මේ හඬපටවල අන්තර්ගත හරයාත්මක කරුණු මොනවාද? ඒවාට සම්බන්ධ පුද්ගලයන් කවුද? මේ කරුණු පිළිබඳව සත්‍ය තොරතුරු මහජනතාවට දැනුම්දීම සඳහා පසුගියදා ‘මව්රට’ පුවත්පත සමඟ රන්ජන් පළමුවරට සාකච්ඡා කළේය. මේ පළවන්නේ එම සාකච්ඡාවේ මතුවූ කරුණුය.
‘මා ළඟ 2002 සිට 2020 දක්වා කෙරුණු සාකච්ඡාවල හඬපටවල් එක්ලක්ෂ විසිහතර දහසක් (1,24,000) තියෙන බව කීවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙ ඇරුණු විට දේශපාලන ක්ෂේත්‍රයේ සහ ඊට පරිබාහිර විශාල පිරිසකට අයත් තොරතුරු, විස්තර මා සතුව තියෙනවා. ඒවා අතර හඬපට, වීඩියෝ දර්ශන, වෛද්‍ය වාර්තා, බී වාර්තා, සහිත පිටපත්, දිවුරුම් ප්‍රකාශ, සී.සී.ටී.වී. ෆුටේජ්, ඩීවීඩී, වීසීඩී, පෙන් ඩ්‍රයිව් රෙකෝඞ් ඔය සෑම දේම තියෙනවා ආරක්ෂිතව.
එක්ලක්ෂ විසිහතර දහසකින් දැනට එළියට ගිහින් තියෙන්නේ හඬපට හයයි. ඒකෙන් සිදුවෙච්ච ප්‍රතිචාරය බලන්න. විනිසුරුවන් තිදෙනකුට රැකියා නැතිවුණා. සී.අයි.ඩී. ලොක්කකුටත් ඒ වගේ. බී.බී.සී. එකේ අසාන් අමීන් කොන්වුණා.
ඔය හඬපට එක්ලක්ෂ විසිහතර දාහෙන් හයකින් සිදුවූ ප්‍රතිචාර බැරිවෙලා හරි එක්ලක්ෂ විසිහතර දහසම එළියට දැම්මොත් කොහොම හිටීද? බුදුඅම්මෝ කීදෙනෙක් එල්ලිලා මැරෙයිද?
හැබැයි එකක් කිව යුතුයි. සනාථ කරන්න විස්තර වාර්තා හඬපට නැති එකම එක්කෙනයි ඉන්නෙ. එතුමා තමයි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.
හිටපු ජනාධිපතිවරුන්ගෙ, කැබිනට් ඇමැතිවරුන්ගෙ, දේශපාලන ක්‍රියාකාරින්ගෙ, ඇමැති බිරියන්ගෙ, වාස්තු විද්‍යාඥයන්ගෙ, ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ, ඇතැම් භික්ෂුන් වහන්සේලාගෙ, සුමනදාස වගෙ ජ්‍යොතිෂශාස්ත්‍රඥයන්ගෙ, කුඩුකාරයන්ගෙ, එතනෝල්කාරයන්ගෙ, රේස්කාරයන්ගෙ, ඇමැති, ජනාධිපති දුවා දරුවන්ගෙ ඔය කොයි කාගෙත් හොඳ හොඳ දේවල් තියෙනවා. ඒකයි ඔය හැමදෙනාම ගැහෙන්නෙ, වෙව්ලන්නෙ. අනේ අපේ කටහඬවල් තියෙන ඒවා අද එළියට වැටෙයිදෝ යන බයෙන් තමයි ඔය වැඩි දෙනෙක් වෙව්ලලා උදේ නැඟිටින්නෙ. හැබැයි එක දෙයක්. ඔය එළියට දැම්ම විතරයි. ආයෙ සම්මජ්ජාතියේ එකක්වත් එළියට දාන්නෙ නෑ.
කවුද හෙලුවැල්ලෙන් (නිරුවතින්) මහ දවල් මහපාරේ දුවන්න කැමැති වෙන්නෙ.
ඔය දේවල් එළියට එයි කියන බයේ මට පාර්ලිමේන්තුවෙ කතාවක් නොදෙන්න වැඩිදෙනකු උත්සාහ දැරුවා. මම බලෙන් වගේ තමයි මගේ කතාව කළේ. මට ඒව අනාවරණය කරන්න අයිතියක් තියෙනවා. මම කරන්නේ මේ රටේ සූවාසූ දහසක් දාදිය හෙළන, දුක් විඳින මහජනතාවගේ අයිතිය ආරක්ෂා කරදීමට සියල්ල මට හැකි අන්දමින් අනාවරණය කරන එකයි.
මෙහෙම හිතන්න.

මේ රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියලා පාලන ව්‍යුහයේ කොටස් තුනක් තියෙන්නෙ. මහජනතාවට සේවය කරන්න. ඒ සඳහා විධායකයට දැනට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කෙරෙනවා. ඒත් මහජනයාට සිදුවූ සේවය කුමක්ද? මහජනයාට වෙච්ච යහපතක් නෑ. පාරෙ යන්න පණ නැතිව හිටි ඇතැම් අයගේ බඬේ රැලි දැන් බෙල්ලට ඇවිත්. මහජන දේපොළ ගසාකාලා මහජනයා තවමත් හාමතේ.
ඔය තත්ත්වය යටතේ කවුරුවත් ඔය හඬ පට එළියට දාන්නේ නෑ. එහෙත් මෙවැනි දූෂණ ඇති රටකට ඔය හඬපටවල වටිනාකමක් නෑ. ඔන්න ඔය කියන අයගෙ ඔය කියන දේවලට සම්බන්ධ තොරතුරු එළි කරන්න තරම් සාක්ෂි ඇති හඬපට හා එතකොට ඉහත සඳහන් කර ඇති භාණ්ඩ විස්තර වාර්තා ඒ ළඟ තියෙන්නෙ.
හෙළි නොවූ රහස් තොරතුරු මා ළඟ එමටයි. දිනාගන්න තිබුණු ලෝක ක්‍රිකට් කුසලාන මැච් එක ඉන්දියාවට වික්ක හැටි, එසේ වික්ක ක්‍රිකට් ඇමැති ගෙතූ කතාවල්. ජනාධිපතිගෙ සම්බන්ධය. ලෝක ප්‍රකට කලාකරු ෂාරුක් ඛාන් ලංකාවට ආපු වෙලාවෙ බෝම්බ ගහන්න කළ සැලැස්ම. තාජුදීන්ගෙ ඝාතනය, ලසන්ත වික්‍රමතුංගගෙ ඝාතනය. මම හෙට අනිද්දම තාජුදීන්ගෙ ඝාතනය ගැන මා ළඟ තියෙන හඬපට එළියට දානවා. කීත් නොයාර්, පොද්දල ජයන්ත පැහැර ගැනීමේ රහස් සාකච්ඡා. මල්වානෙ වත්ත අයිති කාටද කියන එක. සමහරුන්ගෙ ගිණුමට චීන සල්ලි ආපු හැටි. ඇමෙරිකාවෙ ගෙවල් ගත්ත හැටි, මරියා අල් හබීබ් අනාවරණය කළ තොරතුරුවලට අදාළ විස්තර වාර්තා. ෂැංග්‍රිලා හෝටලයට ඉඩම් විකුණපු හැටි, කොමිස් ගිය හැටි ඔය ඔක්කොම අනාවරණය. ඔය වංචා දූෂණවලට වගකිවයුතු කවුරුද? තමන් ගෙවන බදු මුදල්වලට වෙන්නෙ මොනවද කියන එක දැනගන්න මේ රටේ මහජනතාවට අයිතියක් තියෙනවා. මම මහජන නියෝජිතයෙක් හැටියට කරන්නේ මහජනයා වෙනුවෙන් ඒ වගකීම ඉටුකරන එකයි.
මම එළි කරනවා කියල රන්ජා ඝාතනය කරන්න පුළුවන්. ඒත් මේවට වගකිවයුත්තන්ට ලේසියෙන් ගැලවෙන්න හම්බුවෙන්නෙ නෑ. මම ඒ හඬපට ජාත්‍යන්තරයේත්, දේශීයවත් අදාළ හැම කෙනකුටමත්, ආයතනයකටත් දීලයි තියෙන්නෙ.
මා ළඟ තියෙන හඬපට ඇතුළු ඉහත සඳහන් කර ඇති විස්තර තොරතුරු භාණ්ඩ ආදියේ වටිනාකම දන්න අයකුගේ හෝ කණ්ඩායමකගේ හෝ සම්බන්ධතාවෙන් තමයි පසුගිය ජනවාරි හතර වැනිදා (04) මාදිවෙල මගේ පදිංචි ස්ථානයට සෝදිසි වරෙන්තුවක් හෝ නැතුව විශාල කාකි ඇඳුම් පොලිස් කණ්ඩායමක් පැනල ගෙදර තිබුණ දේවල් අරගෙන ගියේ. සියලු මන්ත්‍රි වරප්‍රසාද උල්ලංඝනය කරල.
ත්‍රිරෝද රියැදුරකුගෙන් ලැබුණු හාඞ් ඩිස් එකක් නිසා තමයි එහෙම ‘සර්ච්’ කරන්නෙ කියල මගේ තිබුණු හඬපට ජංගම දුරකතන, ලැප්ටොප් ඔය ඔක්කොම පොට්ටනි ගහගෙන ගියේ.
ඒවගේ තිබුණු වැදගත්කම අගේ දන්න නිසයි හතර (4) වැනිදා අත්අඩංගුවට ගැනුණු හඬපට පිළිබඳව රසපරීක්ෂක වාර්තාවක් එන්නත් ඉස්සර මෙන්න බොලේ පස්වැනිදා (5) මෙම ඔක්කොම මාධ්‍ය නාළිකාවල යනවා. මහා සංඝයා වහන්සේලා මදි නොකියන්නම හඬපට ඉදිරිපත් කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා. මාත් බලාගෙන හිටියා. හඬපටවල් ගැන රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කෙරුණේ ජනවාරි 25 වැනිදා. ඉතින් කොහොමද හඬපට අත්අඩංගුවට ගෙන මුද්‍රා (සීල්) තැබුණු භාණ්ඩ පසුදා මාධ්‍යවල යන්නෙ කාගෙ උවමනාවටද? ඕව හතර හිනා. හාමුදුරුවරු ඉදිරිපත් කළෙත් මම මගේ ගෑනු ළමයි දෙන්නෙක්, තුන්දෙනෙක් එක්ක කතා කරපු ඒව විතරයි. ඇයි අනිත් ඒවා ඉදිරිපත් නොකරන්නෙ. මම අභියෝග කරනවා. ‘මව්බිම’ පත්තරේ තිබුණ මම අධිකරණ විනිසුරු පිලපිටිය මහත්තයට මරණ තර්ජනය කළා කියලා. හැබැයි දැන් ‘මව්බිම’ පත්තරේ කියන්නෙ ඒක මිත්‍රශීලී සංවාදයක් කියලයි.
හුඟක් දෙනකුට උවමනා වුණේ මම අධිකරණයට බලපෑම් කරල අපට ඕනෑ හැටියට තීන්දු දුන්න කියල අධිකරණය දූෂිතයි කියන එක සමාජගත කරලා. ත්‍රිපුද්ගල සහ පංච පුද්ගල අධිකරණ විනිසුරු මඩුල්ලකින් දුමින්ද සිල්වාට දුන්න මරණ තීන්දුවත් පක්ෂග්‍රාහී එකක් හැටියට පෙන්නලා දුමින්ද සිල්වාගේ තීන්දව වෙනස් කරගන්න.
මම අභියෝග කළා හැකිනම් මා ඉදිරිපත් කරපු හඬපටවල් සභාගත කරන්න. මාධ්‍යවලට ප්‍රතිචාරය කරන්න කියලා. පාර්ලිමේන්තුවෙ කතා කළේ. ඒව නොසරුප් දේවල් ලිංගික සම්බන්ධතා තියෙන දේවල් කියල සත්‍ය වසන් කරලා මාව තුට්ටු දෙකට දාලා කොළේ වහලා ගැහුවා. රටේ දූෂණ, වංචා වසන් කරන්න අභිරහස් වසන් කරන්න.
අපේ කතානායකතුමාටත් ඉතාම දැඩි අවස්ථාවක් තිබුණ හඬපටවල තියෙන්නෙ නොසරුප් දේ කියල. ඒවා සභාගත නොකර සිටින්න. ඒ වගේම මට පාර්ලිමේන්තුවෙ කතාවක් නොදී සිටින්න වලිකෑවා. මම ජනවාරි විසි එක (21) කතා කළේ බලෙන් වගේ. නොදී බැරි තත්ත්වයක් ඇති වුණාට පස්සෙයි කටකතාවක් දුන්නේ. පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණෙත් හඬපට ඉදිරිපත් කරන්න කියලා. මමත් කීවෙ අභියෝග කරන්නෙත් ඒවා එළියට දාන්න කියලයි.
මම ඔය කියපු දේවල් මා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු හඬපට හතක තියෙනවා. තවත් ටිකක් මහජනතාව දැනගත යුතුයි.
මම මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ හඬපට දෙකක්ද, මහින්ද රාජපක්ෂ මහත්තයගෙ හඬපට දෙකක්ද, මහින්දානන්ද අලුත්ගමගේ සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාගේ හඬපටවල් දෙකක්ද, දයාසිරි ජයසේකර මහත්තයාගේ හඬපටයක්ද පාර්ලිමේන්තුවට සභාගත කළෘ. ඇයි ඉතින් ඒව සමාජගත නොකරන්නෙ.
ඒ වගේ තියෙන දේවල් මට කියන්න බෑ. මම පොඞ්ඩක් කියන්නම්.
අපේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙ හඬපටයක තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන. මැතිවරණ කාලෙදි මුල්කිරිගල කරපු බරපතළ සිදුවීමක් ගැන. ඇයි ඉතින් ඒව සමාජගත නොකරන්නෙ.
විමල් වීරවංශ මහත්තයගෙ නෝනගෙ හඬපට. ඕව කොහොමටත් දැන් නම් එළියට දාන්නෙ නෑ. සමහරු උදේ හවා දෙයියන්ට කියනවලු ඔය හඬපට කවදාවත් එළියට දාන්න අවස්ථාව ඇති කරල දෙන්න එපා කියලා.
කතානායකතුමාට දෙවියොද දන්නෙ නෑ හඬපට සභාගත නොකරන්න බලපෑම් කරන්න ඇත්තෙ. ඔය හඬපට හත සභාගත කරලා පක්ෂ නායකයො අහල සභාගත කරන්න කීවම ඒකට විරුද්ධ වුණේ කතානායකුමා.
කාගෙ හඬපටවල් තිබුණත් මගේ නෑ කියල අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙදි අභියෝග කළා. ඒ අභියෝගයට තමයි මහින්ද මහත්තයගෙ හඬපට දෙකක් දැම්මේ. මේව ගැන සොයන්න ජනාධිපති කොමිෂන් දානව කීව. මම අභියෝග කළා දාන්න කියලා. දැන් නෑ. කවදාවත් කොමිෂන් දාන්නෙ නෑ. මට හැම තැනකින්ම තොරතුරු දෙන්න ඉන්ෆෝමන්ස්ලා ඉන්නවා.
චන්ද්‍රසේන මාරසිංහ










