• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යූ ටියුබ් එකෙන් මිනිසුන් බය කරන ජ්‍යෝතිෂය විහිළුවක් කරන මේ රැල්ලට අහුවෙන්න එපා I Sri Lanka Latest News

August 17, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට මාස ගානකට හෝ අවුරුද්දකට හමාරකට හෝ කලින් ‘ජ්‍යොතිෂ විද්‍යාව’ අපේ රටේ මේනියාවක් වෙලා තිබුණු වග කොයි කාට වුණත් අමතක නැතුව ඇති. තවත් විදියකට කියනවා නම් ඒක ටේ‍රන්ඩ් එකක් වෙලා තිබුණා කිව්වොත් තවත් සරලයි. හැම ටීවී චැනල් එකක වාගෙම, එෆ්.එම්. චැනල් එකක වාගෙම ජාති ජාති නම්ගම් තියෙන ජ්‍යොතිෂවේදීන් එක පෙළට අසුන් ගන්වලා අතේ පැලවෙන පට්ටපල් බොරු දෙසාබෑවෙත් මේ කාලයෙම තමයි.(Sri Lanka Latest News)

අනේ ඉතිං ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න අපේ අසරණ අසන්නන් නරඹන්නන් තමන්ගේ හෝ තමන්ගෙ පවුලේ හෙණහුරා ලබලා ඉන්නවාය කියලා අනුමාන කරන ගෝතයාගේ පැටිකිරිය මේ ඊනියා සාස්තරකාරයෝ ඉස්සර මුළු රටටම ඇහෙන්න නාහෙන් අඬ අඬා කියනකොට මුසාවාද කියා ජ්‍යොතිෂවේදීන් උන් නළවනකොට ලස්සනට ඇඳගෙන කරගෙන වැඩසටහන මෙහෙයවන ඇත්තොත් ඒවාට උඩගෙඩි දුන්නා. බලාගෙන ගියාම සාස්තරකාරයෝ කළේ උන්ගෙ රස්සාව. වැඩසටහන මෙහෙයවපු ඇත්තො කළේ උන්ගෙ රස්සාව. අතේ තිබුණු කීය හරි නැතිකරගෙන සාස්තරකාරයෝ කියන විදියට වැඩ කරන්න ගිහින් කබලෙන් ළිපට වැටුණේ ඒ මුසාවාද විශ්වාස කරපු රටේ අහිංසක මිනිස්සු විතරයි.

ඒත් අපේ මිනිස්සු හැදුණද? තවමත්, අදටත් හැදිලා නැති ගානයි පේන්නෙ…

කොහොමද එහෙම කියන්නෙ? කොරෝනා උවදුරෙන් පස්සේ රාජපක්ෂ ආණ්ඩුව රඟපු රැඟිල්ලත් එක්ක ජීවන වියදම අහස උසට නැග්ගට පස්සෙ, ජ්‍යොතිෂවේදියා නිකං පෙන්ෂන් ගිය පොලිස්කාරයාගේ තත්ත්වයට වැටුණෙ නැද්ද?

නැහැ. හරියටම ඒක ටක්කෙටම සිද්ධ වුණේ නැහැ. හිතලා බලන්න. ජ්‍යොතිෂය කියන්නෙ හාස්කම් පෙන්නන්න පුළුවන් කලාවක් නොවේ කියන එක අපේ මිනිස්සු තේරුම් ගත්තා නම් යූටියුබ් හරහා ආයෙම සාස්තර අහන්න පුරුදු වෙයිද?

මොනවා, යූටියුබ් හරහා සාස්තර අහන කලාවකුත් බිහිවෙන්න අරගෙනද?

නොදන්න එක පුදුමයි. අද අලුත්ම ටේ‍රන්ඩ් එක සහ ෆැෂන් එක තමයි යූටියුබ් එකෙන් සාස්තර කියන එක.

සාස්තර කලාව ඒ තරම්ම අභාවයට ගිහින්ද?

සාස්තර කලාව අභාවයට යන්නෙ නම් යූටියුබ් එකෙන් සාස්තර කියන්න ගත්ත හින්දා නෙවෙයි. සාස්තර කලාව අභාවයට යන්න ගත්තෙ ඊට කලින්. දෙපැත්තටම නැතුව කියනවා නම්, ජ්‍යොතිෂය කියන්නෙ එහෙම නැත්නම් ඇස්ට්‍රොලොජි කියන්නේ අවුරුදු දස දහස් ගානක් ඈතට විහිද ගිය හරි අද්විතීය කලාවක්. ඒ අද්විතීය කලාව තුළ කදිම සත්‍යතාවක් යම් විටෙක තියෙන බවද ලොව පුරා ප්‍රචලිත සෑම දහමක් විසින් පවා සාක්ෂි සහිතව පෙන්වූ අවස්ථා අප්‍රමාණයි. ඉඳහිටක යම් අවස්ථාවක එහා මෙහා වුණාට ගැහැනු දරුවකුගේ කොටහලු මංගල්‍යවලදී බලන සුබ අසුබ නිමිතිවලදී ජ්‍යොතිෂ කලාව තම සත්‍යතාව මෙන්ම අනන්‍යතාවද තහවුරු කළ තැන් එමට තිබුණා. ඒ හින්දා ජ්‍යොතිෂය ගැන දෙකේ කොලේට දාලා කතාකරන්න කලින් එහි වැදගත්කම ගැනද නොකියාම බැහැ.

එච්චර වැදගත්කමක් තියෙන ජ්‍යොතිෂ කලාව පස්සෙ කාලෙක දෙකේ කොලේට වැටෙන්නෙ කොහොමද?

හරියටම කියනවා නම් එතැන වුණේ සාස්තරය සහ නිමිත්ත ගින්දර ගානට විකුණගෙන කන මුදලාලිලා බුරුතු ගණන් ජ්‍යොතිෂය තුළ බිහිවෙන්න ගත්ත එකයි. ඒ කාලේ බුලත් අතක කැමැති ගානක් තියලා දුන්නාම බොහොම සතුටින් සතර පෙරනිමිති කියපු ගුරුන්නාන්සෙලා වෙනුවට පස්සෙ කාලෙක මොනර කඩදාසිවලට අතේ පැලවෙන බොරු කියපු මුදලාලිලා පෝලිමට එන්න ගත්තා. අපල උපද්‍රව තියෙනවා, හතර කේන්දරේ පාළුයි, රාහු හිස මුදුනේ, ඒරාෂ්ටක අපලයක් තියෙනවා කියා තමන් වෙත එන අසරණ මිනිසුන්ව නොමග යවන මොවුහු, නිමිති කියන්න ගත්තාම වැඩිය දෙබරාදු ගණන් අරගෙන ශාන්තිකර්ම කරලා දෙන්නත් පොරොන්දු වෙති.

ඒ මුදලාලි සාස්තර කලාව ඇත්ත එකක් වුණා නම් 2019 අවුරුද්දෙ පුපුරා ගිය පාස්කු බෝම්බය ගැන ඔවුන්ට නොදැනුණේ ඇයි?

කොරෝනා වැනි වසංගතයකින් ලංකාව ලොක්ඩවුන් වන බව ඔවුන්ට වැටහුණේ නැත්තේ ඇයි?

දරාගන්නට බැරි ආර්ථික කඩාවැටීමකට ලංකාවේ මිනිසුන් මුහුණ දෙන බව ඔවුන්ට යන්තමටවත් දිවැසකින්වත් නොපෙනුණු පුදුමය මොකක්ද? ඒ වාගෙම 2019දී ජ්‍යොතිෂ මුදලාලිලා පාට පාට අමු රෙදිවලින් මැසූ කමිස සහ සරොම් ඇඳගෙන ඇවිත් එකට ඉඳගෙන කිරි ගහට මෝල් ගහෙන් ඇන්නා වාගේ ටක්කෙට හරියනවා යැයි කියා සපථ කොට පැවසූ තවත් එක නිමිත්තක් විය.

ඒ, ගෝඨාභය ආණ්ඩුව යටතේ සිරිලක රාජ්‍යය කිරියෙන් පැණියෙන් උතුරු යනවා යැයි කියලාය.
සිදුවූයේ කුමක්ද?

සියල්ල සම්පූර්ණයෙන්ම කණපිට පෙරළුණේය.

ඒ අව් අස්සේ රාජපක්ෂ රජ මැඳුරට ආවඩන්නට පැමිණි ඥානක්කාද ඇල්ලූ අඩව් කස්තිරම් හරහා ජ්‍යොතිෂය තව තවත් විහිළුවක් නාඩගමක් වන්නට ගත්තේය. උන්දැගේ රතු පටියෙහි හාස්කම කොතෙක්දැයි කියනවා නම් වැඳුම් පිදුම් මැද මහේශාක්‍යව දවස ගෙවූ රාජපක්ෂලාට ශ්‍රී ලංකාවාසීහු ‘නිවන් සුව’ පතන්නට ගත්හ.

ජ්‍යොතිෂය අපේ මිනිසුන්ට එපාම වූ කතන්දරය ඒකය. අතේ පැලවෙන බොරු දෙසාබෑ ජ්‍යොතිෂ මුදලාලිලාව ටීවී චැනල්වල උදෑසන වැඩසටහන්වලින් දොට්ට දැමූ කතාව ඒකය. අවුරුද්දකට හමාරකට ජ්‍යොතිෂ රැල්ල අභාවයට ගිහින් තිබිණි. ජ්‍යොතිෂවේදියෝ තම තමන්ගෙ ගෙවල්වලට වී පාඩුවේ හරිහම්බ කරගත්හ.

හැලහැප්පීම් මැද ගෙවී යන කාලය අතරතුර ඔන්න ආයෙම ජ්‍යොතිෂය නැවත විකාරයක් වෙන්නට පටන් ගෙන ඇත. ඒ, යූටියුබ් කලාව හරහාය. එතැන අණසක පතුරන්නේ කෝඩුකාර සාස්තරකාරයෝය. නමක් ගමක් දන්නේ නැති උන්දැලාය. බොරු කිව්වාය කිව්වත් හරියකට නිමිත්ත හඳුනාගන්නට බැරිව ‘මකබෑවී යන රටකට කිරි උතුරනවා’ය කියා බොරු කිව්වත්, ඉහත කී ජ්‍යොතිෂ මුදලාලිට තිබූ සාමාන්‍ය සාස්තර කලාවවත් යූටියුබ් රැල්ලට සාස්තර කියන උන්ට පිහිටා නැත. උන් කටට එන තාලෙට නිමිති කියති. සාස්තර බලති. එහි කිසිදු අනන්‍යතාවක් නැත.

එකී අනන්‍යතාවක් නැති වුවද ජය පහට උන්දැලාගේ ජ්‍යොතිෂ වෙළෙඳාම නැගලා යන සෙයක් දැනෙන්නට පෙනෙන්නට ඇත. එහෙම වෙන්නේ කවමදාකවත් කිසිම දේකින් පාඩමක් ඉගෙන නොගන්නා පිරිසක් තවමත් සිටින නිසාය. අඩුම තරමින් සාස්තර කියන අය සාස්තර කලාව ප්‍රගුණ කොට තියෙන්නේද? ඔවුන්ට ඇති සුදුසුකම හෝ දැනුම තම වෙලාව හෝ නිමිත්ත බලන්නට සෑහේද කියාවත් සාස්තරය අසන අය දන්නේ නැත.

අද කාලේ පඳුරකට ගසන සැණින් සාස්තරකාරයන් එක රොත්තට විසිවී යන කලාවට අනුව බලන කොට මේ යූටියුබ් සාස්තරකරුවන් බිහිව ඇත්තේද ඒ තාලෙට වන්නට ඇත. යූටියුබ් මාධ්‍ය කලාව කියන්නේ සුළුතරයක් යහපත් දේ සඳහා භාවිතයට ගන්නා, බහුතරයක් කුණුහරුප වපුරමින් අනුන්ට මඩ ගසන්නට භාවිතයට ගන්නා විද්‍යුත් මෙවලමකි. ඕනෑම විගඩමක් එළිදක්වන්නට හැකි සීමා මාඉම් නීති නොතකන මේ විපරීත කලාව දැන් ජ්‍යොතිෂ විද්‍යාවද බහුබූතයක් කිරීම ආරම්භ කොට ඇත.

මෙහි අවසානය කුමක්ද?

‘ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයි’ කියන උපහැරණයට අනුව මිනිස්සු කටයුතු කළේ ඒකය. අද මිනිස්සු හිතන තාලය අමුතුය. ගිනි පෙනෙල්ලකින් පහර කෑවත් ආයෙම වතාවක් දෙකොනම ඇවිළ ගිය ගිනි පෙනෙල්ලක් පෙනෙද්දීවත් උන් එයට බය වන්නේ නැති ගානය. ජ්‍යොතිෂ කලාව කෙසේ වෙතත් රාජපක්ෂ පවුලේ කට්ටිය වේදිකාගත වන මීටින්වලට උන් තවමත් යන්නේද ඒකය.

කෙසේ වෙතත් ජ්‍යොතිෂය වැනි වැදගැම්මක් ඇති කලාවක් යූටියුබ් වැනි නීතියක් සදාචාරයක් නැති මාධ්‍යයක විහිළුවක් වීම දුක හිතෙන කාරණයකි. එයට වඩා තවත් හිතට දුක කාරණයක් වන්නේ මෑතකදී පුස්සක්ව ගිය විකාරරූපී ජ්‍යොතිෂයට අපේ මිනිසුන් නැවත නතු වෙමින් සිටීමය.
මෙවැන්නවුන් සිටිනතුරු ජ්‍යොතිෂයෙහි වැදගත්කම සහ අනන්‍යතාව වටිනාකමක් ලැබෙන්නේද නැත.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පවුල් ජීවිතේ එපාවී ලංකාවෙ කොල්ලෙක් කැනඩා බිරියව මහල් නිවාසයෙන් බිමට තල්ලු කරලා! පස්සෙ කොල්ලත් පැනලා! කෙල්ල බේරිලා! කොල්ලා මැරිලා! Sri Lanka Latest News

Next Post

දොස්තර කෙනෙක් වේදිකාවේ හඬා වැටෙමින් කියපු අපේ රටේ මහා ඖෂධ ඛේදවාචකය I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.