සංචාරක මගපෙන්වන්නෙකු ලෙස පෙනි සිටිමින් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් ගාල්ල නගරයේ පිහිටි වෙළදසැලක් වෙත කැඳවාගෙන ගොස් මෙම විදේශිය කාන්තාවගේ අත්බැගයේ තිබු උපැස් යුවළ ඇතුළු රුපියල් 98.500ක් වටිනා දේපල සොරකම් කළ පුද්ගලයකු ඊයේ (19) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවද පොලිසිය පවසයි.
මෙකි විදේශිය කාන්තාව තම සැමියා සමග පසුගිය 12 වැනි දින මෙරටට පැමිණ ඇත. මෙම යුවළ කොග්ගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක රැඳීසිට ඇත. ඊයේ (19) පස්වරුවේ මොවුන් දෙදෙනා ගාල්ල නගරයට පැමිණ ඇත.
සැකකරු සංචාරක මගපෙන්වන්නෙකු බව කියමින් මෙම විදේශිය යුවළ ගාල්ල නගරයේ පිහිටි වෙළදසැල් කිහිපයක් වෙත කැඳවාගෙන ගොස් ඇත. මොවුන් භාණ්ඩ මිලදි ගැනිමෙන් පසු විදේශිය කාන්තාවගේ සැමියාට කොණ්ඩය කැපිමට අවශ්‍ය නිසා ඔහු කැකිරිබොක්ක ප්‍රදේශයේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයක් වෙත රැගෙන ගොස් තිබේ.
මේ අතරතුරේ විදේශිය කාන්තාව සැකකරු සමග ඇදුම් මැසිමේ ස්ථානයකට ගොස් ඇත. එහිදි සැකකරු විසින් විදේශිය කාන්තාවටද නොපෙනෙන අයුරින් ඇයගේ අත් බෑගය සොරකම් කරගෙන ගොස් තිබේ.
එම අත්බැගයේ ඩොලර් 50ක්, මෙරට මුදල් 51,250ක්, රුපියල් 37,000ක් වටිනා උපැස් යුවළ තිබි ඇත. සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබි රුපියල් 15,120ක් හා උපැස් යුවළ සොයාගෙන ඇත.
ගාල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඩි.ජි.ආනන්ද ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.
lankasara










