• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ අංක එකේ මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවා වන මොහොමඩ් සිද්දික් ඕමානයේදී අල්ලයි! සිද්දික් එක්ක පාතාල නායකයන් වන මාකිලංගමුවේ සංජීව-ගොත අසංකත් අහුවෙලා! කුඩුවලින් ලෝකෙම හෙල්ලුවත් සිද්දික්ට ලංකාවේ චෝදනා නැති තරම්! I Sri Lanka Latest News

August 21, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ අංක එකේ මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවා වන මොහොමඩ් සිද්දික් ඕමානයේදී අල්ලයි! සිද්දික් එක්ක පාතාල නායකයන් වන මාකිලංගමුවේ සංජීව-ගොත අසංකත් අහුවෙලා! කුඩුවලින් ලෝකෙම හෙල්ලුවත් සිද්දික්ට ලංකාවේ චෝදනා නැති තරම්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්දීක් නමැත්තා ඉන්දියානුවකු ලෙස වෙස්වලාගෙන එරට විදෙස් ගමන් බලපත්‍රයක් අතැතිව සිටියදී ඕමානයේදී අත්අඩංගුවට ගෙන ඇති බව බුද්ධි තොරතුරු අනාවරණය කළේය.Sri Lanka Latest News

මොහොමඩ් සිද්දික් සම්බන්ධයෙන් ඉන්දියානු ආරක්ෂක හා බුද්ධි අංශ කාලයක් පුරා ඇස ගසාගෙන සිටිමින් කළ මෙහෙයුමකට අනුව ඕමානයට ඔහු සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දී අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ද ආරංචි මාර්ග අනාවරණය කළේය.

අබුඩාබි සීමාවට ආසන්න ප්‍රදේශයකදී අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවද පැවැසේ.

මෙරටට මහා පරිමාණයෙන් මත්කුඩු රැගෙන ඒමේ ජාවාරමේ මහ මොළකරුවකු බව කියන මොහොමඩ් සිද්දික් පාකිස්තානයේ සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකුගේ නැඟණියක් සමඟින් විවාහ වී සිටින බව ද සඳහන්ය. ඒ මෙරට ඔහුගේ බිරියට අමතරවය.

මොහොමඩ් සිද්දික් පසුගිය කාලය පුරාම ඉන්දියාවේ රැඳී සිට ඇත්තේ නේපාල දේශ සීමාවට ආසන්න ප්‍රදේශයකය.

මාකිලංගමුවේ සංජීව සහ ගොත අසංක නමැති පාතාලයේ අපරාධකරුවන් දෙදෙනා ද ඔහු සමඟ රැඳී සිට ඇති බව ද පැවැසේ.

ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මාකිලංගමුවේ සංජීව සහ ගොත අසංක ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරතුරුවලට අනුව මොහොමඩ් සිද්දීක් කොටුකරගෙන ඇති බවයි. එහෙත් මාකිලංගමුවේ සංජීව සහ ගොත අසංක ඉන්දියානු අත්අඩංගුවේ පසුවන බවට තවමත් පැහැදිලි තොරතුරු අනාවරණය වන්නේ නැත.

ඉන්දියාවෙන් ඒ සම්බන්ධයෙන් මෙරට ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් සිය පුද්ගලික සම්බන්ධකම් මත තොරතුරු විමසීමේදී ඒ අය නිල නොවන මට්ටමින් තහවුරු කර ඇත්තේ මොහොමඩ් සිද්ධික්ගේ අත්අඩංගුවට ගැනීම පමණි.

හෙරොයින් කිලෝ 20ක් සමඟ වසර ගණනාවකට පෙර ඉන්දියානු පොලිසිය මොහොමඩ් සිද්දීක්ව අත්අඩංගුවට ගෙන දීර්ඝ නඩු විභාගයකින් අනතුරව ඔහුට ජීවිතාන්තය දක්වා එරට අධිකරණයක් විසින් සිරදඬුවම් නියම කර තිබිණි. ඉන්දියාවේ බන්ධනාගාරයක රඳවා සිටි ඔහු 2002 වසරේ බන්ධනාගාරයෙන් පලා විත් ලංකාවට පැමිණ තිබේ. එකල ඔහු බන්ධනාගාරයෙන් පලා විත් තිබුණේ එම බන්ධනාගාරයේම රඳවා සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් සමඟ එක්ව යම් පිපිරවීමක් සිදු කිරීමෙන් අනතුරුව බව සඳහන්ය.

මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණි සිද්දීක් බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ සැඟව සිට ඇත. බන්ධනාගාරයෙන් පලා යාමට පෙර ඔහුගේ මෙරට සිටින ගෝලයන් ඔහුව නිදහස් කර ගැනීමට මුදල් රැස් කරමින් සිට ඇත. ඒ බව එවකට බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාට තොරතුරක් ලැබී තිබිණි. ඒ බව ඔහු ඉන්දියානු තානාපති කාර්යාලය දැනුම්වත් කර තිබිණි. එසේ දැනුම්වත් කර තිබියදී සිද්දීක් බන්ධනාගරයෙන් පලා ගොස් තිබේ.

ඔහු සමඟ පලා ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිවුදෙනෙක් ඉන්දියානු ආරක්ෂක අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්දීක් එරට රැඳී සිට ඇත්තේ ව්‍යාජ නමකිනි. ඉන්දියාවේදී නීතිඥවරියක් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ලවී ඇතැයි විවිධ ආරංචි මාර්ග සඳහන් කළත් එය මෙතෙක් තහවුරු වී නැත. නමුත් බන්ධනාගාරයෙන් පලා යාම මුල් කර ගෙන සිද්දීක්ට එරෙහිව ඉන්දියාව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනක් නිකුත් කර තිබී ඇත. ඉන්දියාවෙන් මෙරටට පැනවිත් සිට බොරලැස්ගමුවේදී මත්කුඩු සහ අවිආයුධ රැසක් සමඟ 2003දී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයෙන් මොහොමඩ් සිද්දීක් ඇතුළු පස් දෙනකු ජීප් රථයකින් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

දීර්ඝ කාලයක් ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඔහු ඇප මත නිදහස ලැබීමෙන් අනතුරුව රටින් පලාගොස් ඩුබායි හා පාකිස්තානය ආශ්‍රිතව රැඳී සිටියේය. පාකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවකුගේ බිරියක්ව ඔහු විවාහ කර ගත්තේ එකලය.

ඉන්දියාව හරහා මෙරටට බෝට්ටු මඟින් හෙරොයින් රැගෙන ඒම වෙනුවට පාකිස්තානයේ සිට කන්ටේනර්වල සඟවා මෙරටට හෙරොයින් රැගෙන ඒමට ආරම්භයක් දුන්නේ යැයි පැවසෙන්නේ සිද්දීක්ය.

සිද්දීක් විසින් සීෂෙල්ස් සහ මාලදිවයිනට ද මෙරට හරහා මත්කුඩු බෙදා හැරීමේ ජාලයක් ආරම්භ කර තිබුණි. දීර්ඝ ලෙස ඔහු සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක් ද ගැනීමට පොලිසිය පියවර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේදී මොහොමඩ් සිද්දීක් මෙන්ම වෙලේ සුදා ද පාකිස්තානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට භාර දෙනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ගොස් සිද්දීක්ව මෙරටට රැගෙන එන්නේ 2015 මාර්තු මාසයේදීය. ඒ රැගෙන ආ ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගයකින් රඳවාගෙන ප්‍රශ්න කර එම වසරේම සැප්තැම්බර් මාසයේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මෙහොමඩ් සිද්දීක් සමඟ බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල ශුද්ධ අගය රස පරීක්ෂක විසින් දී තිබුණේ ග්‍රෑම් 8.3ක් වශයෙනි. ඒ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් 2018 සැප්තැම්බර් 13 වැනිදා සිද්දීක් ඇතුළු එම නඩුවට චෝදනා ලැබ සිටි 05 දෙනාවම නිදොස් කර නිදහස් කරනු ලැබීය. ඒ ඔහුට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව චෝදනා ඔප්පු කිරීමට අපොහොසත් වීම හා සාක්ෂි පරස්පර වීම මුල්කරගෙනය.

එසේ නිදහස ලැබීමත් සමඟ ඉන්දියාවට පැන ගත් සිද්දීක් මෙතෙක් කාලයක් රැඳී සිටියේ ඉන්දියාවේදීය. ඒ ඉන්දියානු පුරවැසියකු ලෙසිනි. ඉන්දියානු විදෙස් ගමන් බලපත්‍රයක් ද අතැතිව සිද්දීක් ලෝකෙ පුරා ගමන් කරමින් මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇති බව ද මේ වන විට අනාවරණය වී ඇත.

ඉන්දියාව මඟින් මොහොඩ් සිද්දීක්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක් නිකුත් කර ඇතත් මෙරටින් ඔහුට එරෙහිව එවන් නියෝගයක් මේ වන විට නොමැති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. මොහොමඩ් සිද්දීක් මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවකු වුවත් ඔහුට එරෙහිව මෙරට චෝදනා නැති තරම් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඕමාන් අත්අඩංගුවේ සිටින සිද්දීක්ව ඉන්දියාවට ගෙන්වා ගැනීමට මේ වන විට ඉන්දියානු ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව ද සඳහන්ය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

LPL කප් එක B LOVE KANDY උස්සයි! I Sri Lanka Latest News

Next Post

නියඟය අතිදරුණුයි! දිස්ත්‍රික්ක 15ක පවුල් 60000කට බොන්නවත් වතුර නෑ! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.