හෝමාගම, කටුවන කර්මාන්ත කලාපයේ ඇති වූ ගින්නකින් විනාශ වූ Watercare Technologies pvt Ltd, රසායනික කම්හල සතුව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ගින්නෙන් වායුගෝලයට හානි සිදුව ඇති අතර අපජලය එක්රැස් වීමෙන් අවට පරිසරයට ද හානි සිදුව ඇති බවයි.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක රසායනික කම්හල සඳහා අවශ්‍ය ලියකියවිලි ලබා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කටුවන කර්මාන්ත කලාප පරිපාලනය වගකීම භාරගත යුතු බව ද වීරසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළ බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.










