එක්සත් ජාතික පක්ෂයේ හදවත ෙලෙස සැලකෙන මුලු නුවර දිස්ත්‍රික්කයම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක් වීමට අද (05) තීන්දු කළේය.
නුවර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීන්දුව ගෙන තිබේ.
මෙම තීන්දුව ගැනීමේදී කිරිඇල්ල මහතා නුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් 218 දෙනාටම ආරාධනා කර තිබූ අතර ඉන් 198 දෙනකු ඊට සහභාගී වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. නුවර නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී සිටින ආකාරයක්ද දැකගත හැකි විය.
එහිදී කිරිඇල්ල මහතා යෝජනාවක් ඉදිරිපත් කරමින් සදහන් කර ඇත්තේ ඉදිරි මහමැතිවරණයේදී සජිත් පිලෙන් තරග වැදීමට සූදානම් පිරිස තම කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කරන ලෙසටය.
එම යෝජනාවට ප්‍රතිචාර දක්වමින් සියලු දෙනාම ඒකමතිකව සදහන් කර ඇත්තේ ප්‍රේමදාස මහතාගේ නව සන්ධානය යටතේ තරග වැදිය යුතු බවකි.
ඉන් අනතුරුව මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කොට ඇත්තේ යම් හෙයකින් එජාපය අලියා ලකුණ යටතේ වෙනම තරග වැදීමට තීන්දු කළහොත් ගන්නා පියවර කුමක්ද යන්නය.
එහිදීද රැස්ව සිටි පිරිස සදහන් කොට ඇත්තේ එසේ වුවද සියලු දෙනාම ප්‍රේමදාස මහතාගේ නව සන්ධානය යටතේ තරග වැදීමට කටයුතු කළ යුතු යැයි කියාය.
ඒ අනුව අවසානයේදී පිරිස තීන්දු කර ඇත්තේ හෙට (06) සිටම ප්‍රේමදාස මහතාගේ නව සන්ධානය සමග එක්ව ඉදිරි මහමැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබදව ප්‍රේමදාස මහතා සමග සාකච්ජා කිරීමටය.










