ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටුවේ දේශපාලන වේදිකාවට ගොඩවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.
අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධීපතිවරයා මේ බව අනාවරණය කර සිටියේය.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ජනාධිපතිවරයා පොහොට්ටුවේ සාමාජිකයකු නොවන නිසා මහමැතිවරණයේදී මධ්‍යස්ථව සිටීම යහපත් නොවේදැයි කියාය.
නමුත් ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙරම පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් බවත්, තුනෙන් දෙකක බලය සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිකිරීම සදහා තමන් එසේ මහමැතිවරණයේදී පොහොට්ටු වේදිකාවට ගොඩ වන බවත්ය.










