• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපෙන් සජිත්! ජවිපෙන් අනුර! පොහොට්ටුවත් කෙනෙක් දානවා! රනිල් ජනාධිපතිවරණයට ඉල්ලන්නේ මොන පක්ෂයෙන්ද? මරික්කාර්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

August 17, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් මරික්කාර්ගේ කතාවට හොඳටම කලබල වෙලා! අයියෝ බලන්න කියන ඒවා! වචන දෙක තුනකින් මරික්කාර් රනිල්ව කෝචොක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විපක්ෂනායක කාර්යාලයේ අද (17)පැවති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් මෙසේය.Sri Lanka Latest News

වත්මන් ජනාධිපතිතුමා විටින් විට ඇවිත් එක එක කතා කියනවා. අද පුවත්පතක තියෙනවා Sri Lankan children will have to learn Indian Chinese in the future කියලා. මේක දැක්කම මට අමුවෙන්ම අහන්න හිතෙන්නේ ඉන්දියාවටයි චීනයටයි රට විකුණන්න ද හදන්නේ කියලා. ඉස්සර අපි ගාවට ඇවිත් තමයි විවිධ ආයෝජකයෝ විවිධ රටවල් අරක දෙන්නම් මේක දෙන්න ඉල්ලන්නේ දැන් එහෙම නෙමෙයි ළඟටම ගිහිල්ල විකුනනවා ඉන්දියාවට ගිහිල්ලා විකුණුවේ මොකද්ද කියන්න තවම දන්නේ නැහැ මූල්‍ය බලය තියෙනවා කියන පාර්ලිමේන්තුව කිසිම දෙයක් දන්නේ නැහැ මොකද්ද ඉන්දියාවට ගිහිල්ලා කළේ කියලා අදානිත් එක්ක කතා කරලා තියෙන්නේ මොනවද දන්නේ නැහැ අදානිට විකුණලා තියෙන්නේ මොකද්ද දන්නේ නැහැ අනිත් පැත්තෙන් ඉන්දියාව ආයෙත් අවුල් වෙලා චීන නැවක් නිසා මම දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. අනිත් පැත්තෙන් මිනිස්සු රට අත හැරලා යනවා මේ පැත්තෙන් කියනවා ලංකාවේ ළමයින්ට චීන භාෂාවයි හින්දි භාෂාවයි ඉගෙන ගන්න වෙනවා කියලා ඉගෙන ගන්න එක කෙසේ වෙතත් ඉස්කෝලේ යන්න අවස්ථාවක් තියෙන්න ඕන දෙමව්පියන්ට ළමයි ඉස්කෝලේ යවන්න බැරි වෙලා හේතුව ඒ මට්ටමට බඩු මිල, විදුලි බිල ,වතුර බිල අහස උසට ගිහිල්ලා මැරෙන්න රෝහලට යන්න වෙලා තියෙනවා බාල බෙහෙත් නිසා ඒ වගේම බෙහෙත් අධික ලෙස මිල ඉහළ ගිහිල්ලා එහෙම රටක අද කියනවා චීන සහ හින්දි භාෂාව ඉගෙන ගන්න කියලා මම දන්නේ නැහැ මොනවද මේ කියන්නේ කියලා එහිදී එක දෙයක් පැහැදිලියි 13 ගැන බොරු කතාවක් ඇදලා අරගෙන හොඳටම ඇනගෙන ඉන්න බව මොකද සාගර කාරියවසම් කියන දේවල් දිහා බැලුවම ඒ ගොල්ල ව්‍යංගාර්ථයෙන් කියන්නේ හැබැයි අපි නම් කෙලින්ම කියනවා හොඳටම ඇනගෙන තියෙන බව මේ දවස්වල පේනවා මේ කියන කතා ඔක්කොම ඊළඟ ජනාධිපතිවරනයේදී වර්තමාන ජනාධිපතිතුමාට අපේක්ෂකත්වයවත් නොලැබෙන පාටක් තියෙන්නේ.

දැන් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් කරල ඉවරයි මම දැක්කා බැසිල් රාජපක්ෂගේ ළඟම හිතවතෙක් වෙන මහාචාර්ය රංජිත් කියලා තියෙනවා ඒ ගොල්ලො අපේක්ෂකයෙක් දානවා කියලා. එතකොට ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක දානකොට ජනාධිපතිතුමාට ඉල්ලන්න ප්‍රධාන පක්ෂයක් නැහැ. ඒ නිසා මම ඔබතුමන්ලාට යළි යළිත් අවධාරණය කරන්නේ ඉස්සරවෙලා එන්නේ මහ මැතිවරණයක්. මම කිව්ව කියල ලියාගන්න ලබන අවුරුද්දේ මුල් කාර්තුව වෙනකොට මහ මැතිවරණය එනවා. හේතුව අය-වැය සම්බන්ධයෙන් බයක ඉන්නේ. අපි ඉතාම පැහැදිලිව කියන්න කැමතියි නුදුරු දවසක විපක්ෂයේ පුළුල් සන්ධානය බිහි වෙනවා. ස්වාධීන වෙලා ඉන්න මන්ත්‍රි කණ්ඩායම්, ආණ්ඩුව ගැන කලකිරුණ කණ්ඩායම් මේ සියල්ල එකතු කරලා සමගි ජන බල සන්ධානය පුළුල් සන්ධානයක් විදිහට එනවා කියන එකත් මේ අවස්ථාවේ කියනවා.

එය එක මන්ත්‍රී කණ්ඩායමක් එක දේශපාලන අරමුණක් වෙනුවෙන් යන කණ්ඩායමක් වෙනවා ඒ කණ්ඩායමේ ඉලක්කයන් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට පාර්ලිමේන්තුව විසිරෙනවා. ඒ නිසා ජනාධිපතිවරණ කතාව බොරුවක් 13 ගැන කියන්න හදන්නේ. මට තමයි දෙමළ ඡන්ද,මුස්ලිම් ඡන්ද තියෙන්නෙ කියලා පෙන්නලා අපේක්ෂකත්වය ගැනීමේ සටනක්. ඒ දුර්වල සටන දියාරුවක් වෙනවා. මොකද ජනාධිපති තුමා ඒක කියනකොට බලාපොරොත්තු වුණේ නැහැ දෙමළ ජාතික සන්ධානය මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. අපි කියන්නෙ දහතුන්වැනි සංශෝධනය බලාත්මක කරන්න කලින් පළාත් සභා ඡන්දය තියන්න. මොකද 13 කියන්නේ පළාත් සභාවේ ළමයෙක් දැන් පළාත් සභා මැතිවරණ නැහැ ප්‍රාදේශීය සභා මැතිවරණ කල් දාලා ඒ මැතිවරණ අරහං ජනාධිපතිවරනයට අපේක්ෂකත්වය දෙනවා නම් ඕකේ ඒකත් හරියට ආණ්ඩුවේ ණය සීමාව බිලියන නම දාහකින් වැඩි කරගෙන තියනවා වියදම් සීමාවත් බිලියන නම දාහකින් වැඩි කරගෙන තියෙනවා ඡන්දය ආවම බඩු බෙදන්න. දැන් අස්වැසුමේ සභාපතිවරයා ඉල්ලා අස් වුණා මේ කාරණා එකතු කරල කිව්වේ ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉවර වෙලා අන්තිම දවස වෙනකන් රහ බල බල ඉඳලා ගෙදර යනවා ඒ නිසා ඔය සමහර යූ.එන්.පී එකේ ඉන්න අය මඤ්ඤං කතා කියන ඒවා ගැන කවුරුත් කලබල වෙන්න එපා ඒවට ප්‍රමුඛතාව දෙන්නත් එපා ජාතික නායකයා කියනවා ලක්ෂ සීයක් ඡන්ද ගන්නවා කියනවා එය පාළු ගෙයි වළං බිඳිනවා වගේ කතාවක් ඒ නිසා විපක්ෂය පුළුල් සන්ධානය බිහි වෙනකොට ජනාධිපතිතුමා අසාර්ථක වෙලා ඉන්නකොට බඩු මිල අහස උසට ගිහින් තියෙනකොට කයිය නායකගේ බලය අඩු වෙනකොට බලාපොරොත්තු සුන් වෙච්ච සමාජයකට බලාපොරොත්තුවක් ලබාදිය හැකි හොඳම කණ්ඩායම සහ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර හැකි දක්ෂ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය කියන එක පැහැදිලිව කියන්න කැමතියි. ඒ නිසා එළඹෙන මහ මැතිවරණයේ දී අපේ ආණ්ඩුවක් පිහිටුවා සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති වුනාට පස්සේ අපි ජනාධිපතිවරණය නියමිත පරිදි ඉක්මනින්ම තියන්න කටයුතු කරනවා. එහිදී ජනාධිපතිතුමාට ප්‍රබල දේශපාලන පක්ෂයකින් ජනාධිපති අපේක්ෂකත්වය ගන්න බැහැ. ඉල්ලනවා නම් සිද්ධාලේප වෙදමහත්තයා ඉල්ලපු වගේ ඉල්ලන්න පුළුවන් බව මේ අවස්ථාවේ කියනවා.

ඉදිරි දිනක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් එනවා ඔවුන් ලබාදුන් ණය ක්‍රියාත්මක ආකාරය ගැන සොයා බලන්න එහිදී මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද,

ඕන කෙනෙක්ට ගණන් හදල බලන්න පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකය ඩොලර් මිලියන 330 ඒක රුපියල් වලින් 320න් වැඩි කරාම බිලියන 106යි අපි රජය සේවකයන්ට මාසෙකට පඩි ගෙවනවා රුපියල් බිලියන 120ක් ඒ නිසා සන්දර්ශන දාලා මේක පෙන්නුවට බඩු මිල අඩු වෙලා නැහැ ලයිට් බිල අඩු වෙලා නැහැ වතුර බිල අඩු වෙලා නැහැ බෙහෙත් මිල අඩුවෙලා නැහැ බස් ගාස්තු අඩු වෙලා නැහැ මේ කරල තියෙන්නේ මිල වැඩි කරල පරිභෝජනය අඩු කරලා එතකොට පෝළිම් නැහැ ලයිට් කපන්න ඕන නැහැ ඕක ඉතින් ඕන කෙනෙකුට කරන්න පුළුවන්.

උගතුන් රට අතහැර යනවා වෛද්‍යවරුන් රට අතහැර යනවා විපක්ෂයක් විදින මෙයට ඔබතුමන්ලාට විකල්පයක් තියෙනවද,

මේ ගහන බදු වල හැටියට ඒ අයට මෙහෙ ඉන්න බැහැ අන්තිම වෛද්‍යවරයාත් රට අතහැරලා ගියාට පස්සේ තමයි ලක්ෂ හැට නමයක කට්ටියට තේරෙන්නේ ඒගොල්ලො කරපු වැරැද්ද මොකක්ද කියලා ඇත්තටම වෛද්‍ය වෘත්තිය විශේෂ වෘත්තියක් ඒ පිළිබඳව වෙනමම සලකලා බලන්න ඕනේ විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු කියන්නේ වෙනම වෘත්තියක් ඒගොල්ලොත් රට අතහැර යනවා ඒ පිළිබඳව වෙනම සලකලා බලන්න ඕන සමෘද්ධි නිලධාරියෙක් වෛද්‍යවරයෙක් ට සමාන කරන්න බැහැ ග්‍රාම නිලධාරී වරයෙක් ගානට වෛද්‍යවරයෙක් දාන්න බැහැ ඒ නිසා මේ අය යන බව තේරෙනවා නම් හේතුව මොකද්ද කියලා හොයලා ඒකට විසඳුම ලබා දෙනවා වෙනවට වෙන විකල්පයක් නැහැ. වෛද්‍යවරයෙකුට වෛද්‍යවරයෙක් විදියට ජීවත් වීමේ අවස්ථාවක් සලසා දිය යුතුයි එහෙම කවුරුත් දෙන්නේ නැහැ.

සෞඛ්‍ය ප්‍රශ්නයේදී ඊයේ දිනයේත් කුඩා දරුවෙක් ගේ ඇස් පෙනීම නැති වුණා ඖෂධ වගයක් පාවිච්චි කරලා මේ තත්ත්වයේදී මෙම මරණ සම්බන්ධයෙන් හෝ සාධාරණ පරීක්ෂණයක් සිදු වෙයිද කියලා විශ්වාසයක් තියෙනවද,

ඒක තමයි අපි විශ්වාසභංගයක් ගෙනත් තියෙනවා. මේ විදියට මිනී මරන්න උදව් කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කවුද කියන එක විශ්වාසභංග යෙදී හෙළිවෙයි. මිනිස්සු මැරෙනවා බල්ලො බලල්ලු වගේ ආණ්ඩුවට ගානක්වත් නැහැ සාධාරණ පරීක්ෂණයක් වත් නැහැ ඒ ඔක්කොම යට ගහලා වෙන වෙන ඒවා දාන්න හදනවා ඒ නිසා මේවා සහගහන අපරාධ මිනිහෙකුට ජීවත්වීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් බව මතක් කළ යුතුයි.

හරීන් ප්‍රනාන්දු සංචාරක ඇමැතිවරයා පසුගිය දා කියනවා සමගි ජන බලවේගය තානාපතිවරුන් හමු වෙලා රටේ තත්වය හොඳ නැහැ සංචාරකයන්ට එන්න එපා කියනවා කියලා ඒ සම්බන්ධයෙන් ඔබතුමා මොකද කියන්නේ

එය පට්ටපල් බොරුවක් මොකද හේතුව ඊයේ පෙරේදා ජාත්‍යන්තර ආයතනයක ප්‍රධානීන්ව ගෙනල්ලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සෘජුව ණය ද ලබා දෙන්න කියලා යෝජනා කළේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහත්වරුන් ආවම ඔව් අපේ රටට මේ පහසුකම් ලබා දෙන්න කියලා කිව්වා. මට මතකයි ඕස්ට්‍රේලියානු දූත පිරිසක් ආපු වෙලාවේ මමත් සහභාගි වුනා නායක තුමා සමග ඔවුන් ඩොලර් මිලියන 50 ක ප්‍රදානයක් කරනවා කිව්වා අපි කිව්වා ඊට අමතරව credit line එකක් ලබා දෙන්න කියලා Veet වලට මෝල් හිමියන් වැටෙන නිසා අපි වගකිව යුතු විපක්ෂයක් අපට බලය විතරක් ලොකු නැහැ ඇමතිකම් ලොකු නැහැ අපිට මිනිස්සු බලය ලබාදෙන්නේ ඇමතිකම් ලබා දෙන්නේ වැඩ කරලා රට ගොඩ දාලා ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න සහ ඔවුන් මිරිකිලා ඉන්න පීඩනයෙන් එලියට ගන්න එහෙම ගන්නේ නැතුව චූන් එකට ඇමතිකම් අරන් වැඩක් නැහැ.

SendShareShare
Previous Post

සාකච්ඡාවකට එනවාද? යුද්ධයකට එනවාද? දොස්තරවරු ජනාධිපති කාර්යාලයට එද්දී පොලිසියයි හමුදාවයි ආරක්ෂාවට දාලා තිබ්බ හැටි බලන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Next Post

පිහිඇනුම් ඉස්කෝලවලටත් යයි! කරන්දෙණියේ 11 වසරේ සිසුවාට 12 වසරේ සිසුවෙක් පිහියකින් ඇනලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.