නාරම්මල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් හය දෙනකු විෂ වර්ගයක් ශරීරගත වීමෙන් නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි නාරම්මල පොලීසිය පවසයි. (Sri Lanka Latest News)
පානීය ජල බෝතල්වලට කිසියම් විෂ ද්‍රව්‍යක් කලවම් කර ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.
පාසලේ සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙලිකර ගෙන ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සිසුවියද එම පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන අතර ඇය ද රෝගී වී රෝහල් ගතකර ඇත.
එම විදුහලේ ශිෂ්‍ය නායක පදවිය සඳහා ඇතිවී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදක වූයේ දැයි පොලිසිය සැක කරයි.
ජලයට මිශ්‍රවී ඇති වල් නාශකය එතරම් ප්‍රබල නොවීම හේතුවෙන් සිසුවියන්ගේ ජීවිතවලට අනතුරක් වී නැති බව පොලීසිය පවසයි.
lankadeepa










