ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වත්මන් ක්‍රියාකලාපය මුල්කරගෙන එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ දිනවල දැඩි කලකිරීමට පත්ව සිටින බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පසුගිය දිනෙක සිරිසේන මහතා පොලොන්නරුවේදී කළ උකුසු කතාව සහ පක්ෂය පසෙක තබා ඔහුගේ රුව පමණක් යොදාගනිමින් සියලුම ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කිරීම මේ සදහා හේතු වී ඇති බවකි.
මේ පිළිබදව ඉතාම කලකිරීමෙන් යුතුව අදහස් දක්වා ඇති ජයසේකර මහතා මෙවන් පුද්ගලයකු සමග කිසිසේත්ම ඉදිරි දේශපාලන ගමනක් යා නොහැකි බව ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට තිබේ.
එමෙන්ම පොහොට්ටුවේ ප්‍රධානීන් සමගද ජයසේකර මහතා මේ පිළිබදව ඉතා කනගාටුවෙන් යුතුව අදහස් ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට ඇත.










