හිඟුරක්ගොඩ සිංහගම අලුත්ඔය කනිෂ්ඨ විද්‍යාලයේ දැඩි ගුරු හිඟයක් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ (14) එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධාන කරමින් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ එම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.
උද්ඝෝෂණය අවස්ථාවේ සංචාරකයන් රැගත් බස් රථයක් මාර්ගයේ ගමන් කළ අතර, උද්ඝෝෂකයන්ට සහාය පළකිරීමට එම සංචාරකයන් කටයුතු කරන අයුරුද දැකගන්නට ලැබුණා.
Dasatha Lanka News










