• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ආණ්ඩුකාරවරු ගෙන්වයි! PHOTOS I Sri Lanka Latest News

August 18, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් ආණ්ඩුකාරවරු ගෙන්වයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මසක් තුළදී ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පළාත් ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු සමඟ ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.

පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය
අද මම ඔබ සියලුදෙනාව කැඳවනු ලැබුවේ පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මධ්‍යම රජයේ පරිපාලන ක්‍රමය පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ අප සාකච්ඡා කළ යුතුයි.
ඇතැම් අවස්ථාවල ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම එකම ආකාරයේ සේවාවන් ලබාදීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් කාණු කැපීම සහ විදුලි කණු සිටුවීම හා මාර්ග ඉදිකිරීම පෙන්වා දිය හැකියි. එලෙස කටයුතු කිරීමේ දී විශාල මුදල් නාස්තියක් සිදු වෙනවා. එසේ නම් මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසිය යුතුයි. ඒ සඳහා පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මාසයක් ගත වීමට පෙර ඒ සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මම උපදෙස් දී තිබෙනවා.
පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසාත්, පළාත් සභාවල ඇමතිවරු නොමැති නිසාත් පළාත් සභා ක්‍රමය යටතේ අද සම්පූර්ණ පාලන බලය තිබෙන්නෙ පළාත් ආණ්ඩුකාරවරුන් වන ඔබටයි.
පසුගිය වසර අපට ඉතා අසීරු කාලවකාවනුවක් වුණා. ඒ බව නැවත සඳහන් කිරීම අවශ්‍ය නැහැ කියා මම විශ්වාස කරවා. රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දෙන අතරම රටේ පාලන ක්‍රමය යථා තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතුයි.
විශේෂයෙන් බිම් මට්ටමේ සේවා ලබාදීම සිදු වන්නේ පළාත් සභා මඟිනුයි. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සේවා ලබාදීම මධ්‍යම රජය යටතේ සිදු වෙනවා. මෙම සේවාවන් ලබාදීමේ දී තරගයකින් තොරව ඒකාබද්ධව මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන අප දැන් රට පුරාම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මහ කන්නයේ දී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය පසුගිය වසරට වඩා අඩු වුව ද අපට එයින් සෑහීමකට පත් විය නොහැකියි.
රටේ ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය අවම කර ගැනීමට අස්වැසුම වැඩසටහන ද හේතු වූ බව කිවයුතුයි. අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභය සමෘද්ධියට වඩා වැඩි වෙනවා.
විශේෂයෙන්ම ලබන වසර අවසාන වනතුරු පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන නිසා මෙම පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් ලබාදිය යුතුයි. එහිදී ආණ්ඩුකාරවරයා සමඟ එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කිරීමට ද අපේක්ෂා කරනවා.
විශේෂයෙන්ම අධ්‍යාපනය, වෘත්තීය පුහුණු කටයුතු මෙන්ම ඒ ඒ පළාත්වල නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.
විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පළාත් මට්ටමින් සංචාරක මණ්ඩල පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමේ වැඩසටහන් රැසක් ඉදිරියේ දී පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කිවයුතුයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මධ්‍යම රජය සමඟ කටයුතු කිරීමේදී පළාත් සභාවලට මුහුණ දීමට සිදුවන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති කාර්යාලයේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බවයි.
මෙහිදී අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාරවරු පළාත් සභා බල ප්‍රදේශයන්හි පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළහ.
ඇතැම් පාසල්වල අතිරික්ත ගුරුවරුන් සිටින අතර, ඇතැම් පාසල්වලට ගුරු පුරප්පාඩු පවතින බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරු ගුරු හුවමාරු වැඩසටහනක් හරහා එය තුලනය කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ද ඉල්ලා සිටියහ.
“හොඳම පාසල ළඟම පාසල” සංකල්පය යටතේ ඉදි කරන ලද දෙමහල් ගොඩනැගිලි වල ඉදිනොවූ කොටස් නිසා ඇතැම් ගෙඩනැඟිලි විනාශ වන තත්ත්වයට පත්ව ඇති බවත්, ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් ආණ්ඩුකාරවරු පෙන්වා දුන්හ.
අතර මග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති නමුත් ඇතැම් ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් තවමත් ලැබී නැති බව ද ඔවුහු සඳහන් කළහ.
එසේම පළාත් මට්ටමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසද පළාත් ආණ්ඩුකාරවරු මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-18

SendShareShare
Previous Post

ප්‍රසව හා නාරිවේද ඇඳන්වල උග්‍ර හිඟයක්! නවතම විගණන වාර්තාවකින් හෙළිවෙයි! Sri Lanka Latest News

Next Post

කරාපිටියට එන පිළිකා රෝගීන්ගේ පහසුවට ගොඩනැගිල්ලක් හදන්න ගාලු බන්ධනාගාර අධිකාරී පිනට දුන් කෝටි 3ක් වටිනා පර්චස් 44ක ඉඩමේ ‘කාර් පාර්කින්’ එකක් දාලා! අධිකාරීතුමා ගියාම රුපියල් 50ක ටිකට් එකකුත් කඩලා! I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.